Skip to content

පටුනට යන්න

9වෙනි කොටසට හැඳින්වීමක්

9වෙනි කොටසට හැඳින්වීමක්

මේ කොටසේ තියෙන්නේ යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටිය තරුණයන්, අනාගතවක්තෘවරුන් සහ රජවරුන් ගැන. ඊශ්‍රායෙල් ජාතික පුංචි දුවෙක්ට ලොකු විශ්වාසයක් තිබුණා යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක්ට කියලා නාමන්ගේ ලාදුරු ලෙඩේ හොඳ කරගන්න පුළුවන් කියලා. එලිෂා විශ්වාස කළා යෙහෝවා දෙවි එයාව බේරගනියි කියලා. උත්තම පූජක යෙහෝයාදා ජීවිතේ අනතුරේ දාලා යෙහෝයාෂ්ගේ නපුරු ආච්චිගෙන් එයාව බේරගත්තා. යෙහෝවා දෙවි යෙරුසලම බේරගන්නවා කියලා විශ්වාස කරපු හෙසකියා රජ ඇසිරියානුවන්ට බය වුණේ නැහැ. යොෂියා රජ මුළු දේශයෙන්ම රූප නමස්කාරය නැති කරලා, දේවමාලිගාව ආයෙත් හදලා, මුළු ජාතියටම සැබෑ නමස්කාරයේ යෙදෙන්න අවස්ථාව හදලා දුන්නා.

මේ කොටසේ

51වෙනි පාඩම

හමුදාපතියෙක් සහ පුංචි දුවෙක්

යෙහෝවා දෙවිට තියෙන බලය ගැන ඊශ්‍රායෙල් දැරිය එයාගේ ස්වාමිදුවට කියපු නිසා පුදුම දෙයක් සිද්ධ වුණා.

52වෙනි පාඩම

යෙහෝවා දෙවිගේ හමුදාව

සතුරු හමුදාවට වඩා ‘වැඩිදෙනෙක් අපිත් එක්ක ඉන්නවා’ කියලා එලිෂා තේරුම්ගත්තේ කොහොමද?

53වෙනි පාඩම

යෙහෝයාදාගේ නිර්භීතකම

විශ්වාසවන්ත පූජකයෙක් නපුරු රැජිනකට විරුද්ධ වෙයි.

54වෙනි පාඩම

යෙහෝවා දෙවි යෝනා ගැන ඉවසුවා

දෙවිගේ අනාගතවක්තෘවරයාව මාළුවෙක් ගිලින්න හේතු වුණේ මොකක්ද? එයා බේරුණේ කොහොමද? යෙහෝවා දෙවි එයාට උගන්වපු පාඩම මොකක්ද?

55වෙනි පාඩම

යෙහෝවා දෙවිගේ දූතයා හෙසකියාව ආරක්ෂා කළා

යුදෙව්වන්ගේ සතුරන් කිව්වේ යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟව ආරක්ෂා කරන්නේ නෑ කියලයි. ඒත් එයාලා කිව්වේ ඇත්තක් නෙවෙයි.

56වෙනි පාඩම

යොෂියා යෙහෝවා දෙවිගේ නීතිය පිළිපැද්දා

යොෂියා අවුරුදු අටේදී රජ වුණා. යෙහෝවා දෙවිට නමස්කාර කරන්න එයා සෙනඟට උදව් කළා.