Skip to content

පටුනට යන්න

13වෙනි පාඩම

තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න

තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න

හිතෝපදේශ 3:21

සාරාංශය: කතා කරන විෂය සවන් දෙන අයගේ ජීවිතවලට වැදගත් වන විදිහ තේරුම්ගන්න උදව් කරන්න. තොරතුරු අදාළ කරගන්න පුළුවන් විදිහත් පෙන්වන්න.

ඒක කරන විදිහ:

  • සවන් දෙන අය ගැන හිතන්න. ඔයා කතා කරන තොරතුරු සවන් දෙන අයට ප්‍රයෝජනවත් ඇයි කියලා හිතන්න. විශේෂයෙන්ම එයාලට ප්‍රයෝජනවත් වෙන්නේ මොන කරුණද කියලා හිතන්න.

  • අදාළ වන පැති පෙන්වන්න. ඉදිරිපත් කිරීම ආරම්භයේ ඉඳන්ම ‘මේක මට උදව් වෙනවා’ කියලා සවන් දෙන අයට හිතෙන්න ඕනේ. ප්‍රධාන කරුණක් ගොඩනඟද්දී ඒක අදාළ කරගන්න පුළුවන් විදිහ නිශ්චිතව පෙන්වලා දෙන්න.