Skip to content

පටුනට යන්න

28වෙනි පාඩම

යෙහෝවා සහ යේසුස් ඔයා වෙනුවෙන් කරපු දේ අගය කරන්න

යෙහෝවා සහ යේසුස් ඔයා වෙනුවෙන් කරපු දේ අගය කරන්න

හිතන්න ඔයාට ඔයාගේ යාළුවෙක් ලස්සන තෑග්ගක් දුන්නා කියලා. ඒ ගැන ඔයාට ලොකු සතුටක් දැනෙයි නේද? ඒ වගේම ඔයාගේ යාළුවා කරපු දේ ඔයාට ගොඩක් වටිනවා කියලා පෙන්නන්නත් ඔයාට ආසාවක් ඇති වෙයි. වෙන කිසිම තෑග්ගකට වඩා වටිනාම තෑග්ග අපිට දුන්නේ යෙහෝවා සහ යේසුස්. ඒ තමයි යේසුස්ගේ ජීවිත පූජාව. ඒ තෑග්ග අගය කරනවා කියලා අපිට ඒ දෙන්නාට පෙන්නන්න පුළුවන් කොහොමද?

1. අගය පෙන්නන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

“[යේසුස්] ගැන විශ්වාසය තියන හැම කෙනෙක්ටම” හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා බයිබලයේ පොරොන්දු වෙනවා. (යොහන් 3:16) යේසුස් ගැන විශ්වාසය තියනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒ විශ්වාසය අපේ හිතේ විතරක් තිබිලා මදි. අපි වැඩ කරන විදිහෙන්, අපි ගන්න තීරණවලින් ඒක පැහැදිලිව පේන්න ඕනේ. (යාකොබ් 2:17) අපිට තියෙන විශ්වාසය අපි කරන, කියන දේවලින් පෙන්නද්දී යේසුස් එක්කත් ඔහුගේ තාත්තා වන යෙහෝවා එක්කත් අපිට තියෙන යාළුකම තවත් වැඩි කරගන්න පුළුවන් වෙනවා.—යොහන් 14:21 කියවන්න.

2. අපේ අගය පෙන්නන්න පුළුවන් මොන විශේෂ අවස්ථාවේදීද?

යේසුස් ඔහුගේ ජීවිත පූජාව අගය කරන්න පුළුවන් තවත් විදිහක් ගැන ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. යේසුස් මිය යන්න පැය කීපයකට කලින් ඔහුගේ අනුගාමිකයන්ට විශේෂ සැමරීමක් හඳුන්වලා දුන්නා. බයිබලයේ ඒකට කියන්නේ “ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” කියලයි. යේසුස්ගේ මරණය සිහි කිරීම කියලත් ඒකට කියනවා. (1 කොරින්ති 11:20) යේසුස් ඒ සැමරීම හඳුන්වලා දුන්නේ ඇයි? මොකද ඔහුට ඕනෙ වුණා ඔහුගේ නියෝජිතයනුත් සැබෑ ක්‍රිස්තියානීන් හැමෝමත් ඔහුගේ මරණය සිහි කරනවාට. “මාව සිහි කරන්න මේ දේ දිගටම කරන්න” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි. (ලූක් 22:19) සිහි කිරීමට සහභාගි වෙද්දී ඔයා ඒකෙන් පෙන්නන්නේ යෙහෝවාත් යේසුත් පෙන්නපු ආදරේ ඔයාට ගොඩක් වටිනවා කියලයි.

තවත් හොයමු

යෙහෝවා දෙවියන් සහ යේසුස් පෙන්නපු ආදරේ අගය කරන්න පුළුවන් තවත් විදි ගැන දැනගමු. යේසුස්ගේ මරණය සිහි කරන එක වැදගත් වෙන්නේ ඇයි කියලත් දැනගන්න.

3. හිතේ තියෙන අගය පෙන්නන්නේ කොහොමද?

හිතන්න ඔයා ගිලෙන්න යද්දී කෙනෙක් ඇවිත් ඔයාව බේරගත්තා කියලා. එයා කරපු දේ ඔයා නිකම්ම අමතක කරලා දායිද? නැත්නම් ඔයාට තියෙන අගය එයාට පෙන්නන්න පුළුවන් විදි ගැන ඔයා හිතයිද?

පාපයෙන් සහ මරණයෙන් අපිව බේරගත්තේ යෙහෝවා දෙවියන්. 1 යොහන් 4:8-10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යේසුස්ගේ ජීවිත පූජාව විශේෂ තෑග්ගක් කියන්නේ ඇයි?

