Skip to content

පටුනට යන්න

8වෙනි කොටසට හැඳින්වීම

8වෙනි කොටසට හැඳින්වීම

යෙහෝවා දෙවි සලමොන්ට ප්‍රඥාවත් දේවමාලිගාව හදන්න අවස්ථාවත් දීලා හුඟක් ආශීර්වාද කළා. බොරු නමස්කාරයට සම්බන්ධ දේවල් කරපු නිසා සලමොන්, දෙවිගෙන් ඈත් වුණේ කොහොමද කියලා දරුවාට පැහැදිලි කරන්න. සලමොන් පාලනය කරපු රාජ්‍යය දෙකට බෙදුණා. දෙවිට අකීකරු වුණු රජවරු නිසා දේශයේ බොරු ඉගැන්වීම් පැතිරුණා. රූපවලට නමස්කාර කරන්නත් පටන්ගත්තා. යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටිය අනාගතවක්තෘවරුන්ට පීඩා කරලා මැරුවා. යෙසබෙල් රැජින නිසා මුළු උතුරු රාජ්‍යයේම බොරු ඉගැන්වීම් පැතිරුණා. තත්වය ඒ තරම්ම නරක අතට හැරිලා තිබුණත් යෙහෝෂපාට් රජ සහ අනාගතවක්තෘ එලියා වගේ තව හුඟදෙනෙක් දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා.

මේ කොටසේ

44වෙනි පාඩම

යෙහෝවා දෙවිට දේවමාලිගාවක්

දෙවි සලමොන්ගේ යාච්ඤාව පිළි අරන් එයාට ගොඩක් ආශීර්වාද කළා.

45වෙනි පාඩම

රාජ්‍යය දෙකට බෙදෙයි

හුඟක් ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවිට සේවය කරන එක නතර කළා.

46වෙනි පාඩම

කර්මෙල් කන්දේදී කරපු පූජාව

සැබෑ දෙවි කවුද? යෙහෝවා දෙවිද නැත්නම් බාල්ද?

47වෙනි පාඩම

යෙහෝවා දෙවි එලියාව ශක්තිමත් කළා

ඔයාව ශක්තිමත් කරන්නත් දෙවිට පුළුවන්ද?

48වෙනි පාඩම

වැන්දඹුවකගේ පුතාට ආයෙත් ජීවිතය ලැබෙයි

එකම ගෙදරකදී ආශ්චර්යයන් දෙකක්

49වෙනි පාඩම

නපුරු රැජිනකට ලැබුණු දඬුවම

නාබොත්ගේ මිදිවත්ත අයිති කරගන්න ඕනෙ නිසා යෙසබෙල් එයාව මැරුවා. එයාගේ දුෂ්ටකම යෙහෝවා දෙවි දැක්කා.

50වෙනි පාඩම

යෙහෝවා දෙවි යෙහෝෂපාට් රජුට උදව් කළා

සතුරන් යුද්ධ කරන්න එද්දී යෙහෝෂපාට් රජ යෙහෝවා දෙවිගෙන් උදව් ඉල්ලුවා.