Skip to content

පටුනට යන්න

57 පාඩම

ඔයා අතින් බරපතළ වරදක් වුණොත් . . .

ඔයා අතින් බරපතළ වරදක් වුණොත් . . .

ඔයා යෙහෝවාට ගොඩක් ආදරේ නිසා ඔහුගේ හිතට දුකක් ගේන කිසිම දෙයක් නොකර ඉන්න ඔයා ලොකු උත්සාහයක් ගන්නවා. හැබැයි සමහර වෙලාවට ඔයා අතින් වැරදි වෙනවා. සමහර වැරදි බරපතළයි. (1 කොරින්ති 6:9, 10) ඔයා අතින් බරපතළ වරදක් වුණොත් යෙහෝවා ඔයාට ආදරේ කරන එක නවත්තයි කියලා හිතන්න එපා. සමාව දීලා ඔයාට උදව් කරන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා.

1. යෙහෝවාගෙන් සමාව ලබාගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

කෙනෙක් අතින් බරපතළ වරදක් වුණාම එයාට යෙහෝවා ගැන ආදරයක් තියෙනවා නම් ඒ වරද ගැන එයාට ලොකු දුකක් දැනෙනවා. ඒත් යෙහෝවාගේ මේ පොරොන්දුව එයාට ලොකු සහනයක්. “ඔබේ පාප රතට රතේ තිබුණත් මම ඒවා හිම මෙන් සුදු වෙන්න සලස්වන්නෙමි.” (යෙසායා 1:18) අපි අවංකව පසුතැවිලි වෙනවා නම් යෙහෝවා අපිට සමාව දෙනවා. අපි අතින් වුණ වරද ඔහු ආයේ කවදාවත් මතක් කරන්නේ නැහැ. කෙනෙක් අවංකව පසුතැවිලි වෙනවා නම් කරපු වරද ගැන එයා ගොඩක් දුක් වෙනවා. ඒ වරද කරන එක නතර කරලා සමාව ඉල්ලලා යෙහෝවාට කන්නලව් කරනවා. එතනින් නතර නොවී ඒ වරදට වැටෙන්න හේතු වුණ පුරුදු, සිතුවිලි සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න එයා මහන්සි වෙනවා. යෙහෝවාගේ උසස් ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න එයා උත්සාහ කරනවා.—යෙසායා 55:6, 7 කියවන්න.

2. වරදක් වුණ කෙනෙක්ට උදව් කරන්න යෙහෝවා වැඩිමහල්ලන්ව පාවිච්චි කරන්නේ කොහොමද?

අපි අතින් බරපතළ වරදක් වුණොත් යෙහෝවා අපිට කියනවා “සභාවෙහි සිටින වැඩිමහල්ලන්ව කැඳවිය යුතුයි” කියලා. (යාකොබ් 5:14, 15 කියවන්න.) වැඩිමහල්ලන් යෙහෝවාටයි, ඔහුට සේවය කරන අයටයි ගොඩක් ආදරෙයි. යෙහෝවාත් එක්ක අපිට තිබුණ බැඳීම ආයේ ශක්තිමත් කරගන්න අපිට උදව් කරන්න එයාලට පුළුවන්. ඒක කරන විදිහ එයාලට කියලා දීලා තියෙනවා.—ගලාති 6:1.

අපි බරපතළ වරදක් කළොත් වැඩිමහල්ලන් උදව් කරන්නේ කොහොමද? වැඩිමහල්ලන් දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් අපිව හම්බ වෙලා බයිබලය පාවිච්චි කරලා අපි හිතන විදිහ හරිගස්සගන්න අපිට උදව් කරනවා. ආයේ ඒ වරදට වැටෙන්නේ නැතුව ඉන්න උදව් වෙන මඟ පෙන්වීමුත් එයාලා අපිට දෙනවා. යෙහෝවා එක්ක අපිට තිබුණ බැඳීම ආයේ ශක්තිමත් කරගන්න කල් සභාවේ සමහර දේවල් අපිට කරන්න බැහැ කියලා වැඩිමහල්ලන් කියයි. කෙනෙක් එයා කරපු වරද ගැන පසුතැවිලි වෙන්නේ නැත්නම් එයාව සභාවෙන් ඉවත් කරන්න වැඩිමහල්ලන් තීරණය කරයි. එහෙම කරන්නේ එයාගේ නරක බලපෑමෙන් සභාව ආරක්ෂා කරගන්න.

තවත් හොයමු

අපි අතින් බරපතළ වරදක් වුණොත් යෙහෝවා අපිට උදව් කරන විදිහ තව හොඳින් තේරුම් අරන් ඒ ගැන තියෙන අගය වැඩි කරගන්න.

3. වරද ගැන කියන එක සුව වෙන්න උදව්වක්

අපි අතින් වරදක් වෙද්දී ඒ ගැන යෙහෝවාගේ හිතට දුකක් දැනෙනවා. ඒ නිසා අපි අතින් වරදක් වුණාම ඒ ගැන අපි ඔහුට කියන්න ඕනේ. ගීතාවලිය 32:1-5 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • අපි අතින් වුණ වරද හංගන්න උත්සාහ කරනවා වෙනුවට ඒ ගැන යෙහෝවාට කියන්න ඕනෙ ඇයි?

අපේ වරද ගැන යෙහෝවාට කියනවාට අමතරව ඒ ගැන වැඩිමහල්ලන්ට කියන එකෙන් අපිට සහනයක් ලැබෙනවා. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ආයෙත් යෙහෝවාට ළං වෙන්න වැඩිමහල්ලන් කැනන්ට උදව් කළේ කොහොමද?

