Skip to content

පටුනට යන්න

59 පාඩම

විරුද්ධවාදිකම් මැද විශ්වාසවන්තව ඉන්න ඔයාට පුළුවන්

විරුද්ධවාදිකම් මැද විශ්වාසවන්තව ඉන්න ඔයාට පුළුවන්

කවදා හරි සැබෑ ක්‍රිස්තියානීන් වන අපි හැමෝටම විරුද්ධවාදිකම්වලට, හිරිහැරවලට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැන හිතලා අපි බය වෙන්න ඕනෙද?

1. විරුද්ධවාදිකම් එයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ ඇයි?

‘යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව ජීවත් වෙන්න කැමති හැමෝටම පීඩා විඳින්න වෙනවා’ කියලා බයිබලයේ කියනවා. (2 තිමෝති 3:12) මේ දුෂ්ට සමාජයේ ඉන්න මිනිස්සුන්ට කිසිම විදිහකින් සමාන නොවී හිටපු නිසා මිනිස්සු යේසුස්ටත් පීඩා කළා. අපිත් මේ ලෝකේ අයට සමාන නොවී ඉන්න නිසයි මේ ලෝකේ තියෙන ආණ්ඩු, සංවිධාන අපිට පීඩා කරන්නේ. ඒ ගැන පුදුම වෙන්නේ නැහැ.—යොහන් 15:18, 19.

2. පීඩාවලට මුහුණ දෙන්න සූදානම් වෙන්න අපිට පුළුවන් කොහොමද?

යෙහෝවා ගැන විශ්වාසය තව ශක්තිමත් කරගන්න දැන්ම පියවර ගන්න. හැමදාම යාච්ඤා කරන්න. බයිබලය කියවන්න. රැස්වීම්වලට සහභාගි වෙන්න. පීඩාවලට බය නැතුව මුහුණ දෙන්න ඒවා අපිට ශක්තියක් වෙයි. පවුලේ අයගෙන් එන පීඩා දරාගන්නත් ඒවා උදව් වෙයි. හුඟක් පීඩා වින්ද පාවුල් මෙහෙම කිව්වා. “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි.”හෙබ්‍රෙව් 13:6.

නිතිපතා දේශනා සේවයේ හවුල් වෙන එකත් ධෛර්යය ඇති කරගන්න අපිට උදව් වෙනවා. සේවයේ හවුල් වෙද්දී තව වැඩියෙන් යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කරන්නත් මිනිස්සුන්ට තියෙන බයෙන් ගොඩ එන්නත් අපි ඉගෙනගන්නවා. (හිතෝපදේශ 29:25) දේශනා කරන්න තියෙන බය දැන් ඔයා නැති කරගත්තොත් ආණ්ඩුවලින් තහංචි දාන දවසක වුණත් ඔයා අත් නෑර දේශනා කරයි.—1 තෙසලෝනික 2:2.

3. පීඩාවලට හොඳින් මුහුණ දෙන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

විරුද්ධවාදිකම් එන කල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නේ නැහැ. ඒත් ඒවාට හොඳින් මුහුණ දෙද්දී අපේ විශ්වාසය තව ශක්තිමත් වෙනවා. ‘තවත් මේක දරාගන්න බෑ’ කියලා හිතෙන වෙලාවලදී යෙහෝවා අපිට උදව් කරන විදිහ දකිද්දී අපි ඔහුට තව ළං වෙනවා. (යාකොබ් 1:2-4 කියවන්න.) විරුද්ධවාදිකම් නිසා අපි දුක් විඳිනවා දකින එක යෙහෝවාට ලොකු වේදනාවක්. ඒත් ඒවා මැද අපි දිගටම ඔහුට නමස්කාර කරනවා දකිද්දී ඔහු අපි ගැන සතුටු වෙනවා. ඒ නිසයි බයිබලයේ මෙහෙම කියන්නේ. “ඔබ යහපත් දේවල් කර ඒ නිසා දුක් විඳ, ඒ දුක විඳදරාගන්නා විට එය දෙවි ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයකි.” (1 පේතෘස් 2:20) පීඩා මැද වුණත් විශ්වාසවන්තව ඉන්න අයට යෙහෝවා පාරාදීසයේ සදහටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා. එදාට එයාලා නිදහසේ යෙහෝවාට නමස්කාර කරනවා.—මතෙව් 24:13.

තවත් හොයමු

මිනිස්සු අපිට විරුද්ධවාදිකම් එල්ල කළත් අපිට විශ්වාසවන්තව ඉන්න පුළුවන් කියන්නේ ඇයි කියලත් එහෙම ඉන්න අයට ඔහු ආශීර්වාද කරන්නේ කොහොමද කියලත් බලන්න.

4. පවුලෙන් එන පීඩාවලට හොඳින් මුහුණ දෙන්න

කෙනෙක් යෙහෝවාට නමස්කාර කරන්න තීරණය කළාම එයාගේ පවුලේ අය ඒකට විරුද්ධ වෙන්න පුළුවන් කියලා යේසුස් කිව්වා. මතෙව් 10:34-36 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • කෙනෙක් යෙහෝවාට නමස්කාර කරන්න පටන්ගත්තාම පවුලේ අය එයාට මොනවා කියන්න, කරන්න ඉඩ තියෙනවාද?

