Skip to content

පටුනට යන්න

40 පාඩම

දෙවියන් පවිත්‍ර අය හැටියට සලකන්නේ කොයි වගේ අයවද?

දෙවියන් පවිත්‍ර අය හැටියට සලකන්නේ කොයි වගේ අයවද?

හිතන්න, අම්මා කෙනෙක් එයාගේ පුතාව ඉස්කෝලේ යවන්න ලෑස්ති කරනවා කියලා. එයාව නාවලා, පිරිසිදු ඇඳුම් අන්දවලා තමයි පුතාව යවන්නේ. ඒක දරුවාගේ සෞඛ්‍යයට හොඳයි වගේම දකින අය තේරුම්ගන්නවා එයාගේ දෙමාපියන් එයාව හොඳට බලාගන්නවා කියලා. ඒකෙන් දෙමාපියන්ට ගෞරවයක් ලැබෙනවා. ඒ වගේ අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා කැමතියි අපි පිරිසිදුව ඉන්නවාට. අපේ ශරීරය වගේම අපි කියන කරන දේවල් සහ හිතන දේවල් පිරිසිදුව තියාගන්නවාට ඔහු කැමතියි. ඒක අපිට ප්‍රයෝජනවත්. ඒකෙන් දෙවියන්වත් ගෞරවයට පත් වෙනවා.

1. අපිට පිරිසිදුව ඉන්න පුළුවන් කොහොමද?

යෙහෝවා අපිට කියනවා “ඔබ ශුද්ධව සිටිය යුතුයි” කියලා. (1 පේතෘස් 1:16) ශුද්ධව ඉන්නවා කියද්දී ඒකට අපේ ශරීර, අපි ඉන්න වටපිටාව වගේම අපේ සිතුවිලි සහ සදාචාරය අතින් පවිත්‍රව ඉන්න එකත් ඇතුළත් වෙනවා. අපේ ශරීර පිරිසිදුව තියාගන්න නම් අපි නිතර ඇඟපත හෝදගන්න ඕනේ. අපේ ඇඳුම්, අපි ඉන්න ගේ, වාහනය පිරිසිදුව, පිළිවෙළට තියාගන්න එකත් වැදගත්. නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදුව තියාගන්නත් අපි උදව් කරන්න ඕනේ. එහෙම කරද්දී අපිට පුළුවන් යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්න.—2 කොරින්ති 6:3, 4.

2. පිරිසිදුව ඉන්න නම් අපි මොන වගේ පුරුදුවලින් ඈත් වෙන්න ඕනෙද?

බයිබලයේ අපිට උනන්දු කරන්නේ “මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගන්න” ඕනෙ කියලා. (2 කොරින්ති 7:1) ඒ නිසා අපේ ශරීර සහ මනස අපවිත්‍ර කරන ඕනම දේකින් අපි වැළකිලා ඉන්න ඕනේ. අපි නරක දේවල් ගැන හිතන්නේ නැතුව ඉන්න ලොකු උත්සාහයක් ගන්නත් ඕනේ. මොකද අපිට ඕනෙ අපි හිතන පතන දේවලිනුත් යෙහෝවාව සතුටු කරන්න. (ගීතාවලිය 104:34) අපි කතා කරන දේවල්, කතා කරන විදිහ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ.—කොලොස්සි 3:8 කියවන්න.

අපි අපවිත්‍ර වෙන්නේ තව මොන වගේ දේවලින්ද? දුම්කොළ, බුලත්විට, මත්ද්‍රව්‍ය පාවිච්චිය නිසා අපේ ශරීර අපවිත්‍ර වෙනවා. බෙහෙත් වර්ග අනිසි විදිහට පාවිච්චි කරන එකෙනුත් අපි වැළකෙන්න ඕනේ. ඒ දේවලින් වැළකිලා ඉද්දී අපිට හොඳ සෞඛ්‍යයක් ඇතුව ඉන්න පුළුවන් වගේම ජීවිතය කියන තෑග්ග අපිට වටිනවා කියලා අපි පෙන්නනවා. අපි ස්වයංවින්දනය, අසභ්‍ය දර්ශන බලන එක වගේ නරක පුරුදුවලින් වැළකිලා ඉන්නත් ඕනේ. එහෙම කරද්දී සදාචාරය අතින් පිරිසිදුව ඉන්න අපිට පුළුවන්. (ගීතාවලිය 119:37; එෆීස 5:5) ඒ වගේ පුරුදු අත්හරින එක ලේසි නැතත් යෙහෝවාගේ උදව්වෙන් ඒක කරන්න පුළුවන්.—යෙසායා 41:13 කියවන්න.

