Skip to content

පටුනට යන්න

46 පාඩම

යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වෙන්න ඕනෙ ඇයි?

යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වෙන්න ඕනෙ ඇයි?

යෙහෝවාට කැප වෙනවා කියන්නේ ඔහුට විතරක් නමස්කාර කරනවා කියලත් ඔහු කැමති දේ කරන එකට ඔයාගේ ජීවිතේ මුල් තැන දෙනවා කියලත් යාච්ඤාවක් කරලා ඔහුට පොරොන්දු වෙන එකටයි. (ගීතාවලිය 40:8) ඒ පොරොන්දුව දුන්නාට පස්සෙයි කෙනෙක් බව්තීස්ම වෙන්නේ. බව්තීස්ම වෙද්දී ඔයා පෙන්නන්නේ ඔයාගේ ජීවිතේ ඔයා යෙහෝවාට කැප කරලා කියලයි. යෙහෝවාට කැප වෙන එක තමයි ඔයාගේ ජීවිතේ ඔයාට ගන්න පුළුවන් වැදගත්ම තීරණය. ඒ තීරණයත් එක්ක ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේ තීරණයක් ගන්න ඔයා පෙලඹෙන්නේ මොකක් නිසාද?

1. කෙනෙක් යෙහෝවාට කැප වෙන්න පෙලඹෙන්නේ ඇයි?

අපි යෙහෝවාට කැප වෙන්නේ ඔහුට තියෙන ආදරේ නිසයි. (1 යොහන් 4:10, 19) බයිබලයේ මෙහෙම කියනවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මාක් 12:30) අපි කියන දේවලින් විතරක් නෙමෙයි අපි කරන දේවලිනුත් අපි දෙවියන්ට ආදරෙයි කියලා පේන්න ඕනේ. දෙන්නෙක් එකිනෙකාට ආදරෙයි නම් ඒ දෙන්නා විවාහ වෙන්න තීරණය කරනවා. ඒ වගේ යෙහෝවා ගැන අපිට තියෙන ආදරේ තමයි අපිව පොලඹවන්නේ අපේ ජීවිතේ ඔහුට කැප කරලා බව්තීස්ම වෙන්න.

2. බව්තීස්ම වුණ ඔහුගේ සාක්ෂිකරුවන්ට යෙහෝවා ආශීර්වාද කරන්නේ කොහොමද?

බව්තීස්ම වුණාට පස්සේ ඔයා යෙහෝවාගේ පවුලේ සාමාජිකයෙක් වෙනවා. ඔහුගේ පවුලේ කෙනෙක් වුණාම හුඟක් විදිවලින් ඔහුගේ ආදරේ අද්දකින්න ඔයාට පුළුවන් වෙයි. ඔහුට තව තවත් ළං වෙන්නත් ඔයාට පුළුවන් වෙයි. (මලාකි 3:16-18 කියවන්න.) යෙහෝවා ඔයාගේ ආදරණීය තාත්තා වෙනවා වගේම ඔයාට සහෝදර සහෝදරියනුත් හුඟදෙනෙක් ලැබෙයි. ලෝකේ පුරාම ඉන්න ඒ අය යෙහෝවාටත් ඔයාටත් ගොඩක් ආදරෙයි. (මාක් 10:29, 30 කියවන්න.) බව්තීස්ම වෙන්න කලින් ඔයා කරන්න ඕනෙ දේවල් කීපයක් තියෙනවා. ඔයා යෙහෝවා ගැන හොඳට ඉගෙනගන්න ඕනේ. ඔහුට ආදරේ කරන්න ඕනේ. ඔහුගේ පුතා ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. ඊටපස්සේ ඔයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරන්න ඕනේ. ඒ දේවල් කරලා ඔයා බව්තීස්ම වෙනවා නම් ඔයාට පුළුවන් වෙනවා හැමදාටම සතුටින් ජීවත් වෙන්න. ‘ඔබ ගැලවෙන්නේ බව්තීස්මය මගින්’ කියලා බයිබලයේ කියනවා.—1 පේතෘස් 3:21.

තවත් හොයමු

ඔයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරලා බව්තීස්ම වෙන එක වැදගත් ඇයි කියලා දැනගන්න.

3. නමස්කාර කරන්නේ කාටද කියලා අපි හැමෝම තීරණයක් ගන්න ඕනේ

අතීතයේ හිටපු සමහර ඊශ්‍රායෙල්වරු හිතුවා යෙහෝවාට නමස්කාර කරන ගමන් බාල් කියන බොරු දෙවියාට නමස්කාර කරන්නත් පුළුවන් කියලා. ඒත් යෙහෝවා ඔහුගේ සේවකයා වන එලියාව යවලා කිව්වා ඒ වගේ දෙයක් කරන එක වැරදියි කියලා. 1 රාජාවලිය 18:21 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඊශ්‍රායෙල්වරුන්ට ගන්න වුණේ මොන තීරණයද?

ඊශ්‍රායෙල්වරුන් වගේ අපිත් තීරණයක් ගන්න ඕනෙ අපි නමස්කාර කරන්නේ කාටද කියලා. ලූක් 16:13 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • යෙහෝවාට නමස්කාර කරන ගමන් වෙන කෙනෙක්ට හරි වෙන දේකට හරි නමස්කාර කරන්න අපිට බැරි ඇයි?

  • අපි තීරණය කරලා තියෙන්නේ යෙහෝවාට නමස්කාර කරන්නයි කියලා පෙන්නන්නේ කොහොමද?

4. යෙහෝවා ඔයාට කොච්චර ආදරෙයිද කියලා හිතන්න

යෙහෝවා අපිට වටිනා තෑගි හුඟක් දීලා තියෙනවා. ඔහු වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් මොනවාද? වීඩියෝ එක බලන්න.

