Skip to content

පටුනට යන්න

22වෙනි පාඩම

අනිත් අයට ශුභාරංචිය ගැන කියන්න ඔයාට පුළුවන් කොහොමද?

අනිත් අයට ශුභාරංචිය ගැන කියන්න ඔයාට පුළුවන් කොහොමද?

බයිබලයේ තියෙන දේවල් ඉගෙනගද්දී ඔයාට හිතෙන්න ඇති හැමෝම මේවා දැනගන්න ඕනෙ කියලා. ඔව්, හැමෝම ඒ ගැන දැනගන්න ඕනේ. ඒත් ඔයා ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියන්න ඔයාට පොඩි බයක් දැනෙනවා ඇති. ඒ බයෙන් ගොඩ ඇවිල්ලා සතුටින් ශුභාරංචිය දේශනා කරන්න ඔයාට පුළුවන් කොහොමද කියලා අපි බලමු.

1. දන්න අඳුරන අයට ඔයා ඉගෙනගත්ත දේවල් කියන්න පුළුවන් කොහොමද?

යේසුස්ගේ ගෝලයන් කිව්වා “අපි අහපු දැකපු දේවල් ගැන කතා කරන එක නවත්තන්න නම් අපිට බැහැ” කියලා. (ක්‍රියා 4:20) යේසුස්ගෙන් ඉගෙනගත්ත වටිනා සත්‍යයන් ගැන එයාලට ලොකු අගයක් තිබුණා. ඒ නිසා ඒවා හැමෝටම කියන්නයි එයාලට ඕන වුණේ. ඔයාටත් එහෙම හිතෙනවාද? එහෙමනම් ඔයා ඉගෙනගත්ත දේවල් යාළුවන්ට, පවුලේ අයට කියන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. එහෙම කරද්දී එයාලාගේ හිත රිද්දන්නේ නැතුව ඒක කරන්නත් ඕනේ.—කොලොස්සි 4:6 කියවන්න.

මෙහෙම පටන්ගන්න පුළුවන්

  • පවුලේ කෙනෙක්, නෑදෑ කෙනෙක් එක්ක කතා කරද්දී බයිබලයේ තියෙන දෙයක් කියන්න මෙහෙම පටන්ගන්න. “මේ සතියේ මං දැනගත්තා . . . ”

  • අසනීපයෙන් හරි කලකිරිලා හරි ඉන්න යාළුවෙක්ට උදව් වෙන බයිබල් පදයක් පෙන්නන්න.

  • ඔයාගේ සැපසනීප ගැන අහන වැඩපොළේ කෙනෙක්ට ඔයා මේ සතියේ බයිබල් පාඩමෙන් නැත්නම් රැස්වීමෙන් ඉගෙනගත්ත දෙයක් ගැන කියන්න.

  • jw.org වෙබ් අඩවිය ඔයාගේ යාළුවන්ට පෙන්නන්න.

  • ඔයාගේ බයිබල් පාඩමට ඇවිත් බලන්න කියලා අඳුරන කෙනෙක්ට කියන්න. නැත්නම් jw.org එකෙන් බයිබල් පාඩමක් ඉල්ලන විදිහ පෙන්නන්න.

2. සභාවේ අයත් එක්ක එකතු වෙලා දේශනා කරන්න උත්සාහ කරන්න ඕනෙ ඇයි?

යේසුස්ගේ ගෝලයන් ශුභාරංචිය ගැන කිව්වේ එයාලා දන්න අඳුරන අයට විතරක් නෙමෙයි. යේසුස් දේශනා කරන්න එයාලව ‘දෙන්නා ගාණේ හැම නගරයකටම පිටත් කරලා යැව්වා.’ (ලූක් 10:1) දේශනා කරන වැඩේ ඒ විදිහට පිළිවෙළකට කරපු නිසා ගොඩක් අයට අවස්ථාව ලැබුණා ශුභාරංචියට ඇහුම්කන් දෙන්න. එකට එකතු වෙලා දේශනා කරද්දී ගෝලයන්ට ලොකු සතුටකුත් දැනුණා. (ලූක් 10:17) එයාලා වගේ ඔයාටත් පුළුවන්ද සභාවේ අයත් එක්ක එකතු වෙලා දේශනා සේවයේ හවුල් වෙන්න?

