Skip to content

පටුනට යන්න

45 පාඩම

පැති ගන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

පැති ගන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

යේසුස් කිව්වා ඔහුගේ අනුගාමිකයන් ‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී’ ඉන්න ඕනේ කියලා (යොහන් 15:19) ඒකට දේශපාලනයෙදී, යුද්ධවලදී කිසිම පැත්තක් ගන්නේ නැතුව ඉන්න එක ඇතුළත්. හැබැයි එහෙම කරන එක හැම වෙලාවෙම ලේසි දෙයක් නෙමෙයි. අපි පැති ගන්නේ නැති නිසා මිනිස්සු අපිට හිනා වෙන්න පුළුවන්. පැති ගන්නේ නැතුව ඉන්නත් දිගටම යෙහෝවා දෙවියන්ට පක්ෂව ඉන්නත් අපිට පුළුවන් කොහොමද?

1. සැබෑ ක්‍රිස්තියානීන්ට ආණ්ඩු ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද?

ක්‍රිස්තියානීන් ආණ්ඩුවට අගෞරව වෙන විදිහට වැඩ කරන්නේ නැහැ. යේසුස් කියපු විදිහට අපි “සීසර්ට අයිති දේ සීසර්ට” දෙනවා. ඒ කියන්නේ බදු ගෙවන එක ඇතුළුව රටේ තියෙන නීතිවලට අපි කීකරු වෙනවා කියන එක. (මාක් 12:17) බයිබලයේ කියනවා මිනිස් ආණ්ඩු තියෙන්නේ එයාලට පාලනය කරන්න යෙහෝවා අවසර දීලා තියෙන නිසයි කියලා. (රෝම 13:1) ඉතින් ඒකෙන් පැහැදිලියි එයාලට තියෙන්නේ සීමිත බලයක් විතරයි කියලා. මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන් අපේ දෙවියන්ට සහ ඔහුගේ රාජ්‍යයට විතරයි කියලා අපි විශ්වාස කරනවා.

2. අපි පැති ගන්නේ නැහැ කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

යේසුස් වගේ අපි දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. යේසුස් කරපු ආශ්චර්යයන් දැක්කාම මිනිස්සු ඔහුව රජකමට පත් කරන්න හැදුවා. හැබැයි යේසුස් ඒකට ඉඩ දුන්නේ නැහැ. (යොහන් 6:15) ඒකට හේතුව ඔහු කියපු මේ වචනවලින් පැහැදිලියි. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.” (යොහන් 18:36) යේසුස්ගේ ගෝලයන් වෙන අපි කිසිම විදිහකින් පැති ගන්නේ නැහැ. උදාහරණෙකට අපි යුද්ධවලට හවුල් වෙන්නේ නැහැ. (මීකා 4:3 කියවන්න.) අපි ජාතික කොඩිය වගේ ලාංඡනවලට අගෞරව වෙන විදිහට වැඩ කරන්නේ නැති වුණත් අපි දෙවියන්ට දෙන්න ඕනෙ තැන ඒවාට දෙන්නේ නැහැ. (1 යොහන් 5:21) ඒ වගේම අපි දේශපාලන පක්ෂයක නැත්නම් නායකයෙක්ගේ පැත්ත ගන්නේවත් එයාට විරුද්ධව වැඩ කරන්නේවත් නැහැ. ඒ වගේ විදිවලින් සහ වෙනත් විදිවලින් අපේ සම්පූර්ණ සහය අපි දෙන්නේ දෙවියන්ගේ ආණ්ඩුවට, ඔහුගේ රාජ්‍යයට කියලා අපි පෙන්නනවා.

තවත් හොයමු

පැති නොගෙන ඉන්න එක අමාරු වෙන්න පුළුවන් අවස්ථා ගැනත් ඒ වගේ අවස්ථාවලදී යෙහෝවාව සතුටු කරන විදිහේ තීරණ ගන්න පුළුවන් කොහොමද කියලත් දැනගන්න.

3. සැබෑ ක්‍රිස්තියානීන් පැති ගන්නේ නැහැ

යේසුස් සහ ඔහුගේ මුල් අනුගාමිකයන් අපිට හොඳ ආදර්ශයක් තිබ්බා. රෝම 13:1, 5-7 සහ 1 පේතෘස් 2:13, 14 කියවන්න. ඊටපස්සේ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • අපි ආණ්ඩු බලධාරීන්ට ගරු කරන්න ඕනෙ ඇයි?

  • අපි එයාලට යටත් වෙනවා කියලා පෙන්නන්න පුළුවන් සමහර විදි මොනවාද?