යෙහෝවා ඔයාට ආදරෙයි කියලා පෙන්නලා තියෙන්නේ මොන විදිවලින්ද? ගීතාවලිය 104:14, 15 සහ 1 යොහන් 4:9, 10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ඔයා වැඩියෙන්ම අගය කරන්නේ යෙහෝවා දීලා තියෙන මොන තෑගිද?

  • ඒ තෑගි ගැන හිතද්දී ඔයාට යෙහෝවා ගැන දැනෙන්නේ කොහොමද?

අපි හුඟක් ආස කරන තෑග්ගක් ලැබුණාම ඒක දුන්න කෙනාට අපේ හිතේ තියෙන අගය පෙන්නන්න අපිට ලොකු ආසාවක් ඇති වෙනවා. ද්විතීය කතාව 16:17 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවා ඔයා වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක් ගැනම හිතද්දී ඔයා කරන්න පෙලඹෙන්නේ මොකක්ද?

5. කැප වෙන අයට හුඟක් ආශීර්වාද ලැබෙනවා

හොඳ රස්සාවක්, සල්ලි, ප්‍රසිද්ධිය තිබුණොත් තමයි සතුටින් ඉන්න පුළුවන් කියලා ගොඩක් අය හිතනවා. ඒත් ඒක ඇත්තක්ද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • වීඩියෝ එකේ පෙන්නපු ක්‍රීඩකයා ෆුට්බෝල් සෙල්ලම් කරන්න ගොඩක් ආස වුණත් එයා ඒක අත්හැරියේ ඇයි?

  • එයා ෆුට්බෝල් අත්හැරලා යෙහෝවාට එයාගේ ජීවිතේ කැප කරන්න තීරණය කළා. එයා ගත්ත තීරණය හරියි කියලා ඔයා හිතනවාද? ඔයා එහෙම හිතන්නේ ඇයි?

යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කලින් පාවුල් හුඟක් ප්‍රසිද්ධ ගුරුවරයෙක්ගෙන් යුදෙව් නීතිය ගැන ඉගෙනගත්තා. මොකද එයාට ඕනෙ වුණේ සමාජයේ ඉහළටම යන්නයි. ඒත් ඒ හැම දේම අත්හැරලා එයා ක්‍රිස්තියානියෙක් වෙන්න තීරණය කළා. ගත්ත තීරණය ගැන පාවුල් දුක් වුණාද? ෆිලිප්පි 3:8 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • ක්‍රිස්තියානියෙක් වෙන්න කලින් එයා කරපු හැම දේම පාවුල් “කුණු ගොඩක්” විදිහට සැලකුවේ ඇයි?

  • අත්හැරපු දේවල් වෙනුවට එයාට ලැබුණේ මොනවාද?

  • ඔයා හිතන විදිහට වඩාත් හොඳ ඔයා ආස කරන දේවලට ජීවිතේ කැප කරන එකද නැත්නම් යෙහෝවාට ජීවිතේ කැප කරන එකද? ඔයා එහෙම හිතන්නේ ඇයි?

ක්‍රිස්තියානියෙක් වෙන්න පාවුල් හුඟක් දේවල් අත්හැරියා. ඒත් ගත්ත ඒ තීරණය නිසා එයාට ඊට වඩා හුඟක් වටින දේවල් ලැබුණා

සමහරු මෙහෙම කියනවා: “මං ජීවත් වෙන්න ඕනෙ මට ඕනෙ විදිහටනේ. ඇයි මං මගේ ජීවිතේ දෙවියන්ට කැප කරන්නේ?”

  • ඔයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරන එක තමයි හොඳම දේ කියලා ඔයා හිතන්නේ ඇයි?

ඉගෙනගත්ත දේ

යෙහෝවාට ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන්න අපි පෙලඹෙන්නේ ඔහුට තියෙන ආදරේ නිසයි.

ඔයා හිතන්නේ මොකක්ද?

  • යෙහෝවා අපේ ආදරයත් නමස්කාරයත් ලබන්න වටින්නේ ඇයි?

  • බව්තීස්ම වුණ ඔහුගේ සාක්ෂිකරුවන්ට යෙහෝවා ආශීර්වාද කරන්නේ කොහොමද?

  • යෙහෝවා දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරන්න ඔයා කැමතිද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

ගායිකාවක් සහ ක්‍රීඩකයෙක් එයාලගේ ජීවිත යෙහෝවාට කැප කරන්න තීරණය කළේ ඇයි කියලා දැනගන්න.

‘යොවුන් සිතේ ගැටලු - මං මොනවාද ඉස්සරහට කරන්නේ? - අතීතය දෙස බැලීම’ (6:54)

යෙහෝවාට අපේ ජීවිතේ කැප කරන්න තියෙන තවත් හේතු ගැන දැනගන්න.

“ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කළ යුත්තේ ඇයි?” (2010 ජනවාරි 15 ‘මුරටැඹ’)

සිංදුව බලලා යෙහෝවාට ජීවිතේ කැප කරපු අය කොයි තරම් සතුටක් ලබනවාද කියලා බලන්න.

‘කැප වෙමි මම ඔබට’ (4:30)

ජීවිතේ වඩාත්ම වැදගත් දේ මොකක්ද කියලා හොයලා බලන්න කාන්තාවක් පෙලඹුණේ ඇයි කියලා දැනගන්න “ජීවිතයේ අරමුණ මොකක්ද කියලා මම සෑහෙන කාලයක් කල්පනා කළා” කියන ලිපිය කියවන්න.

“ජීවිත වෙනස් කළ පොතක්” (2012 නොවැම්බර් 1 ‘මුරටැඹ’)