Skip to content

පටුනට යන්න

14වෙනි පාඩම

දෙවියන් සතුටු වෙන විදිහට නමස්කාර කරන්නේ කොහොමද?

දෙවියන් සතුටු වෙන විදිහට නමස්කාර කරන්නේ කොහොමද?

දෙවියන් හැම ආගමක් ගැනම සතුටු වෙන්නේ නැහැ කියලා අපි කලින් පාඩමේ ඉගෙනගත්තා. ඒත් අපිට පුළුවන් අපිව නිර්මාණය කරපු දෙවියන් සතුටු වෙන විදිහට නමස්කාර කරන්න. මොකද ඔහු පිළිගන්න “නමස්කාරයක් [ආගමක්]” තියෙනවා කියලා බයිබලයේ කියනවා. (යාකොබ් 1:27, පාදසටහන) ඒ මොකක්ද කියලා අපි දැන් බලමු.

1. අපි නමස්කාර කරන්න ඕනෙ විදිහ දැනගන්න පුළුවන් කොහෙන්ද?

අපි නමස්කාර කරන්න ඕනෙ බයිබලයේ කියන විදිහටයි. එහෙම කියන්නේ ඇයි? යේසුස් දෙවියන්ට කිව්වා “ඔයා කියන දේවල් සත්‍යයයි” කියලා. (යොහන් 17:17) ඒත් සමහර ආගම් දෙවියන් කියන දේවල් ඒ කියන්නේ බයිබලයේ තියෙන දේවල් ගාණකටවත් ගන්නේ නැහැ. එයාලා උගන්නන්නේ මිනිස්සුන්ගේ අදහස්. බයිබලයේ තියෙන දේට වඩා එයාලට වටින්නේ කාලයක් තිස්සේ මිනිස්සු කරගෙන ආපු සාම්ප්‍රදායික දේවල්. යෙහෝවා දෙවියන් ඔහුගේ “නීති පැත්තකට දාන” අය ගැන කොහොමටවත් සතුටු වෙන්නේ නැහැ. (මාක් 7:9 කියවන්න.) ඒත් අපි බයිබලයේ කියන විදිහට ඔහුට නමස්කාර කරනවා නම්, ඒකේ කියන විදිහට ජීවත් වෙනවා නම් ඔහු ගොඩක් සතුටු වෙනවා.

2. යෙහෝවා දෙවියන්ට අපි නමස්කාර කරන්න ඕනෙ කොහොමද?

යෙහෝවායි අපේ නිර්මාතෘ. ඒ නිසා අපේ නමස්කාරය ලබන්න වටින එකම කෙනා ඔහුයි. (එළිදරව් 4:11) අපි රූපවලට නමස්කාර කරනවාට ඔහු කැමති නැහැ. අපි ආදරේ කරන්න ඕනෙ, නමස්කාර කරන්න ඕනෙ ඔහුට විතරයි.—යෙසායා 42:8 කියවන්න.

අපේ නමස්කාරය “ශුද්ධ, දෙවියන්ට පිළිගන්න පුළුවන් එකක් වෙන්න ඕනේ.” (රෝම 12:1) ඒ නිසා යෙහෝවා හරියි කියන දේවල් කරන්නත් වැරදියි කියලා තියෙන දේවල් නොකර ඉන්නත් අපි උපරිම උත්සාහයක් ගන්න ඕනේ. උදාහරණෙකට යෙහෝවාට ආදරේ කරන අයට විවාහය ගැන ඔහු දීලා තියෙන ප්‍රමිති හුඟක් වටිනවා. එයාලා දුම්කොළ, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නෙවත් මත්පැන්වලට ඇබ්බැහි වෙන්නෙවත් නැහැ. a

3. යෙහෝවාට නමස්කාර කරන අය එක්ක එකතු වෙලා නමස්කාර කරන්න ඕනෙ ඇයි?

හැම සතියකම රැස්වීම්වලදී අපිට අවස්ථාව ලැබෙනවා ‘සභාව මැද යෙහෝවාට ප්‍රශංසා කරන්න.’ (ගීතාවලිය 111:1, 2) ඔහුට ප්‍රශංසා ගී ගායනා කරන එක ඒක කරන එක විදිහක්. (ගීතාවලිය 104:33 කියවන්න.) යෙහෝවා අපිට හුඟක් ආදරෙයි. ඔහු දන්නවා රැස්වීම්වලදී ඉගෙනගන්න දේවල් අපිට හැමදාටම ජීවත් වෙන්න උදව් වෙනවා කියලා. ඒ නිසයි රැස්වීම්වලට එන්න කියලා ඔහු අපිට කියන්නේ. රැස්වීම්වලදී අපි අනිත් අයව ශක්තිමත් කරනවා. එයාලත් අපිව ශක්තිමත් කරනවා.

තවත් හොයමු

අපි රූපවලට, පිළිමවලට නමස්කාර කරනවාට යෙහෝවා කැමති නැත්තේ ඇයි කියලා දැනගන්න. දෙවියන්ට ප්‍රශංසා කරන්න පුළුවන් තවත් විදි ගැනත් ඉගෙනගන්න.

4. රූපවලට නමස්කාර කරන එක වැරදි ඇයි?