රටවල් දෙකක් අතර යුද්ධයක් ඇති වෙද්දී සමහර රටවල් කියනවා එයාලා කාගෙවත් පැත්ත ගන්නේ නැහැ කියලා. හැබැයි එයාලා දෙපැත්තටම යම් විදිවලින් උදව් කරනවා. එහෙම කරනවා නම් එයාලා පැති ගන්නේ නැහැ කියලා ඇත්තටම කියන්න පුළුවන්ද? යොහන් 17:16 කියවන්න. ඊටපස්සේ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • පැති නොගෙන ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

දෙවියන් අකමැති දෙයක් කරන්න කියලා ආණ්ඩුවෙන් කියනවා නම් මොනවාද කරන්නේ? ක්‍රියා 5:28, 29 කියවන්න. ඊටපස්සේ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • මිනිස්සුන්ගේ නීති සහ දෙවියන්ගේ නීතිය ගැටෙද්දී අපි කීකරු වෙන්න ඕනෙ කාගේ නීතියටද?

  • ක්‍රිස්තියානීන්ට ආණ්ඩුවලට කීකරු වෙන්න බැරි අවස්ථා ගැන ඔයාට හිතන්න පුළුවන්ද?

4. හිතෙන්වත් පැති ගන්න එපා

1 යොහන් 5:21 කියවන්න. ඊටපස්සේ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • දේශපාලන පක්ෂයකට සහය නොදී ඉන්නත් කොඩියට ආචාර කරන එක වගේ ජාතිවාදී දේවලට සම්බන්ධ නොවී ඉන්නත් අයෙන්ගේ තීරණය කළේ ඇයි?

  • එයා ගත්ත තීරණය ඥානවන්ත එකක් කියලා ඔයා හිතනවාද?

කිසිම පැත්තක් ගන්නේ නැතුව ඉන්න එක අපිට අමාරු වෙන්න පුළුවන් තවත් මොන අවස්ථාවලදීද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • රට රටවල් අතර තියෙන ක්‍රීඩා තරඟ බලද්දී අපිට පැති නොගෙන ඉන්න පුළුවන් කොහොමද?

  • දේශපාලන නායකයන් ගන්න තීරණවලින් අපිට වාසියක් වුණත් අවාසියක් වුණත් අපිට පැති නොගෙන ඉන්න පුළුවන් කොහොමද?

  • ජනමාධ්‍යයෙන් අපිට ඇහෙන දේවල්, අපි ආශ්‍රය කරන අය කියන දේවල් නිසා පැති නොගෙන ඉන්න අපිට අමාරු වෙන්න පුළුවන් ඇයි?

ක්‍රිස්තියානීන් හිතින්වත් පැති නොගෙන ඉන්න ඕනෙ මොන වගේ කාරණාවලදීද?

සමහරු මෙහෙම අහයි: “ඇයි ඔයාලා ජාතික ගීය කියන්නැත්තේ, කොඩියට ආචාර කරන්නැත්තේ?”

  • ඔයා ඒකට උත්තර දෙන්නේ කොහොමද?

ඉගෙනගත්ත දේ

දේශපාලන කාරණාවලදී කරන කියන දේවලින් විතරක් නෙවෙයි, හිතෙන්වත් පැති නොගෙන ඉන්න ක්‍රිස්තියානීන් ලොකු උත්සාහයක් ගන්නවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • අපි ආණ්ඩුවලට කොහොම සලකයි කියලාද දෙවියන් බලාපොරොත්තු වෙන්නේ?

  • දේශපාලන කාරණාවලදී අපි කිසිම පැත්තක් ගන්නේ නැත්තේ ඇයි?

  • පැති ගන්නේ නැතුව ඉන්න එක අපිට අමාරු වෙන්න පුළුවන් මොන අවස්ථාවලදීද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

පැති නොගෙන ඉන්න නිසා අපිට මොන වගේ දේවල් කැප කරන්න වෙයිද?

‘යෙහෝවා දෙවි කවදාවත් අපිව අසරණ කළේ නැහැ’ (3:14)

පැති නොගෙන ඉන්න නිසා එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න පවුලක් හැටියට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

‘සෙනඟක් අතරේ හිටියත් පැති ගන්න එපා’ (4:25)

ජීවිතේ ලබන්න පුළුවන් උසස්ම ගෞරවය ලැබෙන්නේ රට රකින එකෙන් නෙමෙයි කියලා කියන්නේ ඇයි?

”දෙවිට සෑම දෙයක්ම කරන්න පුළුවන්” (5:19)

රැකියාවට සම්බන්ධ තීරණ ගද්දී ‘ලෝකයට සමාන නොවී ඉන්න’ පුළුවන් කොහොමද කියලා බලන්න.

“එකිනෙකා තම තමාට තිබෙන වගකීම නමැති බර උසුලන්නේය” (2006 මාර්තු 15 ‘මුරටැඹ’)