Skip to content

පටුනට යන්න

6වෙනි කොටසට හැඳින්වීම

6වෙනි කොටසට හැඳින්වීම

ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ආවාට පස්සේ එයාලා නමස්කාර කරපු ප්‍රධාන තැන වුණේ ශුද්ධ කූඩාරම. පූජකයන් නීතිය ඉගැන්නුවා, විනිශ්චයකරුවන් මඟ පෙන්වීම් දුන්නා. කෙනෙක් ගන්න තීරණත් වැඩ කරන විදිහත් අනිත් අයට කොයි තරම් බලපානවාද කියලා මේ කොටසේ පෙන්නනවා. යෙහෝවා දෙවි වෙනුවෙනුත් අනිත් අය වෙනුවෙනුත් කරන්න වැඩ කොටසක් හැම ඊශ්‍රායෙල්වරයෙක්ටම තිබුණා. දෙබොරා, නායොමි, යොෂුවා, හන්නා, යෙප්තාගේ දුව, සාමුවෙල් වගේ අය කරපු දේවල් අනිත් අයට බලපෑවේ කොහොමද කියලා පෙන්නන්න. වෙනත් ජාතීන්වලට අයිති රාහබ්, රූත්, යායෙල්, ගිබියොන්වරු වගේ අය ඊශ්‍රායෙල්වරුන්ට දෙවිගේ උපකාරය තියෙනවා කියලා දැනගෙන ඒ අයගේ පැත්ත ගත්ත හැටි කාවද්දන්න.

මේ කොටසේ

29වෙනි පාඩම

යෙහෝවා දෙවි යොෂුවාව තෝරගත්තා

දෙවි යොෂුවාට දීපු මඟ පෙන්වීම් අපිටත් ප්‍රයෝජනවත් වෙනවා.

30වෙනි පාඩම

රාහබ් යෙහෝවා දෙවිව විශ්වාස කළා

යෙරිකෝවේ තාප්ප කඩන් වැටුණා. ඒත් ඒ තාප්පෙටම අල්ලලා හදලා තිබුණ රාහබ්ගේ ගෙදර කඩන් වැටුණේ නැහැ.

31වෙනි පාඩම

යොෂුවා සහ ගිබියොන්වරු

ඉර පායලා තියන්න කියලා යොෂුවා යාච්ඤා කළා. දෙවි ඒකට උත්තරයක් දුන්නද?

32වෙනි පාඩම

නිර්භීත කාන්තාවන් දෙන්නෙක්

යොෂුවා මැරුණාට පස්සේ ඊශ්‍රායෙල්වරු රූපවලට නමස්කාර කරන්න පටන්ගත්තා. ඊශ්‍රායෙල්වරු අමාරු තත්වයකට මුහුණ දුන්නත් බාරාක්ගෙන්, දෙබොරාගෙන් සහ යායෙල්ගෙන් උදව් ලැබුණා.

33වෙනි පාඩම

රූත් සහ නායොමි

ස්වාමිපුරුෂයන් මිය ගිහින් තිබුණු කාන්තාවන් දෙන්නෙක් ආයෙත් ඊශ්‍රායෙල් දේශයට ගියා. එක්කෙනෙක් වුණු රූත් කෙතක කරල් ඇහිඳින්න ගියාම එතනදී බෝවස් එයාව දැක්කා.

34වෙනි පාඩම

ගිඩියොන් මිදියන්වරුන්ව පරාජය කරයි

මිදියන්වරු ඊශ්‍රායෙල්වරුන්ට කරදර කරද්දී සෙනඟ යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලුවා. ගිඩියොන්ගේ පොඩි හමුදාවට මිදියන්වරු 1,35,000දෙනෙක්ව පරද්දන්න පුළුවන් වුණේ කොහොමද?

35වෙනි පාඩම

හන්නා දෙවිගෙන් පුතෙක්ව ඉල්ලයි

එල්කානා, හන්නායි පෙනින්නායි දරුවනුයි එක්ක දෙවිට නමස්කාර කරන්න ෂීලෝවල තිබුණු ශුද්ධ කූඩාරමට ගියා. හන්නා, දෙවිගෙන් පුතෙක්ව ඉල්ලලා අවුරුද්දකට පස්සේ සාමුවෙල් ඉපදුණා.

36වෙනි පාඩම

යෙප්තා දීපු පොරොන්දුව

යෙප්තා වුණු පොරොන්දුව මොකක්ද? ඒ ඇයි? ඒ පොරොන්දුව ගැන දැනගත්තම යෙප්තාගේ දුව කිව්වේ මොනවද?

37වෙනි පාඩම

යෙහෝවා දෙවි සාමුවෙල්ට කතා කරයි

උත්තම පූජක ඒලීගේ පුත්තු දෙන්නා ශුද්ධ කූඩාරමේ පූජකයන් හැටියට සේවය කළත් දෙවිට කීකරු වුණේ නැහැ. සාමුවෙල් එයාලට වඩා වෙනස්. දවසක් යෙහෝවා දෙවි සාමුවෙල්ට කතා කළා.

38වෙනි පාඩම

යෙහෝවා දෙවි සැම්සන්ට ශක්තිය දුන්නා

පිලිස්තිවරු එක්ක සටන් කරන්න දෙවි, සැම්සන්ට ශක්තිය දුන්නා. ඒත් සැම්සන්ගේ වැරදි තීරණයක් නිසා පිලිස්තිවරු එයාව අල්ලගත්තා.