Skip to content

පටුනට යන්න

30 පාඩම

මිය ගිය අයට ආයෙත් ජීවිතය ලැබෙනවා!

මිය ගිය අයට ආයෙත් ජීවිතය ලැබෙනවා!

අපි ආදරේ කරන කෙනෙක් මිය ගියාම අපිට දැනෙන්නේ ලොකු දුකක්. ඒකයි බයිබලයේ කියන්නේ මරණය සතුරෙක් කියලා. (1 කොරින්ති 15:26) යෙහෝවා දෙවියන් මරණය කියන සතුරාව නැත්තටම නැති කරනවා කියලා ඔයා 27වෙනි පාඩමෙන් දැනගත්තා. ඒත් දැනටමත් මිය ගිහින් ඉන්න අයට මොකද වෙන්නේ? ඒ අය ගැන යෙහෝවා දීලා තියෙන ලස්සන පොරොන්දුවක් ගැන මේ පාඩමෙන් ඉගෙනගන්න පුළුවන්. ඔහු පොරොන්දු වෙනවා මිය ගිය බිලියන ගාණක් දෙනෙක්ව නැවත නැඟිටුවනවා කියලා. ඒ කියන්නේ එයාලට ආයෙත් ජීවිතය දීලා හැමදාටම ජීවත් වෙන්න ඔහු අවස්ථාව දෙනවා කියලා. ඒ පොරොන්දුව අපිට ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්ද? එයාලට ආයෙත් ජීවත් වෙන්න ලැබෙන්නේ මේ පොළොවේද නැත්නම් ස්වර්ගයේද?

1. මිය ගිය අය වෙනුවෙන් යෙහෝවා කරන්න ආසාවෙන් ඉන්නේ මොනවාද?

මිය ගිහින් ඉන්න අපේ පවුලේ අයට, යාළුවන්ට ආයෙත් ජීවිතය දෙන්න යෙහෝවා දෙවියන් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. යෝබ් දෙවියන්ට විශ්වාසවන්තව හිටපු කෙනෙක්. එයා මැරුණත් යෙහෝවාට එයාව අමතක වෙන්නේ නැහැ කියලා යෝබ්ට ලොකු විශ්වාසයක් තිබුණා. “ඔබ මට අඬගසන්නෙහිය. මමද [මිනී වළේ සිට] උත්තර දෙන්නෙමි” කියලා එයා දෙවියන්ට කිව්වේ ඒ නිසයි.—යෝබ් 14:13-15 කියවන්න.

2. මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් ඇයි?

යේසුස් පොළොවේ ඉද්දී යෙහෝවා ඔහුට බලය දුන්නා මැරුණ අයට ආයෙත් ජීවිතය දෙන්න. ඔහු අවුරුදු 12ක දැරියක්වත් වැන්දඹුවකගේ පුතාවත් නැවත නැඟිටෙව්වා. (මාක් 5:41, 42; ලූක් 7:12-15) පස්සේ කාලෙක යේසුස්ගේ යාළුවෙක් වුණ ලාසරුස් මිය ගියා. එයා මැරිලා දවස් 4ක් ගත වෙලා තිබුණත් යේසුස් එයාට ආයෙත් ජීවිතය දුන්නා. ඒ වෙලාවේ යේසුස් දෙවියන්ට යාච්ඤා කරලා හඬ නඟලා මෙහෙම කිව්වා. “ලාසරුස්, පිටතට එන්න.” එතකොට ‘මිය ගිහින් හිටපු [ලාසරුස්] පිටතට ආවා.’ (යොහන් 11:43, 44) එයාගේ පවුලේ අය, යාළුවන් කොච්චර සතුටු වෙන්න ඇද්ද!

3. මිය ගිහින් ඉන්න ඔයාගේ පවුලේ අය, යාළුවන් ගැන දෙවියන් පොරොන්දු වෙන්නේ මොනවාද?

මැරුණ අය “නැවත නැඟිටිනවා” කියලා බයිබලයේ පොරොන්දු වෙනවා. (ක්‍රියා 24:15) යේසුස් නැවත නැඟිටවපු කිසිම කෙනෙක් එයාලව මේ පොළොවේ නැවත නැඟිටුවන්න කලින් ස්වර්ගයට ගිහින් තිබුණේ නැහැ. (යොහන් 3:13) පොළොවේ ආයෙත් ජීවත් වෙන්න ලැබුණ එක ගැන එයාලා ගොඩක් සතුටු වුණා. යේසුස් ළඟඳීම මිය ගිය බිලියන ගාණක් අයව නැවත නැඟිටුවලා එයාලට මේ පොළොවේ හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා. යේසුස් කිව්වා ‘සොහොන් ගෙවල්වල ඉන්න හැමෝවම’ ඒ කියන්නේ දෙවියන්ගේ මතකයේ ඉන්න හැමෝටම ඔහු ආයෙත් ජීවිතය දෙනවා කියලා. මිනිස්සුන්ට ඒ අයව අමතක වෙලා තිබුණත් දෙවියන්ට එයාලව අමතක වෙන්නේ නැහැ.—යොහන් 5:28, 29.

තවත් හොයමු

මිය ගිය අයට යේසුස් ආයෙත් ජීවිතය දෙනවා කියලා විශ්වාස කරන්න තියෙන සාක්ෂි බයිබලයෙන් දැනගන්න. නැවත නැඟිටීම නිසා ඔයාට සහනයක්, බලාපොරොත්තුවක් ලැබෙන්නේ කොහොමද කියලත් ඉගෙනගන්න.

