Skip to content

පටුනට යන්න

7වෙනි කොටසට හැඳින්වීම

7වෙනි කොටසට හැඳින්වීම

අවුරුදු 80ක් විතර කාලයක් තිස්සේ සාවුල් රජගෙත් දාවිත් රජගෙත් ජීවිතවල වුණු සිද්ධීන් මේ කොටසේ විස්තර කරනවා. සාවුල්, දෙවිට ගරුබිය දක්වපු, නිහතමානී කෙනෙක්. ඒත් පස්සේ එයා දෙවිගේ මඟ පෙන්වීම් පිළිගත්තේ නැහැ. යෙහෝවා දෙවි එයාව රජකමෙන් අයින් කරලා දාවිත්ව රජ විදිහට අභිෂේක කරන්න කියලා සාමුවෙල්ට කිව්වා. ඊර්ෂ්‍යාවෙන් හිටපු සාවුල් කීප සැරයක්ම දාවිත්ව මරන්න හැදුවත් දාවිත් පළිගත්තේ නැහැ. යෙහෝවා දෙවි තෝරගෙන තියෙන්නේ දාවිත්ව කියලා දැනගෙන හිටපු යොනාතාන් දාවිත්ට ළැදිව හිටියා. දාවිත් අතින් බරපතළ වැරදි වුණත් දෙවි හික්මවීම් දෙද්දී එයා ඒවා පිළිගත්තා. දෙවි කියන විදිහට වැඩ කරන එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න දරුවාට උදව් කරන්න.

මේ කොටසේ

39වෙනි පාඩම

ඊශ්‍රායෙලයේ පළවෙනි රජ

දෙවි ඊශ්‍රායෙල්වරුන්ට විනිශ්චයකරුවන්ව දුන්නත් සෙනඟ රජෙක්ව ඉල්ලුවා. සාමුවෙල්, සාවුල්ව රජ විදිහට අභිෂේක කළත් පස්සේ යෙහෝවා දෙවි සාවුල්ව රජකමින් අයින් කළා. ඒ ඇයි?

40වෙනි පාඩම

දාවිත් සහ ගොලියත්

ඊශ්‍රායෙලයේ ඊළඟ රජු විදිහට යෙහෝවා දෙවි තෝරගත්තේ දාවිත්ව. ඒ තෝරගැනීම හරි කියලා දාවිත් ඔප්පු කළා.

41වෙනි පාඩම

දාවිත් සහ සාවුල්

කෙනෙක් තමන්ට වෛර කරපු කෙනෙක්ට සැලකුවේ කොහොමද?

42වෙනි පාඩම

බය නැතුව වැඩ කරපු හොඳ යාළුවෙක්

රජුගේ පුතා දාවිත්ගේ හොඳ යාළුවෙක් වුණා.

43වෙනි පාඩම

දාවිත් රජ කරපු වරද

වැරදි තීරණයක් නිසා හුඟක් ප්‍රශ්න ඇති වුණා.