Skip to content

පටුනට යන්න

5වෙනි පාඩම

නිවැරදිව කියවීම

නිවැරදිව කියවීම

1 තිමෝති 4:13

සාරාංශය: ලියලා තියෙන දේ ඒ විදිහටම ශබ්ද නඟලා කියවන්න.

ඒක කරන විදිහ:

  • හොඳින් සූදානම් වෙන්න. කියවන කොටස ලියලා තියෙන්නේ ඇයි කියලා හිතන්න. වචනයෙන් වචනය කියවනවා වෙනුවට වචන කීපයක් කියවන්න පුරුදු වෙන්න. වචන අතින් දාලා, අතහැරලා, තියෙන වචනය වෙනුවට වෙන වචන දාලා කියවන්න එපා. හැම විරාම ලකුණකටම අවධානය දෙන්න.

  • හැම වචනයක්ම නිවැරදිව උච්චාරණය කරන්න. වචනයක් නිවැරදිව උච්චාරණය කරන විදිහ දන්නේ නැත්නම් ඒ ප්‍රකාශනයේ පටිගත කිරීමකට සවන් දෙන්න. එහෙම නැත්නම් කියවීමට දක්ෂ කෙනෙක්ගෙන් අහන්න.

  • පැහැදිලිව කතා කරන්න. වචන පැහැදිලිව ශබ්ද කරන්න. ඔළුව කෙළින් තියාගෙන, කට ඇරලා කතා කරන්න. සම්පූර්ණ වචනයම පැහැදිලිව කියවන්න.