4. මිය ගිය අයව නැවත නැඟිටුවන්න යේසුස්ට පුළුවන් කියලා ඔහු ඔප්පු කළා

යේසුස් ඔහුගේ යාළුවා වුණ ලාසරුස් වෙනුවෙන් කරපු දේ ගැන තව දැනගන්න. යොහන් 11:14, 38-44 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ලාසරුස් ඇත්තටම මැරිලා හිටියා කියලා අපි දන්නේ කොහොමද?​—39වෙනි පදය බලන්න.

  • ලාසරුස් ඒ වෙද්දී ස්වර්ගයට ගිහින් තිබුණා නම් ඔයා හිතනවාද යේසුස් මේ පොළොවේ ජීවත් වෙන්න එයාව නැවත නැඟිටුවයි කියලා?

වීඩියෝ එක බලන්න.

5. බිලියන ගාණක් ආයෙත් ජීවත් වෙනවා!

ගීතාවලිය 37:29 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • නැවත නැඟිටුවන බිලියන ගාණක් දෙනා ජීවත් වෙන්නේ කොහෙද?

යෙහෝවා දෙවියන්ට නමස්කාර කරපු අයව විතරක් නෙමෙයි, තව හුඟදෙනෙක්ව යේසුස් නැවත නැඟිටුවනවා. ක්‍රියා 24:15 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • මිය ගිහින් ඉන්න අය අතරින් ඔයා දකින්න ආස කාවද?

මේ ගැන හිතන්න: මිය ගිය කෙනෙක්ව නැවත නැඟිටුවන එක යේසුස්ට හරියට තාත්තා කෙනෙක් එයාගේ දරුවාව නින්දෙන් නැඟිටුවනවා තරම් ලේසි දෙයක්

6. නැවත නැඟිටීම නිසා ඔයාට සහනයක් වගේම බලාපොරොත්තුවකුත් ලැබෙනවා

යායිරස්ගේ දුවව නැවත නැඟිටවපු සිද්ධිය බයිබලයෙන් කියවලා වියෝදුකින් ඉන්න හුඟදෙනෙක් ලොකු සහනයක් ලබලා තියෙනවා. ඒ සිද්ධිය ගැන දැනගන්න ලූක් 8:40-42, 49-56 කියවන්න.

යායිරස්ගේ දුවව නැවත නැඟිටුවන්න කලින් යේසුස් යායිරස්ට කිව්වා, “භය වෙන්න එපා. ස්ථිර විශ්වාසයක් ඇතුව ඉන්න” කියලා. (50වෙනි පදය බලන්න.) නැවත නැඟිටුවීම ගැන හිතන එක මේ අවස්ථාවලදී ඔයාට උදව් වෙන්නේ කොහොමද?

  • ඔයා ආදරේ කරන කෙනෙක් මිය ගියාම

  • ඔයාගේ ජීවිතේ අනතුරේ තියෙද්දී

වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ෆෙලිසිටිගේ දෙමාපියන්ට සහනයක් සහ ශක්තියක් වුණේ කොහොමද?

සමහරු මෙහෙම කියනවා: “එහෙම වෙනවා නම් හොඳයි. ඒත් එහෙම වෙයි කියලා නම් හිතන්න අමාරුයි.”

  • ඔයා මොනවාද ඒ ගැන හිතන්නේ?

  • මැරුණු අයව නැවත නැඟිටුවනවා කියලා පෙන්නන්න ඔයා පාවිච්චි කරන්නේ මොන බයිබල් පදයද?

ඉගෙනගත්ත දේ

මිය ගිය බිලියන ගාණක් අයට ආයෙත් ජීවිතය දෙන්න යෙහෝවා ආසාවෙන් ඉන්නවා. ඔහු ඒ දේ කරන්න යේසුස්ට බලය දීලා තියෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • මිය ගිය අයට ආයෙත් ජීවිතය දෙන්න යෙහෝවා සහ යේසුස් ආසාවෙන් ඉන්නවා කියලා අපි දන්නේ කොහොමද?

  • නැවත නැඟිටුවන බිලියන ගාණක් ජීවත් වෙන්නේ පොළොවේද, ස්වර්ගයේද? එහෙම කියන්නේ ඇයි?

  • මිය ගිය පවුලේ අයට, යාළුවන්ට ආයෙත් ජීවිතය ලැබෙනවා කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

වියෝදුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන දැනගන්න.

“වියෝදුකට සහනයක්!” (2018 අංක 3 ‘පිබිදෙව්!’)

බයිබලයේ තියෙන තොරතුරුවලින් වියෝදුකින් ඉන්න කෙනෙක්ට සහනයක් ලැබෙනවාද?

‘වියෝදුකට සහනයක්!’ (5:06)

ආදරේ කරන කෙනෙක් මැරුණාම ඒ දුක දරාගන්න දරුවන්ට උදව් වෙන්නේ මොනවාද?

‘යේසුස්ගේ ජීවිත පූජාව’ (2:07)

ස්වර්ගයේ ජීවත් වෙන්නත් සමහර අයව නැවත නැඟිටුවනවාද? නැවත නැඟිටුවන්නේ නැත්තේ කාවද?

“නැවත නැඟිටීම කියන්නේ මොකක්ද?” (වෙබ් ලිපිය)