Skip to content

පටුනට යන්න

23වෙනි පාඩම

බව්තීස්මය ගැන හිතන එක හරිම වැදගත්

බව්තීස්මය ගැන හිතන එක හරිම වැදගත්

ක්‍රිස්තියානීන් බව්තීස්ම වෙන්න ඕනෙ කියලා යේසුස් කිව්වා. (මතෙව් 28:19, 20 කියවන්න.) ඒත් බව්තීස්ම වෙනවා කියන්නේ මොකක්ද? කෙනෙක් බව්තීස්ම වෙන්න නම් ඊට කලින් එයා මොනවාද කරන්න ඕනේ?

1. බව්තීස්ම වෙනවා කියන්නේ මොකක්ද?

“බව්තීස්මය” කියන්නේ ග්‍රීක් භාෂාවෙන් ගත්ත වචනයක්. ඒකේ තේරුම “වතුරේ ගිල්වනවා” කියන එකයි. යොර්දාන් කියන ගඟේ යේසුස්ව බව්තීස්ම කරද්දීත් ඔහුව වතුරේ ගිල්ලුවා. ඊටපස්සේ ඔහු ‘වතුරෙන් උඩට ආවා.’ (මාක් 1:9, 10) ඒ වගේ සැබෑ ක්‍රිස්තියානීන්වත් බව්තීස්ම කරන්නේ වතුරේ සම්පූර්ණයෙන්ම ගිල්වලා.

2. බව්තීස්ම වෙද්දී කෙනෙක් පෙන්නන්නේ මොකක්ද?

බව්තීස්ම වෙද්දී කෙනෙක් පෙන්නන්නේ එයා යෙහෝවා දෙවියන්ට කැප වෙලා තියෙනවා කියලයි. දෙවියන්ට කැප වෙන්නේ කොහොමද? ඒක කරන්නේ යාච්ඤාවකින්. බව්තීස්ම වෙන්න කලින් ඒක කරලා තියෙන්න ඕනේ. ඒ යාච්ඤාවේදී හැමදාටම යෙහෝවාට සේවය කරන්න කැමතියි කියලා එයා පොරොන්දු වෙනවා. ඒ වගේම ඒ යාච්ඤාවේදී එයා පොරොන්දු වෙනවා යෙහෝවාට විතරක් නමස්කාර කරනවා කියලා. දෙවියන් කැමති දේ කරන එකට එයාගේ ජීවිතේ මුල්ම තැන දෙනවා කියලා. ඒ විදිහට එයා තීරණය කරනවා ‘ජීවිතේ දෙවියන්ට සම්පූර්ණයෙන්ම භාර දීලා දිගටම’ යේසුස්ගේ ඉගැන්වීම්වලට සහ ආදර්ශයට අනුව ජීවත් වෙන්න. (මතෙව් 16:24) කෙනෙක් කැප වෙලා බව්තීස්ම වුණාම එයාට පුළුවන් යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න. ඔහුට නමස්කාර කරන අයගේ කිට්ටු යාළුවෙක් වෙන්නත් එයාට පුළුවන්.

3. බව්තීස්ම වෙන්න නම් කෙනෙක් ඒකට කලින් මොනවාද කරන්න ඕනේ?

බව්තීස්ම වෙන්න කලින් ඔයා යෙහෝවා ගැන ඉගෙනගෙන ඔහු ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. (හෙබ්‍රෙව් 11:6 කියවන්න.) යෙහෝවා ගැන තව දැනගෙන, ඔහු ගැන ඔයාගේ විශ්වාසය වැඩි වෙද්දී ඔහු ගැන ඔයාට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා. එතකොට ඔහු කියන විදිහට ජීවත් වෙන්න, අනිත් අයට ඔහු ගැන කියලා දෙන්න ඔයාට ආස හිතෙයි. (2 තිමෝති 4:2; 1 යොහන් 5:3) ‘හැම දේකදීම යෙහෝවාව සතුටු කරන්න තියෙන ආසාව නිසා ඔහුට නමස්කාර කරන අයට ගැළපෙන විදිහට ජීවත් වෙද්දී’ කෙනෙක්ට තීරණය කරන්න පුළුවන් එයාගේ ජීවිතේ දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න.—කොලොස්සි 1:9, 10. a

තවත් හොයමු

යේසුස්ගේ බව්තීස්මයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් කෙනෙක් බව්තීස්ම වෙන්න තීරණය කරනවා නම් ඒකට සූදානම් වෙන්න පුළුවන් කොහොමද කියලත් බලන්න.

4. යේසුස්ගේ බව්තීස්මයෙන් ඉගෙනගන්න පුළුවන් දේ

මතෙව් 3:13-17 කියවලා යේසුස්ගේ බව්තීස්මය ගැන තවත් දැනගන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යේසුස් බව්තීස්ම වෙද්දී ඔහු ළදරුවෙක්ද?

