Skip to content

පටුනට යන්න

54 පාඩම

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” තියෙන වගකීම්

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” තියෙන වගකීම්

ක්‍රිස්තියානි සභාවේ හිස යේසුස්. (එෆීස 5:23) යේසුස් ස්වර්ගයේ ඉඳන් පොළොවේ ඉන්න ඔහුගේ අනුගාමිකයන්ට මඟ පෙන්නන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන්. (මතෙව් 24:45 කියවන්න.) ඒ “දාසයාව” පත් කළේ යේසුස්. ඒ වගේම සභාව වෙනුවෙන් යම් තීරණ ගන්න අයිතියත් යේසුස් ඒ දාසයාට දීලා තියෙනවා. හැබැයි විශ්වාසවන්ත නුවණ ඇති දාසයා යේසුස්ට කීකරු වෙන්න ඕනෙ වගේම යේසුස්ගේ සහෝදරයන්ට සේවය කරන්නත් ඕනේ. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා කියන්නේ කාටද? ඒ දාසයා අපිව රැකබලා ගන්නේ කොහොමද?

1. “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කියන්නේ කාටද?

අතීතයේ ඉඳන්ම යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්වීම් දුන්නේ යම් කෙනෙක්ව නැත්නම් පුරුෂයන් කීපදෙනෙක්ව යොදාගෙනයි. (මලාකි 2:7; හෙබ්‍රෙව් 1:1) යේසුස්ගේ මරණයෙන් පස්සේ මූලිකත්වය අරන් වැඩ කළේ යෙරුසලමේ හිටපු යේසුස්ගේ නියෝජිතයන් සහ වැඩිමහල්ලන් කීපදෙනෙක්. (ක්‍රියා 15:2) අද ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තියෙන්නෙත් ඒ වගේම සැලැස්මක්. එයාලට වැඩිමහල්ලන් කීපදෙනෙක්ගෙන් හැදුණු පාලක මණ්ඩලයක් ඉන්නවා. ඒ පාලක මණ්ඩලයෙන් තමයි දෙවියන් එක්ක එයාලට තියෙන යාළුකම තව වැඩි කරගන්න ඕනෙ කරන පෝෂණයත් සේවයට ඕනෙ කරන මඟ පෙන්වීමුත් ලබා දෙන්නේ. ඒ වැඩිමහල්ලන් තමයි ‘[යේසුස්] පත් කරපු විශ්වාසවන්ත නුවණ ඇති දාසයා.’ (මතෙව් 24:45) පාලක මණ්ඩලයේ ඉන්න සහෝදරයන් හැමෝම අභිෂේක ලත් අය. එයාලා ආසාවෙන් බලාගෙන ඉන්නේ පොළොවේ ගත කරන ජීවිතේ අවසන් වුණාට පස්සේ යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්නයි.

2. විශ්වාසවන්ත දාසයා ලබා දෙන්නේ මොන වගේ පෝෂණයක්ද?

විශ්වාසවන්ත දාසයා ‘[දෙවියන්ගේ සෙනඟට] නියම වෙලාවට ආහාර ලබා දෙනවා’ කියලා යේසුස් කිව්වා. (මතෙව් 24:45) අපි කන කෑම අපිට ශක්තිමත්ව, නිරෝගීව ඉන්න උදව් වෙනවා. ඒ වගේ දාසයා අපිට බයිබලයෙන් දෙන පෝෂණය නිසා යෙහෝවා දෙවියන්ට දිගටම විශ්වාසවන්තව ඉඳලා යේසුස් අපිට භාර දුන්න වැඩේ හොඳින් කරන්න ශක්තිය ලැබෙනවා. (1 තිමෝති 4:6) දාසයා අපිට රැස්වීම්වලින්, සමුළුවලින්, බයිබලය මත පදනම් ප්‍රකාශනවලින් සහ වීඩියෝවලින් ඒ පෝෂණය ලබා දෙනවා. ඒ දේවල් අපිට උදව් වෙනවා යෙහෝවා කැමති දේ තේරුම්ගන්න සහ ඔහු එක්ක අපිට තියෙන යාළුකම තව වැඩි කරගන්න.

තවත් හොයමු

අපිට පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම් ඕනෙ ඇයි කියලා දැනගන්න.

ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ඕනෙ කරන පෝෂණය, මඟ පෙන්වීම් සහ උදව් පාලක මණ්ඩලය ලබා දෙනවා

3. සාක්ෂිකරුවන් හොඳ සැලැස්මකට අනුව වැඩ කරන සෙනඟක්

යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ පාලක මණ්ඩලය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ හැම වැඩක්ම හොඳින් සැලසුම් කරනවා. මුල් ක්‍රිස්තියානීන් අතරෙත් ඒ වගේම සැලැස්මක් තිබුණා. වීඩියෝ එක බලන්න.

