Skip to content

පටුනට යන්න

14වෙනි කොටසට හැඳින්වීම

14වෙනි කොටසට හැඳින්වීම

මුල් ක්‍රිස්තියානීන් පොළොවේ දුර ඈත කෙළවරවල්වල ඉන්න අයටත් ශුභාරංචිය දේශනා කළා. දේශනා කරන්න ඕනෙ කොහෙද කියලා එයාලට මඟ පෙන්වීම් දුන්නේ යේසුස්. ඒ වගේම වෙනත් භාෂාවලින් මිනිසුන්ට උගන්වන්නත් එයාලට බලය දුන්නා. දරුණු පීඩා විඳින්න එයාලට සිද්ධ වුණත් නිර්භීතව දේශනා කරන්න අවශ්‍ය ශක්තිය යෙහෝවා දෙවි එයාලට දුන්නා.

යෙහෝවා දෙවිගේ තේජස ගැන දර්ශනයක් යේසුස් යොහන්ට පෙන්නුවා. තවත් දර්ශනයකදී යොහන් දැක්කා දේවරාජ්‍යයෙන් සාතන්වත් ඔහුගේ පාලනයත් නැති කරනවා. යේසුස් 1,44,000දෙනෙක් එක්ක රජකම් කරනවත් මුළු පොළොවම පාරාදීසයක් වෙලා හැමෝම එකමුතුව යෙහෝවා දෙවිට නමස්කාර කරනවත් යොහන් දැක්කා.

මේ කොටසේ

94වෙනි පාඩම

ගෝලයන්ට දෙවිගේ බලය ලැබෙයි

දෙවිගේ බලය නිසා එයාලට කරන්න පුළුවන් වුණේ මොකක්ද?

95වෙනි පාඩම

එයාලව නතර කරන්න කිසි දේකට බැරි වුණා

යේසුස්ව මරලා දාපු ආගමික නායකයන් දැන් උත්සාහ කරන්නේ ගෝලයන්වත් නිහඬ කරන්නයි. ඒත් ඒක කරන්න එයාලට බැහැ.

96වෙනි පාඩම

යේසුස් සාවුල්ව තෝරගනියි

සාවුල් ක්‍රිස්තියානීන්නට හුඟක් පීඩා කරන කෙනෙක්. ඒත් එයා වෙනස් වෙනවා.

97වෙනි පාඩම

කොර්නේලියස්ට දෙවිගේ බලය ලැබෙයි

යුදෙව්වෙක් නොවුණු මේ මිනිසාගේ ගෙදරට දෙවි පේතෘස්ව යැව්වේ ඇයි?

98වෙනි පාඩම

ශුභාරංචිය හුඟක් රටවල පැතිරුණා

පාවුල් වගේම එයාත් එක්ක ගිය අයත් ඈත රටවල දේශනා කළා.

99වෙනි පාඩම

සිරගෙයි භාරකරු ශුභාරංචිය පිළිගනියි

භූතයෙක්, භූමිකම්පාවක්, කඩුවක් මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

100වෙනි පාඩම

පාවුල් සහ තිමෝති

හොඳ යාළුවන් විදිහට දෙවිට සේවය කරපු මිනිසුන් දෙන්නෙක්.

101වෙනි පාඩම

පාවුල් රෝමයට ගිය ගමන

ගමනට මොන බාධකයක් ආවත් මේ නියෝජිතයා ඒවා බාධාවක් කරගත්තේ නැහැ.

102වෙනි පාඩම

අනාගතය ගැන යොහන් දැක්ක දර්ශන

යේසුස් යොහන්ට අනාගතය ගැන දර්ශන මාලාවක් පෙන්නුවා.

103වෙනි පාඩම

“ඔබගේ රාජ්‍යය පැමිණේවා!”

දෙවිගේ රාජ්‍යයෙන් පොළොවේ කරන වෙනස්කම් ගැන යොහන්ට දුන්න දර්ශනවලින් එළිදරව් වුණා.