Skip to content

පටුනට යන්න

33 පාඩම

දෙවියන්ගේ රාජ්‍යයෙන් කරන්න යන්නේ මොනවාද?

දෙවියන්ගේ රාජ්‍යයෙන් කරන්න යන්නේ මොනවාද?

දෙවියන්ගේ රාජ්‍යය දැනටමත් පාලනය කරන්න පටන් අරන්! ළඟදීම ඒ රාජ්‍යයෙන් මේ පොළොවේ හුඟක් වෙනස්කම් කරන්න යනවා. දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරද්දී ඔයාට ලැබෙන්න යන හොඳ දේවල් ගැන අපි දැන් බලමු.

1. දේවරාජ්‍යයෙන් අසාධාරණය නැති කරලා පොළොව පුරාම සාමය ඇති කරන්නේ කොහොමද?

දේවරාජ්‍යයේ රජු වන යේසුස් හර්–මගෙදොන් යුද්ධයේදී දුෂ්ට මිනිස්සු සහ මිනිස් ආණ්ඩු විනාශ කරලා දානවා. (එළිදරව් 16:14, 16) “තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය” කියලා බයිබලයේ දීලා තියෙන පොරොන්දුව එදාට සම්පූර්ණයෙන්ම ඉටු වෙනවා. (ගීතාවලිය 37:10) ඊටපස්සේ දේවරාජ්‍යයෙන් මේ පොළොවේ ඉන්න හැමෝටම යුක්තිය ඉටු කරලා දීලා පොළොව සාමකාමී තැනක් කරනවා.—යෙසායා 11:4 කියවන්න.

2. දෙවියන් කැමති දේ පොළොවේ ඉටු වෙද්දී ඒ කාලය මොන වගේ එකක් වෙයිද?

දේවරාජ්‍යය පොළොව පාලනය කරද්දී ‘ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගෙන ඒකේ සදාකාලයටම ජීවත් වෙනවා.’ (ගීතාවලිය 37:29) එදාට ජීවත් වෙන්නේ යහපත් අය විතරයි. එයාලා යෙහෝවා දෙවියන්ටත් එකිනෙකාටත් ආදරේ කරන අය. එදාට කිසි කෙනෙක් ලෙඩ වෙන්නේ නැහැ. හැමෝම හැමදාටම ජීවත් වෙනවා. ඒ කාලය හිතින් මවාගන්න ඔයාට පුළුවන්ද?

3. දුෂ්ට මිනිස්සුන්ව විනාශ කළාට පස්සේ දේවරාජ්‍යයෙන් කරන්නේ මොනවාද?

දුෂ්ට මිනිස්සුන්ව විනාශ කළාට පස්සේ යේසුස් මේ පොළොව අවුරුදු 1,000ක් පාලනය කරනවා. එදාට යේසුස් සහ ඔහු එක්ක පාලනය කරන 1,44,000දෙනා මිනිස්සුන්ට පාපයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න උදව් කරනවා. අවුරුදු 1,000 ඉවර වෙද්දී මේ පොළොව ලස්සන පාරාදීසයක් වෙනවා. හැමෝම දෙවියන්ගේ නීතිවලට කීකරු වෙන නිසා එයාලා ගොඩක් සතුටින් ඉන්නවා. යේසුස් ආයෙත් ඔහුගේ තාත්තා වන යෙහෝවාට පාලනය භාර දෙනවා. ඒ වෙද්දී යෙහෝවාගේ නමට ඇති වෙලා තියෙන කැළැල අයින් වෙලා තියෙයි. ඒ නිසා ඔහුගේ ‘නම හැමදාටම ශුද්ධව පවතියි.’ (මතෙව් 6:9, 10) යෙහෝවා හැමෝටම ආදරෙන් සලකන, යහපත් පාලකයෙක් කියන දේ එදාට ඔප්පු වෙනවා. අන්තිමේදී යෙහෝවා සාතන්වත් භූතයන්වත් ඒ අයගේ පැත්ත අරන් දෙවියන්ගේ පාලනයට විරුද්ධ වෙන මිනිස්සුන්වත් විනාශ කරනවා. (එළිදරව් 20:7-10) මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් දේවරාජ්‍යයෙන් කරන හැම දෙයක්ම සදාකාලයටම පවතිනවා.

තවත් හොයමු

දෙවියන් ඉස්සරහට අපිට දෙන්න පොරොන්දු වෙලා තියෙන හැම දෙයක්ම දේවරාජ්‍යය මාර්ගයෙන් ඉටු කරයි කියලා අපිට විශ්වාස කරන්න තියෙන හේතු බලන්න.

4. දේවරාජ්‍යය මිනිස්සුන්ගේ හැම ආණ්ඩුවක්ම නැති කරනවා

“මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.” (දේශනාකාරයා 8:9) යෙහෝවා දේවරාජ්‍යය මාර්ගයෙන් මිනිස් ආණ්ඩුවලින් ඇති කරලා තියෙන හානිය සම්පූර්ණයෙන්ම නැති කරලා මිනිස්සුන්ට සාධාරණය ඉටු කරනවා.

දානියෙල් 2:44 සහ 2 තෙසලෝනික 1:6-8 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • පාලකයන්ට සහ එයාලට සහය දක්වන අයට යෙහෝවා දෙවියන් සහ යේසුස් කරන්නේ මොනවාද?

