Skip to content

පටුනට යන්න

17වෙනි පාඩම

තේරුම්ගන්න පුළුවන් විදිහට කතා කරන්න

තේරුම්ගන්න පුළුවන් විදිහට කතා කරන්න

1 කොරින්ති 14:9

සාරාංශය: ඔයා දෙන්න හදන පණිවිඩය තේරුම්ගන්න සවන් දෙන අයට උදව් කරන්න.

ඒක කරන විදිහ:

  • තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න. තොරතුරු හොඳින් තේරුම්ගත්තොත් ඒවා සරලව ඔයාගේ වචනවලින් විස්තර කරන්න පුළුවන්.

  • කෙටි වාක්‍ය සහ සරල යෙදුම් පාවිච්චි කරන්න. දිග වාක්‍ය පාවිච්චි කරන එකේ වරදක් නැහැ. ඒත් ප්‍රධාන කරුණු කියද්දී කෙටි වාක්‍යවලින් කියන්න.

  • නුහුරු යෙදුම් පැහැදිලි කරන්න. නුහුරු යෙදුම් පාවිච්චි නොකරන තරමට හොඳයි. නුහුරු යෙදුමක්, බයිබල් චරිතයක්, අතීතයේ පාවිච්චි කරපු මිනුමක්, පැරණි චාරිත්‍රයක් ගැන කියන්න වුණොත් ඒක පැහැදිලි කරන්න.