  • යෙහෝවා දෙවියන් සහ යේසුස් ඔයා වෙනුවෙන් කරපු දේ ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?

යෙහෝවා සහ යේසුස් අපි වෙනුවෙන් කරපු දේ අපි අගය කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද? 2 කොරින්ති 5:15 සහ 1 යොහන් 4:11; 5:3 කියවන්න. ඒ එක එක පදය කියෙව්වාට පස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • මේ පදයේ පෙන්නන විදිහට අපේ හිතේ තියෙන අගය පෙන්නන්න පුළුවන් කොහොමද?

4. යේසුස්ව ආදර්ශයට ගන්න

යේසුස්ව ආදර්ශයට ගන්න එක අපේ අගය පෙන්නන්න පුළුවන් තව විදිහක්. 1 පේතෘස් 2:21 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යේසුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න ඔයාට පුළුවන් මොන විදිවලින්ද?

5. යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන්න

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වපු මුල්ම අවස්ථාවේ වුණේ මොනවාද කියලා දැනගන්න ලූක් 22:14, 19, 20 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පවත්වපු වෙලාවේ වුණේ මොනවාද?

  • රොටිවලින් සහ වයින්වලින් නියෝජනය වෙන්නේ මොනවාද?—19 සහ 20 පද බලන්න.

යේසුස්ගේ අනුගාමිකයන් හැම අවුරුද්දකම යේසුස් මැරුණු දිනයේදීම ඔහුගේ මරණය සිහි කරයි කියලා යේසුස් බලාපොරොත්තු වුණා. ඒ නිසයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම අවුරුද්දකම එකතු වෙලා ඔහු කියපු විදිහටම ඔහුගේ මරණය සිහි කරන්නේ. ඒ රැස්වීම ගැන දැනගන්න වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාවේදී මොනවාද වෙන්නේ?

රොටිවලින් සංකේතවත් වෙන්නේ යේසුස් අපි වෙනුවෙන් පූජා කරපු ඔහුගේ පරිපූර්ණ ශරීරයයි. වයින්වලින් සංකේතවත් වෙන්නේ ඔහුගේ රුධිරයයි

සමහරු මෙහෙම කියනවා: “අපි යේසුස්ව විශ්වාස කරනවා. ඒ නිසා අපි ගැලවීම ලබලයි තියෙන්නේ.”

  • යොහන් 3:16 සහ යාකොබ් 2:17 පෙන්නලා අපි යේසුස්ව විශ්වාස කරනවාට වඩා දෙයක් කරන්න ඕනෙ කියලා ඔයා පැහැදිලි කරන්නේ කොහොමද?

ඉගෙනගත්ත දේ

යේසුස් ගැන විශ්වාසය තියලා වැඩ කරන එකෙන් සහ යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන එකෙන් අපි පෙන්නන්නේ ඔහු අපි වෙනුවෙන් කරපු දේ අගය කරනවා කියන එකයි.

ඔයා හිතන්නේ මොකක්ද?

  • යේසුස් ගැන විශ්වාසය තියනවා කියන්නේ මොකක්ද?

  • යෙහෝවා සහ යේසුස් ඔයා වෙනුවෙන් කරපු දේ අගය කරනවා කියලා පෙන්නන්න ඔයා කැමති මොන විදිවලින්ද?

  • යේසුස්ගේ මරණය සිහි කිරීමට සහභාගි වෙන එක වැදගත් ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

යේසුස්ගේ ජීවිත පූජාව ගැන හිතද්දී ඔයා පෙලඹෙන්නේ මොනවා කරන්නද?

‘යේසුස් තම ශරීරයෙන් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කළා’ (9:28)

විශ්වාසය තියලා වැඩ කරන්න පුළුවන් කොහොමද කියන එක ගැන තව දැනගන්න.

“ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න” (2016 ඔක්තෝබර් ‘මුරටැඹ’)

“මගේ ජීවිතේ කොච්චර වටිනවාද කියලා මට දැන් තේරෙනවා” කියන ජීවිත කතාව කියවලා යේසුස්ගේ ජීවිත පූජාව ගැන දැනගත්ත එක කාන්තාවකට බලපෑවේ කොහොමද කියලා දැනගන්න.

“ජීවිත වෙනස් කළ පොතක්” (2011 අගෝස්තු 1 ‘මුරටැඹ’)