Skip to content

පටුනට යන්න

1වෙනි පාඩම

හිතට කාවදින හැඳින්වීමක්

හිතට කාවදින හැඳින්වීමක්

ක්‍රියා 17:22

සාරාංශය: ඔයාගේ හැඳින්වීමෙන් සවන් දෙන අයගේ හිතේ උනන්දුවක් ඇති කරන්න ඕනේ. විෂය හඳුන්වා දෙන්නත් ඒක ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වන්නත් ඕනේ.

ඒක කරන විදිහ:

  • උනන්දුවක් ඇති කරන්න. සවන් දෙන්නන්ගේ හිතේ උනන්දුවක් ඇති කරන ප්‍රශ්නයක්, අදහසක්, සැබෑ සිදුවීමක්, ප්‍රවෘත්තියක් තෝරාගන්න.

  • විෂය හඳුන්වා දෙන්න. කතා කරන්න යන විෂය සහ ඒ ගැන කතා කරන්නේ ඇයි කියන දේ ඔයාගේ හැඳින්වීමෙන් සවන් දෙන අයට තේරෙන්න ඕනේ.

  • විෂය වැදගත් ඇයි කියලා පෙන්වන්න. සවන් දෙන අයගේ අවශ්‍යතා ගැන හිතලා ඔයා කියන්න යන දේ ඒ අනුව සකස් කරගන්න. කතා කරන විෂය තමන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා සවන් දෙන අයට තේරෙන්න ඕනේ.