Skip to content

පටුනට යන්න

12 පාඩම

බයිබලය ගැන ඉගෙනගන්න එක අත්හරින්න එපා

බයිබලය ගැන ඉගෙනගන්න එක අත්හරින්න එපා

බයිබලය ඉගෙනගන්න එක ගොඩක් වටිනා අද්දැකීමක්. ඒත් ඒක දිගටම කරගෙන යන එක ලේසි නැහැ. සමහර වෙලාවලදී බයිබලය ඉගෙනගන්න එක නවත්තන්න ඕනෙ කියලා ඔයාට හිතෙයි. ඒත් දිගටම ඒක කරගෙන යන එක වටින්නේ ඇයි? බාධා ආවත් දිගටම බයිබලය ඉගෙනගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

1. බයිබලය ඉගෙනගන්න එක වටින්නේ ඇයි?

“දෙවිගේ වදන් ජීවමානයි. බලවත්.” (හෙබ්‍රෙව් 4:12) බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න එක හුඟක් වටිනවා. මොකද ඒකට පුළුවන් ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්න. සතුටින් ඉන්නත් ගුණ යහපත් ජීවිතයක් ගත කරන්නත් ඒක ඔයාට උදව් වෙයි. දෙවියන් හිතන විදිහ සහ ඔහු අපිට ආදරෙයි කියන දේ තේරුම්ගන්නත් ඔයාට පුළුවන් වෙයි. දැනුම, ප්‍රඥාව විතරක් නෙමෙයි ජීවිතේට බලාපොරොත්තුවකුත් ඒකෙන් ලැබෙනවා. වැදගත්ම දේ යෙහෝවාගේ යාළුවෙක් වෙන්න ඒක ඔයාට උදව් වෙනවා.

2. බයිබලේ තියෙන සත්‍ය ඉගැන්වීම් කොච්චර වටිනවාද කියලා තේරුම්ගන්න එක වැදගත් ඇයි?

සත්‍ය ඉගැන්වීම් හරියට වටිනා නිධානයක් වගේ. ‘සත්‍යය මිල දී ගන්න’ කියලත් ‘ඒක ලබාගත්තාට පස්සේ ඒක විකුණන්න එපා’ කියලත් බයිබලයේ කියන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 23:23) බයිබලයේ තියෙන සත්‍යයන් කොච්චර වටිනවාද කියලා හිතට ගත්තොත් මොන බාධා ආවත් අත්හරින්නේ නැතුව ඒක ඉගෙනගන්න අපි ලොකු උත්සාහයක් ගනී.—හිතෝපදේශ 2:4, 5 කියවන්න.

3. අත්හරින්නේ නැතුව බයිබලය ඉගෙනගන්න යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරන්නේ කොහොමද?

යෙහෝවා කියන්නේ මේ විශ්වයේ ඉන්න බලවත්ම කෙනා. ඔහු ඔයාව හදපු කෙනා වගේම ඔයාගේ යාළුවා. ඔහුට ඕනෙ ඔහු ගැන ඉගෙනගන්න ඔයාට උදව් කරන්න. ඒකට ‘ඔයා තුළ ආශාවක් වගේම පෙලඹීමක් ඇති කරන්න’ ඔහුට පුළුවන්. (ෆිලිප්පි 2:13 කියවන්න.) බයිබලය ඉගෙනගන්න ඔයාට තියෙන උනන්දුව අඩු වුණොත්, බයිබලයෙන් ඉගෙනගත්ත විදිහට දේවල් කරන්න අමාරුයි කියලා හිතුණොත් ඔහුට පුළුවන් ඔයාට උදව් කරන්න. පවුලේ අය, යාළුවෝ විරුද්ධ වුණත්, වෙනත් බාධා ආවත් සැලෙන්නේ නැතුව දිගටම බයිබලය ඉගෙනගන්න ඕනෙ කරන ශක්තිය ඔහු අනිවාර්යයෙන්ම ඔයාට දෙනවා. අත්හරින්නේ නැතුව බයිබලය ඉගෙනගන්න ඔයාට උදව් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න.—1 තෙසලෝනික 5:17.

තවත් හොයමු

ඔයාට වැඩ ගොඩක් තිබුණත්, ඔයාට කිට්ටු අය විරුද්ධ වුණත් දිගටම බයිබලය ඉගෙනගන්න පුළුවන් කොහොමද කියලා බලන්න. අත්හරින්නේ නැතුව ඒ දේ කරන්න යෙහෝවා ඔයාට උදව් කරන විදිහත් දැනගන්න.

4. බයිබලය ඉගෙනගන්න එකට ඔයාගේ ජීවිතේ වැදගත් තැනක් දෙන්න

හැම දවසකම අපිට කරන්න ගොඩක් වැඩ තියෙන නිසා බයිබලය ඉගෙනගන්න කාලය නැහැ කියලා අපිට දැනෙයි. ඒකට විසඳුමක් හොයාගන්නේ කොහොමද? ෆිලිප්පි 1:10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ජීවිතේ “වඩා වැදගත්” කියලා ඔයා හිතන්නේ මොන දේවල්ද?

  • ඔයාගේ පාඩම කරන්න කොහොමහරි වෙලාව හොයාගන්නේ කොහොමද?