වැඩිමහල්ලන් එක්ක කතා කරද්දී කිසිම දෙයක් හංගන්නේ නැතුව හැම දෙයක්ම අවංකව කියන්න ඕනේ. එයාලා ඉන්නේ අපිට උදව් කරන්න කියලා මතක තියාගන්න. යාකොබ් 5:16 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • කිසිම දෙයක් හංගන්නේ නැතුව කියනවා නම් අපිට තව හොඳින් උදව් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

ඔයාගේ වරද ගැන කියන්න. වැඩිමහල්ලන්ගෙන් දේවල් හංගන්න එපා. යෙහෝවා දෙන උදව් පිළිගන්න

4. සභාවෙන් ඉවත් කරන එක ප්‍රයෝජනවත්

බරපතළ වරදක් කරපු කෙනෙක් යෙහෝවාගේ ප්‍රමිතිවලට කීකරු වෙන්න කැමති නැත්නම් එයාව තවදුරටත් සභාවේ කෙනෙක් හැටියට පිළිගන්නේ නැහැ. එයාව සභාවෙන් ඉවත් කරනවා. අපි එහෙම කෙනෙක් එක්ක ආශ්‍රය කරන්නේවත් කතා කරන්නේවත් නැහැ. 1 කොරින්ති 5:6, 11 සහ 2 යොහන් 9–11 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • බරපතළ වරදක් කරලා පසුතැවිලි වෙන්නේ නැති කෙනෙක්ව දිගටම ආශ්‍රය කරන එක සභාවේ අයට අනතුරක් වෙන්නේ කොහොමද?

සභාවෙන් ඉවත් කරපු හුඟදෙනෙක්ව පස්සේ කාලෙක ආයෙත් සභාවට පිළි අරන් තියෙනවා. එයාලට ලැබුණ හික්මවීම නිසා එයාලට වේදනාවක් දැනුණත් වරදේ බරපතළකම තේරුම්ගන්න ඒක එයාලට උදව් වෙලා තියෙනවා. (ගීතාවලිය 141:5) වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • සභාවෙන් ඉවත් කරපු එක සොන්යාට උදව් වුණේ කොහොමද?

කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන සැලැස්ම නිසා . . .

  • දෙවියන්ගේ හොඳ නම ආරක්ෂා වෙන්නේ කොහොමද?

  • යෙහෝවා සාධාරණ, ආදරණීය කෙනෙක් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

5. පසුතැවිලි වෙන අයට යෙහෝවා සමාව දෙනවා

පසුතැවිලි වෙන කෙනෙක් ගැන යෙහෝවාට දැනෙන විදිහ අපිට තේරුම්ගන්න යේසුස් උපමාවක් කිව්වා. ලූක් 15:1-7 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඒකෙන් ඔයා යෙහෝවා ගැන තේරුම්ගත්තේ මොකක්ද?

එසකියෙල් 33:11 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • පසුතැවිලි වෙනවා නම් කෙනෙක් කරන්නේ මොනවාද?

යෙහෝවා ආදරණීය එඬේරෙක් වගේ ඔහුගේ බැටළුවන් ගැන ගොඩක් සැලකිලිමත්

සමහරු මෙහෙම කියනවා: “මං කරපු දේ ගැන වැඩිමහල්ලන්ට කිව්වොත් ඉතින් මාව සභාවෙන් අයින් කරයි.”

  • එහෙම කියන කෙනෙක්ට ඔයා මොනවාද කියන්නේ?

ඉගෙනගත්ත දේ

අපි අතින් බරපතළ වරදක් වුණත් ඒ ගැන පසුතැවිලි වෙලා, ඒක ආයේ කරන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා නම් යෙහෝවා අපිට සමාව දෙනවා.

ඔයා හිතන්නේ මොකක්ද?

  • අපි අතින් වුණ වැරදි ගැන යෙහෝවාට කියන්න ඕනෙ ඇයි?

  • සමාව ලබාගන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

  • අපි අතින් බරපතළ වරදක් වෙලා තියෙනවා නම් අපි වැඩිමහල්ලන්ගේ උදව් ගන්න ඕනෙ ඇයි?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

යෙසායා 1:18 කියන විදිහට යෙහෝවාගේ දයාව කෙනෙක් අද්දැක්කේ කොහොමද කියලා බලන්න.

’යෙහෝවා දෙවියන් දයාව පෙන්නන්න සූදානමින් ඉන්නවා’ (5:02)

කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන සැලැස්ම ප්‍රයෝජනවත් කියන්නේ ඇයි?

“සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම ප්‍රේමණීය සැලැස්මක්” (2015 අප්‍රියෙල් 15 ‘මුරටැඹ’)

කෙනෙක්ව සභාවෙන් ඉවත් කරන්නේ ඇයි කියලා සාක්ෂිකාරයෙක් නොවන කෙනෙක්ට පැහැදිලි කරන්නේ කොහොමද?

“යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ ආගමෙන් ඉවත් කරපු අය එක්ක කිසිම ආශ්‍රයක් නැද්ද?” (වෙබ් ලිපිය)

‘ආයෙත් දෙවිට ළං වෙන්න මට ඕන වුණා’ කියන ලිපිය කියවලා දෙවියන්ගෙන් ඈත් වුණ කෙනෙක්ට ආයේ ඔහුට ළං වෙන්න උදව් වුණේ මොනවාද කියලා දැනගන්න.

“ජීවිත වෙනස් කළ පොතක්” (2012 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’)