  • ඔහුව බව්තීස්ම කළේ කොහොමද? ඔහුගේ ඔළුවට වතුර ඉහලාද?

යේසුස් බව්තීස්ම වුණාට පස්සේ දෙවියන් භාර දුන්න විශේෂ වැඩේ ඔහු පටන්ගත්තා. ලූක් 3:21-23 සහ යොහන් 6:38 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යේසුස් බව්තීස්ම වුණාට පස්සේ ඔහුගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ මොකක්ද?

5. ඔයාටත් පුළුවන් බව්තීස්ම වෙන්න

දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙන එක ගැන හිතද්දී කෙනෙක්ට ලොකු බයක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒ බය නැති කරගෙන බව්තීස්මය කියන වැදගත් තීරණය ගන්න ධෛර්යයක් ඔයාට ඇති කරගන්න පුළුවන්. එහෙම කරපු අය ගැන දැනගන්න වීඩියෝ එක බලන්න.

යොහන් 17:3 සහ යාකොබ් 1:5 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • බව්තීස්මයට සූදානම් වෙන්න කෙනෙක්ට මොනවාද කරන්න පුළුවන්?

  1. අපි සදහටම යෙහෝවාට සේවය කරන්න කැමතියි කියලා අපේ ජීවිතේ ඔහුට කැප කරනවා

  2. අපි බව්තීස්ම වෙද්දී අපි කැප වෙලා ඉන්නවා කියලා අපි අනිත් අයට පෙන්නනවා

6. බව්තීස්ම වුණාම ඔයා යෙහෝවා දෙවියන්ගේ පවුලේ කෙනෙක් වෙනවා

අපි බව්තීස්ම වෙද්දී ලෝකේ පුරාම ඉන්න එකමුතු පවුලකට අයිති කෙනෙක් වෙනවා. රට ජාතිය මොකක් වුණත් මොන වගේ පසුබිමකින් ආවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැමෝම විශ්වාස කරන්නේ එකම දේවල්. එයාලා ජීවත් වෙන්නෙත් බයිබලයේ කියලා තියෙන විදිහටමයි. ගීතාවලිය 25:14 සහ 1 පේතෘස් 2:17 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • කෙනෙක් බව්තීස්ම වුණාම එයාට යෙහෝවා එක්කයි, ඔහුට නමස්කාර කරන අනිත් අය එක්කයි ඇති කරගන්න පුළුවන් මොන වගේ බැඳීමක්ද?

සමහරු මෙහෙම කියනවා: “මට දැන්ම බව්තීස්ම වෙන්න බැහැ.”

  • ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? ඔයා බව්තීස්ම වෙන්න ඕනෙ කියලා ඔයා හිතනවාද?

ඉගෙනගත්ත දේ

ක්‍රිස්තියානීන් බව්තීස්ම වෙන්න ඕනෙ කියලා යේසුස් ඉගැන්නුවා. කෙනෙක් බව්තීස්ම වෙන්න කලින් එයා යෙහෝවා ගැන ලොකු විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. ඔහු කියන විදිහට ජීවත් වෙන්න ඕනේ. ඔහුට ජීවිතේ කැප කරන්න ඕනේ.

ඔයා හිතන්නේ මොකක්ද?

  • බව්තීස්මය කියන්නේ මොකක්ද? ඒක වැදගත් වෙන්නේ ඇයි?

  • බව්තීස්ම වෙන එකෙන් කෙනෙක් පෙන්නන්නේ මොකක්ද?

  • කැප වෙන්න සහ බව්තීස්ම වෙන්න කලින් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

බව්තීස්මය කියන්නේ මොකක්ද සහ ඒකෙන් අදහස් කරන්නේ නැත්තේ මොකක්ද කියලා දැනගන්න.

“බව්තීස්මය කියන්නේ මොකක්ද?” (වෙබ් ලිපිය)

කෙනෙක් බව්තීස්ම වෙන්න තීරණය කළේ ඇයි කියලා දැනගන්න.

“එයාලට ඕන වුණේ මමම සත්‍යය තේරුම්ගන්නවා දකින්නයි” (2013 පෙබරවාරි 1 ‘මුරටැඹ’)

බව්තීස්ම වෙන එක වැදගත් ඇයි කියලත් ඒකට සූදානම් වෙන්න ඔයාට පුළුවන් කොහොමද කියලත් දැනගන්න.

“බව්තීස්ම වෙන එක වැදගත්ද?” (‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 2වන පොත, 37වෙනි පරිච්ඡේදය)

a කෙනෙක් කලින් හිටපු ආගමේ විදිහට බව්තීස්ම වෙලා තිබුණත් එයා ආයෙත් බව්තීස්ම වෙන්න ඕනේ. මොකද ඒ ආගමෙන් බයිබලයේ තියෙන සත්‍යයන් ගැන එයාට කියලා දීලා නැහැ.—ක්‍රියා 19:1-5 සහ 13වෙනි පාඩම බලන්න.