Skip to content

පටුනට යන්න

10වෙනි කොටසට හැඳින්වීම

10වෙනි කොටසට හැඳින්වීම

මුළු විශ්වයේම රජ යෙහෝවා දෙවි. හැම දෙයක්ම තියෙන්නේ ඔහුගේ පාලනය යටතේ. ඒක එදත් අදත් ඉස්සරහටත් එහෙමයි. එදා යෙරෙමියාව ගැඹුරු ළිඳකට දාලා මරන්න හදද්දී දෙවි එයාව බේරුවා. ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝව ගිනි උදුනෙනුත් දානියෙල්ව සිංහයන්ගෙනුත් බේරගත්තා. යෙහෝවා දෙවි එස්තර්ව ආරක්ෂා කරපු නිසා එස්තර්ට පුළුවන් වුණා එයාගේ සෙනඟව බේරගන්න. යෙහෝවා දෙවි නපුරු දේවල් හැමදාම තියෙන්න ඉඩ දෙන්නේ නැහැ. නෙබුකද්නෙෂර් දැක්ක විශාල රූපයෙන් සහ ගසෙන් පෙන්නුවේ යෙහෝවා දෙවිගේ ආණ්ඩුව අනාගතයේදී මේ ලෝකයේ තියෙන හැම නපුරු දෙයක්ම ඉවත් කරලා පොළොව පාලනය කරනවා කියලයි.

මේ කොටසේ

57වෙනි පාඩම

යෙරෙමියා දිගටම දේශනා කළා

යූදා දේශයේ වැඩිමහල්ලන්ට කේන්ති ගියේ මේ අනාගතවක්තෘවරයා කියපු මොන දේ නිසාද.

58වෙනි පාඩම

යෙරුසලම විනාශ වෙයි

යූදා සෙනඟ දිගටම බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු නිසා දෙවි එයාලව සතුරන්ගේ අතට පත් වෙන්න ඉඩහැරියා.

59වෙනි පාඩම

යෙහෝවා දෙවිට කීකරු වුණු යෞවනයන් හතරදෙනෙක්

යෞවන යුදෙව්වන් හතරදෙනා බැබිලෝනියේ රජමාලිගාවේ හිටියත් යෙහෝවා දෙවිට ළැඳිව ඉන්න අදිටන් කරගෙන හිටියා.

60වෙනි පාඩම

හැමදාටම තියෙන රාජ්‍යයක්

නෙබුකද්නෙෂර් දැක්ක හීනේ තේරුම දානියෙල් විස්තර කළා.

61වෙනි පාඩම

එයාලා රූපයට වැන්දේ නැහැ

ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ බැබිලෝනියේ රජුගේ රූපයට වැන්දේ නැහැ.

62වෙනි පාඩම

හීනෙන් දැකපු ගහේ තේරුම

නෙබුකද්නෙෂර් රජ හීනෙන් දැක්කේ ඔහුගේම අනාගතයයි.

63වෙනි පාඩම

බිත්තියේ ලියැවුණු අකුරු

අතක් මතු වෙලා බිත්තියේ අකුරු ලිව්වේ මොන වෙලාවෙද? ඒ වචනවලින් අදහස් වුණේ මොකක්ද?

64වෙනි පාඩම

දානියෙල් සිංහ ගුහාවේ

දානියෙල් වගේ යෙහෝවාදෙවිට හැමදාම යාච්ඤා කරන්න!

65වෙනි පාඩම

එස්තර් එයාගේ සෙනඟව බේරගත්තා

දෙමාපියන් නැති, වෙන ජාතියකට අයිති එස්තර් රැජිනක් වුණා.

66වෙනි පාඩම

එස්රා දෙවිගේ නීතිය ඉගැන්නුවා

එස්රා කියපු දේ ඇහුවට පස්සේ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට විශේෂ පොරොන්දුවක් වුණා.

67වෙනි පාඩම

යෙරුසලමේ තාප්ප

සතුරන් පහර දෙන්න සූදානම් වෙනවා කියලා නෙහෙමියා දැනගත්තා. එයා බය වුණේ නැත්තේ ඇයි?