Skip to content

පටුනට යන්න

18 පාඩම

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනගන්නේ කොහොමද?

සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනගන්නේ කොහොමද?

බිලියන ගාණක් මිනිස්සු කියනවා එයාලා ක්‍රිස්තියානීන් කියලා. ඒත් එයාලගේ විශ්වාසයන්, උගන්වන දේවල් එකකට එකක් වෙනස්. එහෙමනම් සැබෑ ක්‍රිස්තියානීන් කවුද කියලා හඳුනගන්නේ කොහොමද?

1. ක්‍රිස්තියානීන් කියන්නේ කාටද?

ක්‍රිස්තියානීන් කියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයන්ට නැත්නම් ඔහුගේ අඩි පාරේ යන අයට. (ක්‍රියා 11:26 කියවන්න.) යේසුස්ව අනුගමනය කරනවා කියලා එයාලා පෙන්නන්නේ කොහොමද? යේසුස් මෙහෙම කිව්වා. “ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා.” (යොහන් 8:31) ඒ කියන්නේ සැබෑ ක්‍රිස්තියානීන් යේසුස්ගේ ඉගැන්වීම්වලට කීකරු වෙන්න ඕනෙ කියන එකයි. ඒ වගේම එයාලා විශ්වාස කරන්නේ බයිබලයේ තියෙන දේවල්. මොකද යේසුස් හැම වෙලාවෙම ඉගැන්නුවේ බයිබලයේ තියෙන දේවල්.—ලූක් 24:27 කියවන්න.

2. සැබෑ ක්‍රිස්තියානීන් ආදරය පෙන්නන්නේ කොහොමද?

යේසුස් මෙහෙම කිව්වා. “මා ඔබට ප්‍රේම කළා වගේම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.” (යොහන් 15:12) ගෝලයන්ට ආදරෙයි කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? ඔහු එයාලත් එක්ක කාලය ගත කළා. එයාලට උදව් කළා. එයාලව සැනසුවා. එයාලා වෙනුවෙන් ජීවිතෙත් දුන්නා. (1 යොහන් 3:16) යේසුස්ව ඇත්තටම අනුගමනය කරන අය ආදරේ ගැන කියනවා විතරක් නෙමෙයි. එයාලා වැඩ කරන විදිහෙන් එකිනෙකාට තියෙන ඒ ආදරේ පැහැදිලිවම පෙන්නනවා.

3. සැබෑ ක්‍රිස්තියානීන් ප්‍රසිද්ධ මොනවා කරන අය හැටියටද?

යේසුස් ඔහුගේ ගෝලයන්ව ‘දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරන්න පිටත් කරලා යැව්වා.’ (ලූක් 9:2) ඒක තමයි ඔහු එයාලට කරන්න භාර දීපු වැඩේ. ඒ කලේ හිටපු ක්‍රිස්තියානීන් දේශනා කළේ නමස්කාර කරන්න එයාලා එකතු වුණ තැන්වල විතරක් නෙමෙයි. එයාලා මිනිස්සු ගැවසෙන පොදු තැන්වලට සහ මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහින් දේශනා කළා. (ක්‍රියා 5:42; 17:17 කියවන්න.) අදත් යේසුස්ගේ අනුගාමිකයන් මිනිස්සු ඉන්න ඕනෙම තැනකට ගිහින් බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් ගැන එයාලට කියලා දෙනවා. සහනයක් සහ බලාපොරොත්තුවක් ගේන බයිබලයේ තියෙන පණිවිඩය මිනිස්සුන්ට කියන්න එයාලා ගොඩක් මහන්සි වෙනවා. එයාලා හරිම කැමැත්තෙන් එහෙම කරන්නේ මිනිස්සුන්ට ආදරේ නිසයි.—මාක් 12:31.

තවත් හොයමු

යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදින්නේ නැති, ඔහු වැඩ කරපු විදිහ ආදර්ශයට ගන්නේ නැති අයට වඩා සැබෑ ක්‍රිස්තියානීන් වෙනස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

4. එයාලා බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් හොයනවා

මුල් කාලේ හිටපු ක්‍රිස්තියානීන් දේවවචනයේ තියෙන දේවලට ගරු කළා.

ක්‍රිස්තියානීන් කියන ගොඩක් අය බයිබලයේ තියෙන සත්‍ය ඉගැන්වීම් තේරුම්ගන්න උනන්දු වෙන්නේ නැහැ. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • සමහර පල්ලිවල අය යේසුස් උගන්වපු දේවල් මිනිස්සු දැනගන්න එක වැළැක්වුවේ කොහොමද?

යේසුස් බයිබලයේ තියෙන සත්‍යයන් මිනිස්සුන්ට ඉගැන්නුවා. යොහන් 18:37 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • සත්‍යයට පක්ෂව ඉන්න ක්‍රිස්තියානීන්ව හඳුනගන්න පුළුවන් කොහොමද?