රූපවලට නමස්කාර කරන එකට දෙවියන් කැමති නැහැ කියලා අපි දන්නේ කොහොමද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අතීතයේ හිටපු දෙවියන්ගේ සෙනඟගෙන් සමහරදෙනෙක් දෙවියන්ට නමස්කාර කරන්න රූපයක් පාවිච්චි කරද්දී මොකද වුණේ?

සමහරු රූපවලට වඳින්නේ ඒකෙන් දෙවියන්ට තවත් ළං වෙන්න පුළුවන් කියලා හිතන නිසයි. හැබැයි ඒකෙන් අපි ඔහුට තවත් ළං වෙනවාද? ඔහුගෙන් ඈත් වෙනවාද? නික්මයාම 20:4-6 සහ ගීතාවලිය 106:35, 36 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • සමහරු දෙවියන්ට නමස්කාර කරද්දී පිළිම නැත්නම් තවත් දේවල් පාවිච්චි කරනවා ඔයා දැකලා තියෙනවාද? ඒ මොනවාද?

  • ඒ ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද?

  • ඒ වගේ දේවල් පාවිචිච් කරන එක ගැන ඔයා හිතන්නේ මොකක්ද?

5. යෙහෝවා දෙවියන්ට නමස්කාර කරද්දී අපි බොරු ඉගැන්වීම්වලින් නිදහස් වෙනවා

යෙහෝවා දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට ඔහුට නමස්කාර කරද්දී අපි බොරු ඉගැන්වීම්වලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. වීඩියෝ එක බලන්න.

ගීතාවලිය 91:14 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවාට විතරක් නමස්කාර කරලා අපි ඔහුට ආදරෙයි කියලා පෙන්නද්දී ඔහු අපිට පොරොන්දු වෙන්නේ මොනවාද?

6. අපි සභාවක් විදිහට රැස් වෙලා දෙවියන්ට නමස්කාර කරනවා

සභා රැස්වීම්වලදී අපිට අදහස් දක්වන්න, ගීතිකා කියන්න අවස්ථාව ලැබෙනවා. ඒකෙන් අපිට පුළුවන් වෙනවා යෙහෝවාට ප්‍රශංසා කරන්න වගේම අනිත් අයව දිරිගන්වන්න. ගීතාවලිය 22:22 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • රැස්වීම්වලදී අනිත් අය දෙන අදහස් ඔයාට ප්‍රයෝජනවත් වෙලා තියෙනවාද?

  • රැස්වීමකදී අදහසක් දෙන්න ලෑස්ති වෙන්න ඔයාත් කැමතිද?

7. අපි ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියද්දී යෙහෝවා දෙවියන් සතුටු වෙනවා

බයිබලයෙන් අපි ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියන්න හුඟක් විදි තියෙනවා. ගීතාවලිය 9:1 සහ 34:1 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඔයා අනිත් අය එක්ක කතා කරන්න කැමති ඔයා බයිබලයෙන් ඉගෙනගත්ත මොන දේ ගැනද?

සමහරු මෙහෙම කියනවා: “හැම ආගමකම උගන්නන්නේ හොඳ දේවල්නේ. ඒ නිසා අපි මොන ආගම ඇදහුවත් දෙවියන්ට ප්‍රශ්නයක් නැහැ.”

  • ඒ ගැන ඔයා මොනවාද හිතන්නේ?

ඉගෙනගත්ත දේ

අපේ නිර්මාතෘට විතරක් නමස්කාර කරද්දී, සභා රැස්වීම්වලදී ඔහුට ප්‍රශංසා කරද්දී, අපි ඉගෙනගත්ත දේවල් අනිත් අය එක්ක කතා කරද්දී ඔහු ගොඩක් සතුටු වෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • දෙවියන් සතුටු වෙන විදිහට නමස්කාර කරන්නේ කොහොමද කියලා අපිට දැනගන්න පුළුවන් කොහෙන්ද?

  • අපි යෙහෝවාට විතරක් නමස්කාර කරන්න ඕනෙ ඇයි?

  • දෙවියන්ව සතුටු කරන්න කැමති අනිත් අයත් එක්ක එකතු වෙලා අපි ඔහුට නමස්කාර කරන්න ඕනෙ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

“මම දැන් රූපවලට නමස්කාර කරන්නේ නැහැ” කියන ලිපියෙන් කාන්තාවක් රූප නමස්කාරය අත්හැරපු විදිහ දැනගන්න.

“ජීවිත වෙනස් කළ පොතක්” (2011 ජූලි 1 ‘මුරටැඹ’)

රැස්වීම්වලදී අදහස් දක්වන්න ඔයාට උදව් වෙන්නේ මොන වගේ දේවල්ද කියලා දැනගන්න.

“සභාවේදී යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න” (2019 ජනවාරි ‘මුරටැඹ’)

මුලින් රැස්වීම්වලට යන්න බැහැ කියලා හිතුවත් ඒවාට ගිහින් ප්‍රයෝජන ලබපු තරුණයෙක් ගැන දැනගන්න.

‘යෙහෝවා දෙවියන් මාව බලාගත්තා’ (3:07)

හුඟක් අය හිතනවා කුරුසය කියන්නේ ක්‍රිස්තියානි අයව නියෝජනය කරන සංකේතයක් කියලා. ඒත් අපි ඒක පාවිච්චි කරන එක හරිද?

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි?” (වෙබ් ලිපිය)

a ඒ විෂයන් ගැන ඉස්සරහට කරන පාඩම්වල කතා කරනවා.