තවත් හොයමු

ශුභාරංචිය දේශනා කරන්න තියෙන බයෙන් ගොඩ ඇවිල්ලා ඒක සතුටින් කරන්නේ කොහොමද කියලා දැනගන්න.

3. යෙහෝවා ඔයාට උදව් කරනවා

දේශනා කරන්න ආස වුණත් ‘මිනිස්සු මං ගැන මොනවා හිතයිද, මොනවා කියයිද’ කියලා හිතලා සමහරු බය වෙනවා.

  • ඔයා ඉගෙනගත්ත දේවල් ගැන කියන්න ඒ වගේ බයක් ඔයාට තියෙනවාද? ඒ ඇයි?

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඒ තරුණ සාක්ෂිකරුවන් එයාලට තිබුණ බයෙන් ගොඩ ආවේ කොහොමද?

යෙසායා 41:10 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • දේශනා කරන්න බයක් දැනුණාම ඔයා යාච්ඤා කරන්න ඕන ඇයි?

ඔයා දැනගෙන හිටියාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ගොඩක් අයට හිතිලා තියෙනවා එයාලට කවදාවත් ශුභාරංචිය දේශනා කරන්න බැරි වෙයි කියලා. උදාහරණෙකට සර්ජේට හිතුණා එයාට කිසිම දෙයක් හරියට කරන්න බැහැ කියලා. මිනිස්සුන්ට කතා කරන එක එයාට හරිම අමාරු දෙයක්. ඒත් එයා බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “මොන තරම් බයක් දැනුණත් මම ඉගෙනගත්ත දේවල් අනිත් අයට කිව්වා. එහෙම කියද්දී මට මං ගැන තිබුණ විශ්වාසය වැඩි වෙන්න පටන්ගත්තා. ඒ වගේම බයිබලයේ තියෙන දේවල් ගැන මට තිබුණ විශ්වාසය තවත් වැඩි වුණා.”

4. අනිත් අයට ගෞරව කරන්න

ශුභාරංචිය ගැන අනිත් අයට කියද්දී කියන තොරතුරු ගැන විතරක් නෙමෙයි ඒක කියන විදිහ ගැනත් හිතන්න. 2 තිමෝති 2:24 සහ 1 පේතෘස් 3:15 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • බයිබලයේ තියෙන දේවල් ගැන අනිත් අයට කියද්දී ඒ බයිබල් පදවල කියන දේවල් ඔයාට කරන්න පුළුවන් කොහොමද?

  • පවුලේ අය, යාළුවෝ සමහරක් වෙලාවට ඔයා කියන දේවල් පිළිගන්න එකක් නැහැ. එතකොට මොකක්ද ඔයාට කරන්න පුළුවන්? මොකක්ද කරන්න හොඳ නැත්තේ?

  • ඔයා කියන දේවල් විශ්වාස කරන්න කියලා බල කරනවා වෙනුවට එයාට හිතන්න උදව් වෙන ප්‍රශ්න අහන එක වැදගත් ඇයි?

5. ශුභාරංචිය ගැන අනිත් අයට කියද්දී ලොකු සතුටක් දැනෙනවා

ශුභාරංචිය අනිත් අයට කියන වගකීම යෙහෝවා දෙවියන් යේසුස්ට භාර දුන්නා. ඒ වැඩේ යේසුස් සැලකුවේ කොහොමද? යොහන් 4:34 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • හොඳ කෑම වේලක් කෑවාම ඒකෙන් අපේ ශරීරයට පෝෂණයක් ලැබෙනවා. ඒ වගේම අපිට ලොකු සතුටකුත් දැනෙනවා. දේශනා කරන එක වගේ දෙවියන් අපිට කරන්න කියලා තියෙන දේවල් කරන එක යේසුස් කෑමවලට සමාන කළේ ඇයි?