  1. ඔයා භාජනයකට මුලින්ම වැලි දාලා ඊටපස්සේ ගල් දාන්න ගියොත් ගල් ඔක්කොම දාන්න බැරි වෙයි

  2. ඔයා මුලින්ම ගල් ටික දැම්මොත් වැලි ඔක්කොම වගේ දාගන්න පුළුවන් වෙයි. ඒ වගේ ‘වඩා වැදගත් දේවලට’ ඔයාගේ ජීවිතේ මුල් තැන දුන්නොත් අනිත් දේවල් කරන්නත් ඔයාට කාලය ඉතුරු වෙයි

දෙවියන්ව හඳුනගන්න සහ ඔහුට නමස්කාර කරන්න අපිට තියෙන ආසාව ඉටු කරගන්න බයිබලය ගැන ඉගෙනගන්න එක අපිට උදව් වෙනවා. මතෙව් 5:3 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • බයිබලය පාඩම් කරන්න කොහොමහරි වෙලාව හොයාගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

5. අනිත් අය විරුද්ධ වුණත් අත්හරින්න එපා

බයිබලය පාඩම් කරන්න එපා කියලා සමහර අය ඔයාට කියයි. ෆ්‍රැන්සිස්කොගේ අද්දැකීම බලන්න. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ෆ්‍රැන්සිස්කො බයිබලය ඉගෙනගන්නවා කියලා එයාගේ පවුලේ අය සහ යාළුවෝ දැනගත්තාම එයාලා මොකද කළේ?

  • අත්හරින්නේ නැතුව බයිබලය ඉගෙනගත්ත නිසා එයාට ලැබුණු ආශීර්වාද මොනවාද?

2 තිමෝති 2:24, 25 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඔයා ඉගෙනගන්න දේවල් ගැන ඔයාගේ පවුලේ අය, යාළුවෝ කියන්නේ මොනවාද?

  • ඔයා බයිබලය ගැන ඉගෙනගන්න එකට කවුරු හරි අකමැති වුණොත් ඒකට මුහුණ දෙන්න ඕනෙ කොහොම කියලාද මේ පදවල කියන්නේ? ඒ ඇයි?

6. දිගටම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න

අපි යෙහෝවාට ළං වෙද්දී ඔහුව සතුටු කරන්න අපිට තියෙන ආසාවත් වැඩි වෙනවා. ඒත් ඔහු කැමති විදිහට අපේ ජීවිතේ වෙනස් කරගන්න අපිට අමාරු වෙන අවස්ථා එයි. ඔයාට එහෙම දැනුණොත් අත්හරින්න එපා. යෙහෝවා ඔයාට අනිවාර්යයෙන්ම උදව් කරනවා. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න ජිම් කළේ මොන වගේ වෙනස්කම්ද?

  • ජිම්ගේ අද්දැකීමෙන් ඔයා වැඩියෙන්ම ආස වුණේ මොන දේටද?

හෙබ්‍රෙව් 11:6 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • “දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අය” ඒ කියන්නේ ඔහුව හඳුනගන්නත් ඔහුව සතුටු කරන්නත් ලොකු උත්සාහයක් දරන අය වෙනුවෙන් යෙහෝවා කරන්නේ මොනවාද?

  • එහෙමනම් බයිබලය ගැන ඉගෙනගන්න ඔයා මහන්සි වෙද්දී යෙහෝවා දෙවියන්ට ඒ ගැන දැනෙන්නේ කොහොමද?

සමහරු මෙහෙම අහයි: “ඇයි ඔයා බයිබලය ගැන ඉගෙනගන්නේ?”

  • එතකොට ඔයා මොනවාද කියන්නේ?

ඉගෙනගත්ත දේ

බයිබලය ඉගෙනගද්දී බාධා ආවත් අත්හරින්නේ නැතුව ඉගෙනගත්තොත් හැමදාටම සතුටින් ජීවත් වෙන්න ඔයාට පුළුවන්. දිගටම යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. හිතාගන්න බැරි විදිහට ඔහු ඔයාට ආශීර්වාද කරයි.

ඔයා හිතන්නේ මොකක්ද?

  • බයිබලයේ තියෙන ඉගැන්වීම් ඔයාට වටින්නේ ඇයි?

  • “වඩා වැදගත් දේවල්” මොනවාද කියලා හොඳින් තේරුම්ගන්න ඔයාට පුළුවන් කොහොමද?

  • දිගටම බයිබලය ඉගෙනගන්න උදව් කරන්න කියලා ඔයා යෙහෝවාගෙන් ඉල්ලන්න ඕනෙ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

කාලය හොඳින් පාවිච්චි කරන්න හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙන දේවල් හතරක් බලන්න.

“කාලය වටියි රනට වඩා” (2014 පෙබරවාරි ‘පිබිදෙව්!’)

කාන්තාවක් එයාගේ ජීවිතේ වෙනස්කම් කරන්න හැදුවත් එයාගේ සැමියා ඒකට විරුද්ධ වුණා. ඒත් යෙහෝවා දෙවියන් ඒ කාන්තාවට උදව් කළේ කොහොමද කියලා බලන්න.

‘ඕනම දුෂ්කරතාවයක් විඳදරාගන්න යෙහෝවා දෙවියන් ශක්තිය දෙනවා’ (5:05)

බිරිඳක් උත්සාහය අත්හැරියේ නැති නිසා එයාගේ සැමියා ප්‍රයෝජන ලබපු විදිහ බලන්න.

‘වරදක් හොයන්න ගිය මට හමු වුණේ සත්‍යයයි’ (6:30)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවුල් බැඳීම් කඩනවා කියලා සමහරු චෝදනා කරනවා. ඒත් ඒක ඇත්තද?

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවුල් බැඳීම් කඩනවාද නැත්නම් ශක්තිමත් කරනවාද?” (වෙබ් ලිපිය)