Skip to content

පටුනට යන්න

12වෙනි පාඩම

ආදරය සහ සැලකිල්ල

ආදරය සහ සැලකිල්ල

1 තෙසලෝනික 2:7, 8

සාරාංශය: සවන් දෙන අය ගැන ඔයා සැලකිලිමත්, එයාලට ආදරෙයි කියලා එයාලට දැනෙන්න ඕනේ. මවාපාන්න එපා.

ඒක කරන විදිහ:

  • සවන් දෙන අය ගැන හිතන්න. එයාලා මුහුණ දෙන ප්‍රශ්න ගැන, ඒ ගැන එයාලට කොහොම හැඟෙනවා ඇද්ද කියලා හිතන්න. එතකොට එයාලා ගැන ඔයාගේ හිතේ අනුකම්පාවක් ඇති වෙයි.

  • පාවිච්චි කරන වචන ගැන සැලකිලිමත් වෙන්න. ඔයාගේ අරමුණ වෙන්න ඕනෙ සවන් දෙන අයට ප්‍රබෝධයක්, සහනයක් ලබා දෙන්න මිසක් එයාලව රිදවන්න නෙමෙයි. යෙහෝවා දෙවි ගැන විශ්වාසයක් නැති අයවවත් එයාලගේ විශ්වාසයන්වත් පහත් කරලා කතා කරන්න එපා.

  • සැලකිල්ල පෙන්වන්න. ඔයා කතා කරන විදිහෙන්, ඔයාගේ අංග චලනවලින් ඔයා සවන් දෙන අය ගැන සැලකිලිමත් කියලා පෙන්වන්න. නිතරම සිනා මුසු මුහුණකින් කතා කරන්න.