  • ශුභාරංචිය අනිත් අයට කියන එකෙන් අපිට ලැබෙන්නේ මොන වගේ සතුටක්ද?

යෝජනා

  • සති මැද රැස්වීමේදී පෙන්නලා දෙන විදිහට සාකච්ඡාවන් පටන්ගන්න පුළුවන් විදි ගැන හිතන්න.

  • සති මැද රැස්වීමේ ශිෂ්‍යයෙක් වෙන්න කරන්න ඕන මොනවාද කියලා ඔයාත් එක්ක පාඩම කරන කෙනාගෙන් අහන්න. ඒ රැස්වීමේදී ලැබෙන පැවරුම්වලින් අනිත් අයට ඔයා ඉගෙනගන්න දේවල් හොඳින් කියන්න ඔයාට පුහුණුවක් ලැබෙනවා.

  • මේ පොතේ තියෙන “සමහරු මෙහෙම කියනවා” සහ “සමහරු මෙහෙම අහයි” කියන කොටස්වල සාමාන්‍යයෙන් මිනිස්සු අහන ප්‍රශ්න නැත්නම් එයාලා විරුද්ධ වෙන්න කියන දේවල් තියෙනවා. ඒවාට උත්තර දෙන විදිහ පුරුදු වෙන්න.

සමහරු මෙහෙම අහයි: “ඉතින්, ඉතින් මොනවාද ඔයාගේ අලුත් තොරතුරු?”

  • බයිබල් පාඩමේදී ඔයා ඉගෙනගත්ත දේවල් එයාට කියන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන් කොහොමද?

ඉගෙනගත්ත දේ

ශුභාරංචිය අනිත් අයට කියන එකෙන් ඔයාට ලොකු සතුටක් ලැබෙයි. ඒක කරන එක හිතන තරම් අමාරු නැහැ කියලත් ඔයාට තේරෙයි.

ඔයා හිතන්නේ මොකක්ද?

  • ශුභාරංචිය අනිත් අයට කියන්න ඕන ඇයි?

  • අනිත් අයගේ හිත රිද්දන්නේ නැතුව ඔයාට ඒක කරන්න පුළුවන් කොහොමද?

  • දේශනා කරන්න ඔයාට පොඩි හරි බයක් තියෙනවා නම් ඒකෙන් ගොඩ එන්න ඔයාට පුළුවන් කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

jw.org කන්ටැක්ට් කාඩ් එක පාවිච්චි කරලා ශුභාරංචිය කියන්න පුළුවන් විදි හතරක් ගැන බලන්න.

‘jw.org කන්ටැක්ට් කාඩ් ඉදිරිපත් කරන විදිහ’ (1:43)

ශුභාරංචිය ගැන අනිත් අයට කියන්න ඔයාට උදව් වෙන දේවල් හතරක් ගැන දැනගන්න.

“මිනිසුන් අල්ලන්නෙක් වෙන්න ඔයා ලෑස්තිද?” (2020 සැප්තැම්බර් ‘මුරටැඹ’)

පොඩි කෙනෙක්ට වුණත් බය නැතුව දේශනා කරන්න උදව් වෙන බයිබල් චරිතයක් ගැන දැනගන්න.

‘බය වෙන්න එපා යෙහෝවා දෙවි ඔයා ළඟමයි’ (11:59)

යෙහෝවා ගැන දන්නේ නැති පවුලේ අයත් එක්ක බයිබලයේ තියෙන දේවල් කතා කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

“සත්‍යය වැලඳගන්න නෑදෑයන්ට උදව් කරමු” (2014 මාර්තු 15 ‘මුරටැඹ’)