  • යෙහෝවා සහ යේසුස් ගැන ඔයා ඉගෙනගෙන තියෙන තොරතුරුවලින් ඒ දෙන්නා කාටවත් අසාධාරණයක් කරයි කියලා ඔයා හිතනවාද? එහෙම කියන්නේ ඇයි?

5. ඉන්න පුළුවන් හොඳම රජු යේසුස්

දේවරාජ්‍යයේ රජ වන යේසුස් මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න යනවා. වීඩියෝ එක බලලා මිනිස්සුන්ට උදව් කරන්න යේසුස් ආසාවෙන් ඉන්නවා කියලත් ඒකට ඕනෙ කරන බලය දෙවියන් ඔහුට දීලා තියෙනවා කියලත් යේසුස් පෙන්නලා තියෙන විදිහ දැනගන්න.

යේසුස් කරපු ආශ්චර්යයන්වලින් ඔහු පෙන්නුවා දේවරාජ්‍යයෙන් ඉස්සරහට පොළොවේ කරන්නේ මොන වගේ දේවල්ද කියලා. ඔයා ආසාවෙන් බලන් ඉන්නේ මෙතන තියෙන මොන ආශීර්වාදය අද්දකින්නද? ඒ ආශීර්වාද ගැන සඳහන් කරලා තියෙන බයිබල් පද කියවන්න.

පොළොවේ ඉද්දී යේසුස් කරපු දේවල්

ස්වර්ගයේ ඉඳන් යේසුස් කරන්න යන දේවල්

  • පරිසරයට වෙලා තියෙන හානිය හරිගස්සනවා.​—යෙසායා 35:1, 2.

  • ආශ්චර්යවත් විදිහට දහස් ගාණකට කන්න දුන්නා.​—මතෙව් 14:17-21.

  • අසනීපෙන් හිටපු හුඟක් අයව සුව කළා.​—ලූක් 18:35-43.

  • මැරුණු අයට ආයෙත් ජීවිතය දුන්නා.​—ලූක් 8:49-55.

  • මැරුණු අයට ආයෙත් ජීවිතය දෙනවා. මරණය නැති කරනවා.​—එළිදරව් 21:3, 4.

6. දේවරාජ්‍යයෙන් දෙන්න යන ලස්සන අනාගතය

යෙහෝවා දෙවියන් මුලින්ම අදහස් කරපු විදිහට දේවරාජ්‍යයෙන් මුළු පොළොවම පාරාදීසයක් කරනවා. එදාට ඒ පාරාදීස පොළොවේ මිනිස්සු හැමදාටම ජීවත් වෙනවා. වීඩියෝ එක බලලා යෙහෝවා යේසුස් මාර්ගයෙන් ඔහුගේ අරමුණ ඉටු කරන්නේ කොහොමද කියලා දැනගන්න.

ගීතාවලිය 145:16 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා ‘ජීවත් වෙන හැමෝගෙම ආශාවන් තෘප්තිමත් කරනවා’ කියලා දැනගත්තාම ඔයාට කොහොමද දැනුණේ?

සමහරු මෙහෙම කියනවා: “හැමෝම එකතු වුණොත් ලෝකේ ප්‍රශ්න විසඳන්න පුළුවන්.”

  • පාලකයන්ට විසඳන්න බැරි මොන ප්‍රශ්නද දේවරාජ්‍යයෙන් විසඳන්න යන්නේ?

ඉගෙනගත්ත දේ

දේවරාජ්‍යයෙන් දෙවියන් කැමති හැම දෙයක්ම ඉටු කරනවා. මේ මුළු පොළොවම පාරාදීසයක් කරනවා. පාරාදීසයේ ජීවත් වෙන අය සදාකාලයටම යෙහෝවාට නමස්කාර කරනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • දේවරාජ්‍යයෙන් යෙහෝවාගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් කරන්නේ කොහොමද?

  • බයිබලයේ තියෙන පොරොන්දු දේවරාජ්‍යයෙන් ඉටු කරනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

  • ඔයා ආසාවෙන් ඉන්නේ දේවරාජ්‍යයෙන් ඉටු කරන මොන දේ දකින්නද?

ඔයාට කරන්න දෙයක්
කියන පත්‍රිකාව පාවිචිචි කරන්න.

තව දැනගන්න

හර්–මගෙදොන් කියන්නේ මොකක්ද කියලා දැනගන්න.

“හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?” (වෙබ් ලිපිය)

යේසුස්ගේ 1,000 අවුරුදු පාලන කාලයේදීත් ඒකේ අවසානයේදීත් වෙන්නේ මොනවාද කියලා දැනගන්න.

“විනිශ්චය දවසේදී සිදු වන්නේ කුමක්ද?” (2012 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’)

පවුලක් විදිහට එකතු වෙලා දේවරාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ගැන හිතන්න පුළුවන් කොහොමද කියලා බලන්න.

‘පාරාදීසයේදී මොනවාද කරන්න කැමති?’ (1:50)

රජයට විරුද්ධව කැරලිගහපු කෙනෙක්ට තිබුණ ප්‍රශ්නවලට උත්තර ලැබුණ විදිහ දැනගන්න “මම ගොඩක් දේවල් ගැන කල්පනා කළා” කියන කොටස කියවන්න.

“ජීවිත වෙනස් කළ පොතක්” (2012 ජනවාරි 1 ‘මුරටැඹ’)