Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 92

දෙවිගේ නාමයට කැප කළ ගෘහය

දෙවිගේ නාමයට කැප කළ ගෘහය

(1 ලේකම් 29:16)

  1. 1. ගෘ-හ-යක් ඔ-බ වෙ-නු-වෙන්-ම

    සෑ-දී-ම භා-ග්‍ය-යක් වේ-ය

    දෙව්-නි පු-ද-මු ඒ ගෘ-හ-ය

    ඔ-බේ ගෞ-ර-වේ උ-දෙ-සා

    ඔ-බ-ට දෙ-න සෑ-ම දේ-ම

    ඔ-බ ස-තු බැව් ද-නි-මු

    ශ්‍ර-ම-ය, හැ-කි-යා-ව, සම්-පත්

    මු-ළු සි-තින්-ම දෙන්-නෙ-මු

    (අනුපදය)

    මේ ගෘ-හ-ය ඔ-බ-ගේ-ය

    දෙව් නා-මේ දැ-නුම් දෙන්-න

    කැ-ප ක-ර-මු-ය එ-ය

    පි-ළි-ග-නු මැ-න-ව

  2. 2. දෙව්-නි ඔ-බ-ගේ ගෘ-හ-ය-ට

    රැස් වී දෙන්-නෙ-මු ගෞ-ර-වේ

    ඔ-බ-ට කී-ක-රු ද-නන්-ගේ

    ප්‍ර-ශං-සා ලැ-බේ බො-හෝ සේ

    ඔ-බ-ට හි-මි මේ ගෘ-හ-ය

    අ-ලං-කා-ර-වත් ක-ර-මු

    එ-යින් අ-ප-ගේ සේ-ව-ය-ට

    ලැ-බේ-වි නි-සි ගෞ-ර-වේ

    (අනුපදය)

    මේ ගෘ-හ-ය ඔ-බ-ගේ-ය

    දෙව් නා-මේ දැ-නුම් දෙන්-න

    කැ-ප ක-ර-මු-ය එ-ය

    පි-ළි-ග-නු මැ-න-ව