ඒ ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඔයාට කිට්ටු කෙනෙක් ඔයා යෙහෝවාට කරන සේවය නවත්තන්න හැදුවොත් මොකද කරන්නේ?

ගීතාවලිය 27:10 සහ මාක් 10:29, 30 කියවන්න. ඒ එක එක පදය කියෙව්වාට පස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • පවුලේ අය, යාළුවෝ ඔයාට විරුද්ධ වෙද්දී මේ පදය ඔයාට උදව් වෙන්නේ කොහොමද?

5. විරුද්ධවාදිකම් ආවත් දිගටම යෙහෝවාට නමස්කාර කරන්න

යෙහෝවාට අපි කරන නමස්කාරය අනිත් අය නතර කරන්න හදද්දී අත්හරින්නේ නැතුව ඒක කරන්න ලොකු ධෛර්යයක් ඕනේ. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • මේ වීඩියෝ එකේ ඉන්න අයගේ ආදර්ශ ඔයාට ශක්තියක් වුණේ කොහොමද?

ක්‍රියා 5:27-29 සහ හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න. ඒ එක එක පදය කියෙව්වාට පස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • දේශනා සේවයට, රැස්වීම් පවත්වන එකට ආණ්ඩුවෙන් තහංචි දාලා තිබුණත් අපි අත්හරින්නේ නැතුව ඒ දේවල් කරන එක වැදගත් ඇයි?

6. විඳදරාගන්න යෙහෝවා ඔයාට උදව් කරයි

විවිධ වයස්වලට, පසුබිම්වලට අයිති සාක්ෂිකරුවන්ට පුළුවන් වෙලා තියෙනවා විරුද්ධවාදිකම් මැද යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන්න. එයාලට උදව් වුණේ මොනවාද කියලා දැනගන්න වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න එයාලට උදව් වුණේ මොනවාද?

රෝම 8:35, 37-39 සහ ෆිලිප්පි 4:13 කියවන්න. ඒ එක එක පදය කියෙව්වාට පස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • ඔයාට ඕනෙම පීඩාවක් දරාගන්න පුළුවන් කියලා මේ බයිබල් පදයෙන් ස්ථිර වෙන්නේ කොහොමද?

මතෙව් 5:10-12 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • විරුද්ධවාදිකම්වලට මුහුණ දුන්නත් ඔයාට සතුටින් ඉන්න පුළුවන් ඇයි?

ගොඩක් සාක්ෂිකරුවන් විරුද්ධවාදිකම් මැද යෙහෝවාට විශ්වාසවන්තව නමස්කාර කරලා තියෙනවා. ඔයාටත් ඒක කරන්න පුළුවන්!

සමහරු මෙහෙම කියනවා: “විරුද්ධවාදිකම් ගැන හිතන කොටත් බයයි.”

  • ඒ බය අයින් කරගන්න එයාට මොන බයිබල් පද උදව් වෙයිද?

ඉගෙනගත්ත දේ

විරුද්ධවාදිකම් මැද වුණත් යෙහෝවාට නමස්කාර කරන්න අපි ගන්න උත්සාහය ඔහුට ගොඩක් වටිනවා. ඔහුගේ උදව්වෙන් විරුද්ධවාදිකම්වලට හොඳින් මුහුණ දෙන්න අපිට පුළුවන්.

ඔයා හිතන්නේ මොකක්ද?

  • විරුද්ධවාදිකම් එයි කියලා ක්‍රිස්තියානීන් බලාපොරොත්තු වෙන්නේ ඇයි?

  • විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න දැන් තියාම ඔයාට හොඳින් සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

  • මොන පීඩාව ආවත් ඔයාට දිගටම යෙහෝවාට නමස්කාර කරන්න පුළුවන් කියන නිසැකකම ඇති කරගන්න උදව් වෙන්නේ මොකක්ද?

ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා සිරදඬුවම් විඳපු සහෝදරයෙක්ට යෙහෝවා උදව් කළේ කොහොමද කියලා බලන්න.

‘පීඩා එද්දී දිගටම විඳදරාගන්න’ (2:34)

විරුද්ධවාදිකම් මැද අවුරුදු ගාණක් පුරා යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන්න යුවළකට පුළුවන් වුණේ කොහොමද කියලා බලන්න.

‘තත්වයන් වෙනස් වුණත් දිගටම යෙහෝවා දෙවිට සේවය කිරීම’ (7:11)

විරුද්ධවාදිකම්වලට ඔයාට නිර්භීතව මුහුණ දෙන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

“විරුද්ධවාදිකම්වලට දැන්ම සූදානම් වෙන්න” (2019 ජූලි ‘මුරටැඹ’)

පවුලේ අයගෙන් විරුද්ධවාදිකම් එද්දී සාමය රැකගෙන දිගටම යෙහෝවාට නමස්කාර කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

“මා ආවේ කඩුවක් දීමට මිස සාමය දීමට නොවෙයි” (2017 ඔක්තෝබර් ‘මුරටැඹ’)