තවත් හොයමු

අපි පිරිසිදුව ඉද්දී යෙහෝවාව ගෞරවයට පත් වෙන්නේ කොහොමද කියලත් අපවිත්‍ර පුරුදුවලින් ගොඩ එන්න පුළුවන් කොහොමද කියලත් බලන්න.

3. අපි පිරිසිදුව ඉන්න එක යෙහෝවා දෙවියන්ට ගෞරවයක්

යෙහෝවා පිරිසිදුකම සලකන විදිහ ඔහු ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතිවලින් අපිට තේරුම්ගන්න පුළුවන්. නික්මයාම 19:10 සහ 30:17-19 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවා පිරිසිදුකම සලකන විදිහ ගැන ඔයා මේ පදවලින් තේරුම්ගත්තේ මොකක්ද?

  • පිරිසිදුව ඉන්න ඔයාට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

පිරිසිදුව ඉන්න නම් උත්සාහයක් දරන්න වෙනවා. කාලයත් වැය වෙනවා. අපි කොහේ ජීවත් වුණත් අපි දුප්පත් වුණත් පොහොසත් වුණත් ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අපි සේවයේ හවුල් වෙද්දී අපිට තියෙන දේවල් පිරිසිදුව, පිළිවෙළට තියෙනවා නම් ඒකෙන් යෙහෝවාව ගෞරවයට පත් වෙන්නේ කොහොමද?

4. නරක පුරුදු අත්හරින්න

යෙහෝවාට පුළුවන් ඕනෙම නරක පුරුද්දකින් ගොඩ එන්න අපිට උදව් කරන්න

ඔයා නරක පුරුද්දකට ඇබ්බැහි වෙලා නම් ඒක අත්හරින එක කොච්චර අමාරුද කියලා ඔයා දන්නවා. ඒක අත්හරින්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? වෙන හානිය ගැන හිතන්න. මතෙව් 22:37-39 කියවලා නරක පුරුදු මේ දේවලට බලපාන විදිහ ගැන කතා කරන්න.

  • කෙනෙක්ට යෙහෝවා එක්ක තියෙන බැඳීමට.

  • කෙනෙක්ගේ පවුලේ අයට සහ එයා ආශ්‍රය කරන අයට.

නරක පුරුද්දක් අත්හරින්න ගන්න ඕන පියවර ගැන හොඳට හිතලා ඒ අනුව වැඩ කරන්න. a වීඩියෝ එක බලන්න.

ෆිලිප්පි 4:13 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • නිතිපතා යාච්ඤා කරන එක, බයිබලය අධ්‍යයනය කරන එක, රැස්වීම්වලට සහභාගි වෙන එක නරක පුරුද්දක් අත්හරින්න කෙනෙක්ට උදව් වෙන්නේ කොහොමද?

5. අපවිත්‍ර සිතුවිලි සහ පුරුදුවලට විරුද්ධව සටන් කරන්න

කොලොස්සි 3:5 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අසභ්‍ය දේවල් බලන එක, අසභ්‍ය පින්තූර සහ පණිවිඩ ෆෝන් එකෙන් යවන එක, ස්වයංවින්දනය යෙහෝවා අපවිත්‍ර දේවල් හැටියට සලකනවා කියලා අපි දන්නේ කොහොමද?

  • අපි කියන කරන දේවල් වගේම අපේ සිතුවිලි යෙහෝවා බලාපොරොත්තු වෙන විදිහට පවිත්‍රව තියාගන්න අපිට පුළුවන්ද? ඔයා එහෙම කියන්නේ ඇයි?

වැරදි සිතුවිලිවලට විරුද්ධව සටන් කරන්නේ කොහොමද කියලා දැනගන්න. වීඩියෝ එක බලන්න.