5. එයාලා බයිබලයේ තියෙන සත්‍යයන් ගැන දේශනා කරනවා

අනිත් අයට දේශනා කළා.

යේසුස් ස්වර්ගයට යන්න කලින් ඔහුගේ ගෝලයන්ට වැඩක් භාර දුන්නා. ඒක අද වෙන කල්ම කරනවා. මතෙව් 28:19, 20 සහ ක්‍රියා 1:8 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • දේශනා කරන වැඩේ කොච්චර දුරට වෙනවාද?

6. එයාලා උගන්වන දේවල් පිළිපදිනවා

සැබෑ ක්‍රිස්තියානි ආගම හොයාගත්තා කියලා තෝමස් තේරුම්ගත්තේ කොහොමද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • තෝමස්ට ආගම් එපා වුණේ ඇයි?

  • යේසුස්ගේ නියම අනුගාමිකයන් එයාට හම්බ වුණා කියලා එයාට විශ්වාස ඇයි?

අවවාදයට වඩා ආදර්ශය උතුම්. මතෙව් 7:21 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යේසුස්ට වැඩියෙන්ම වටින්නේ අපි ඔහු උගන්වන දේවල් විශ්වාස කරනවා කියලා කියන එකද නැත්තම් ඒ දේවලට අනුව වැඩ කරන එකද?

7. එයාලා එකිනෙකාට ආදරෙයි

එකිනෙකාට ආදරය පෙන්නුවා

ක්‍රිස්තියානීන් එයාලගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව අනිත් ක්‍රිස්තියානීන්ට උදව් කරලා තියෙනවාද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • සහෝදර ජොහැන්සන් වෙනුවෙන් එයාගේ ජීවිතේ වුණත් දෙන්න ලොයිඩ් කැමති වුණේ ඇයි?

  • ලොයිඩ් වැඩ කළේ සැබෑ ක්‍රිස්තියානියෙක් විදිහට කියලා ඔයා හිතනවාද?

යොහන් 13:34, 35 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යේසුස්ගේ ගෝලයන් ඒ කියන්නේ සැබෑ ක්‍රිස්තියානීන් වෙනත් ජාතියකට අයිති අයට සලකන්නේ කොහොමද?

  • ඒ ජාතියේ අයත් එක්ක යුද්ධයක් තියෙන කාලෙකදී එයාලා මොනවා කරයිද?

සමහරු මෙහෙම කියනවා: “ක්‍රිස්තියානි කට්ටිය මහ නරක දේවල් කරලා තියෙනවා. ඉතින් ඒක කොහොමද සැබෑ ආගම වෙන්නේ?”

  • එහෙම කියන කෙනෙක්ට සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනගන්න උදව් වෙන මොන බයිබල් පදයද ඔයා පෙන්නන්නේ?

ඉගෙනගත්ත දේ

සැබෑ ක්‍රිස්තියානීන් බයිබලයේ තියෙන ඉගැන්වීම් පිළිපදිනවා. තමන් ගැනවත් හිතන්නේ නැතුව අනිත් අයට ආදරේ පෙන්නනවා. බයිබලයේ තියෙන සත්‍යයන් මිනිස්සුන්ට කියලා දෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • සැබෑ ක්‍රිස්තියානීන් විශ්වාස කරන දේවල් අරන් තියෙන්නේ කොහෙන්ද?

  • සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනගන්න පුළුවන් එයාලට තියෙන මොන ගුණාංගය නිසාද?

  • සැබෑ ක්‍රිස්තියානීන් කරන ප්‍රධාන වැඩේ මොකක්ද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

යේසුස් උගන්වන දේවල් පිළිපදින, ඔහුව ආදර්ශයට ගන්න කණ්ඩායමක් ගැන තව දැනගන්න.

’යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?’ (1:13)

කන්‍යා සොහොයුරියක් වෙලා හිටපු කෙනෙක්ට සැබෑ ආගම හොයාගන්න උදව් වුණේ මොනවාද කියලා දැනගන්න.

“උත්තර දුන්නේ බයිබලයෙන්මයි” (2014 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’)

විපත්තිවලට මුහුණ දෙන අයට සැබෑ ක්‍රිස්තියානීන් ආදරය පෙන්නන්නේ කොහොමද කියලා දැනගන්න.

’විපතට පත් වුණු අපේ සහෝදරයන්ට උදව් කරමු - කෙටි වීඩියෝව’ (3:57)

අද ඉන්න සැබෑ ක්‍රිස්තියානීන් මුල් කාලේ හිටපු ක්‍රිස්තියානීන්ට සමාන වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

“සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්නේ කොහොමද?” (2012 මාර්තු 1 ‘මුරටැඹ’)