1 කොරින්ති 14:33, 40 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • තමන්ගේ සෙනඟ හොඳින් සංවිධානය වෙලා ඉන්නවාට යෙහෝවා කැමතියි කියලා මේ පදවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

4. දාසයා අපි කරන දේශනා සේවය සැලසුම් කරනවා

මුල් ක්‍රිස්තියානීන් කරපු වැදගත්ම දේ තමයි ශුභාරංචිය දේශනා කරන එක. ක්‍රියා 8:14, 25 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • දේශනා කරන්න ඕනෙ විදිහ ගැන මුල් ක්‍රිස්තියානීන්ට මඟ පෙන්වීම් දුන්නේ කවුද?

  • අනිත් නියෝජිතයන් මඟ පෙන්වීම් දුන්නාම පේතෘස් සහ යොහන් මොකද කළේ?

දේශනා සේවය තමයි පාලක මණ්ඩලය සංවිධානය කරන වැදගත්ම වැඩේ. වීඩියෝ එක බලන්න.

දේශනා කරන වැඩේ කොච්චර වැදගත්ද කියලා යේසුස් කිව්වා. මාක් 13:10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • දේශනා කරන එක ගොඩක් වැදගත් දෙයක් කියලා පාලක මණ්ඩලය සලකන්නේ ඇයි?

  • ලෝකේ පුරාම කරන ඒ වැඩේ සංවිධානය කරන්න “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාගේ” උදව් ඕනෙ ඇයි?

5. දාසයා අපිට ඕනෙ කරන මඟ පෙන්වීම් දෙනවා

ලෝකේ පුරාම ඉන්න දෙවියන්ගේ සෙනඟට ඕනෙ කරන මඟ පෙන්වීම් පාලක මණ්ඩලයෙන් ලබා දෙනවා. දෙන්න ඕනෙ මොන වගේ මඟ පෙන්වීම්ද කියලා එයාලා තීරණය කරන්නේ කොහොමද? මුල් සියවසේ හිටපු පාලක මණ්ඩලය ඒක කළේ කොහොමද කියලා බලන්න. ක්‍රියා 15:1, 2 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • මුල් ක්‍රිස්තියානීන් අතර මතභේදයක් ඇති වුණේ මොන කාරණය ගැනද?

  • ඒ ප්‍රශ්නය විසඳගන්න පාවුල්, බානබස් සහ අනිත් සහෝදරයන් ගියේ කවුරු ළඟටද?

ක්‍රියා 15:12-18, 23-29 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • තීරණයක් ගන්න කලින් ඒ ගැන දෙවියන් හිතන්නේ මොකක්ද කියලා දැනගන්න පාලක මණ්ඩලය කළේ මොනවාද?—12, 15 සහ 28 පද බලන්න.

ක්‍රියා 15:30, 31 සහ 16:4, 5 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • එදා හිටපු ක්‍රිස්තියානීන් පාලක මණ්ඩලය දුන්න මඟ පෙන්වීම් භාරගත්තේ කොහොමද?

  • ඒ මඟ පෙන්වීම්වලට කීකරු වුණ නිසා යෙහෝවා එයාලට ආශීර්වාද කළේ කොහොමද?

2 තිමෝති 3:16 සහ යාකොබ් 1:5 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අද ඉන්න පාලක මණ්ඩලයත් තීරණයක් ගන්න කලින් කරන්නේ මොනවාද?

සමහරු මෙහෙම කියනවා: “ඇයි අපි පාලක මණ්ඩලය කියන දේ අහන්නේ? එයාලත් අපි වගේ මිනිස්සුනේ.”

  • පාලක මණ්ඩලයට මඟ පෙන්වීම් දෙන්නේ යේසුස් කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?

ඉගෙනගත්ත දේ

පාලක මණ්ඩලය තමයි යේසුස් පත් කරපු “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා.” ලෝකේ පුරාම ඉන්න දෙවියන්ගේ සෙනඟට ඕනෙ කරන මඟ පෙන්වීම් සහ පෝෂණය ලබා දෙන්නේ පාලක මණ්ඩලයයි.

ඔයා හිතන්නේ මොකක්ද?

  • “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පත් කළේ කවුද?

  • පාලක මණ්ඩලය අපිව රැකබලා ගන්නේ කොහොමද?

  • පාලක මණ්ඩලය කියන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට” කියලා ඔයා විශ්වාස කරනවාද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

පාලක මණ්ඩලය සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න.

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය කියන්නේ මොකක්ද?” (වෙබ් ලිපිය)

නිවැරදි තොරතුරු ලබා දෙන්න පාලක මණ්ඩලය දරන වෑයම ගැන දැනගන්න.

‘නිවැරදිම තොරතුරු ලබා දෙන්න දරන වෑයම’ (17:18)

යේසුස් එයාලට භාර දුන්න වගකීම් ගැන පාලක මණ්ඩලයේ ඉන්න සහෝදරයන්ට හැඟෙන්නේ කොහොමද?

‘මිල කරන්න බැරි තෑග්ගක්!’ (7:04)

යෙහෝවා පාලක මණ්ඩලයට මඟ පෙන්නනවා කියලා අපේ රැස්වීම්වලින් සහ සමුළුවලින් පැහැදිලි වෙන්නේ කොහොමද?

‘යෙහෝවා ඔහුගේ සෙනඟට උගන්වයි’ (9:39)