පවිත්‍රව ඉන්න අපේ පැත්තෙන් අපි ඕනෙම දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕන කියලා පෙන්නන්න යේසුස් උදාහරණයක් පාවිච්චි කළා. මතෙව් 5:29, 30 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යේසුස් මෙතන අදහස් කරන්නේ අපි අපිටම හානි කරගන්න ඕනෙ කියන එක නෙමෙයි. ඒ වෙනුවට කොච්චර අමාරු වුණත් ඒ සටන වෙනුවෙන් අපි ස්ථිර පියවර ගන්න ඕනෙ කියලයි. කෙනෙක්ට අපවිත්‍ර සිතුවිලිවලින් වැළකිලා ඉන්න ගන්න පුළුවන් පියවර මොනවාද? b

ඔයා අපවිත්‍ර සිතුවිලි අයින් කරගන්න ලොකු සටනක් කරන කෙනෙක් නම් යෙහෝවා ඔයා ගන්න උත්සාහය ගොඩක් අගය කරනවා. ගීතාවලිය 103:13, 14 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අපවිත්‍ර පුරුද්දකින් ගොඩ එන්න ඔයා ලොකු සටනක් කරන කෙනෙක් නම් ඒ සටන දිගටම කරන්න මේ බයිබල් පදය ඔයාට උදව් වෙන්නේ කොහොමද?

වැටුණත් ආයෙත් නැඟිටින්න!

‘ආයෙත් මේක මගේ අතින් වුණා. මේක නම් අත්හරින්න මට බැරි වෙයි’ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි හිතන්න රේස් එකක දුවන කෙනෙක් ගැන. දුවද්දී එයාගේ කකුල පැටලිලා වැටෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කරනවාද එයා පැරදුණා කියලා? නැත්නම් ආයෙත් මුලට ගිහින් පටන්ගන්න ඕනෙ කියලා? ඒ වගේ ඔයා අත්හරින්න හදන පුරුද්ද ඔයා අතින් ආයේ සැරයක් වුණා කියලා ඒ සටනෙන් ඔයා සම්පූර්ණයෙන් පැරදුණා කියලා අදහස් කරන්නේ නැහැ. මේ වෙන කල් ඔයා දරපු උත්සාහය වතුරේ ගියා කියලත් කියන්න බැහැ. නරක පුරුද්දකින් ගොඩ එන්න උත්සාහ කරද්දී වැටි වැටී නැඟිටින එක සාමාන්‍ය දෙයක්. ඉතින් අත්හරින්න එපා! යෙහෝවාගේ උදව්වෙන් ඒ නරක පුරුද්ද අත්හරින්න ඔයාට පුළුවන්.

සමහරු මෙහෙම කියනවා: “මං මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මට මේක නවත්තගන්න බෑ.”

  • යෙහෝවාගේ උදව්වෙන් නරක පුරුද්දක් නතර කරන්න පුළුවන් කියලා කෙනෙක්ට කියලා දෙන්න ඔයාට පෙන්නන්න පුළුවන් මොන බයිබල් පදයද?

ඉගෙනගත්ත දේ

අපේ ශරීරය, අපේ සිතුවිලි, අපි කරන කියන දේවල් පිරිසිදුව තියෙද්දී යෙහෝවා සතුටු වෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • පවිත්‍රව ඉන්න එක එච්චර වැදගත් දෙයක් වෙන්නේ ඇයි?

  • අපේ ශරීරය සහ වටපිටාව පිරිසිදුව තියාගන්නේ කොහොමද?

  • අපේ සිතුවිලි සහ අපි කරන කියන දේවල් පිරිසිදුව තියාගන්න පුළුවන් කොහොමද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

දුප්පත් කෙනෙක්ට වුණත් පිරිසිදුව ඉන්න කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

‘සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව - අත් සේදීම’ (3:01)

සිගරට් බොන එක නවත්තන්න ගන්න පුළුවන් පියවර මොනවාද කියලා දැනගන්න.

“දුම්බීම නතර කළ හැකියි කෙසේද?” (2010 මැයි ‘පිබිදෙව්!’)

අසභ්‍ය දර්ශන බලන එක කොච්චර භයානකද කියලා දැනගන්න.

“මනසට විස අසභ්‍ය පින්තූර” (2013 අගෝස්තු 1 ‘මුරටැඹ’)

අසභ්‍ය දර්ශන බලපු කෙනෙක් ඒ පුරුද්ද අත්හැරියේ කොහොමද කියලා දැනගන්න.

“කිහිප සැරයක්ම වැටිලයි මං නැඟිට්ටේ” (2016 අංක 4 ‘මුරටැඹ’)

a “තව දැනගන්න” කියන කොටසේ සඳහන් වෙන “දුම්බීම නතර කළ හැකියි කෙසේද?” කියන එක බලන්න.

b ස්වයංවින්දනය කියන පුරුද්ද අත්හරින්න උදව් වෙන තොරතුරු ගැන දැනගන්න ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 1වන පොතේ “ස්වයංවින්දනය අත්හරින්නේ කොහොමද?” කියන 25වෙනි පරිච්ඡේදය බලන්න.