Skip to content

පටුනට යන්න

60 පාඩම

යෙහෝවා එක්ක තියෙන බැඳීම තව වැඩි කරගන්න

යෙහෝවා එක්ක තියෙන බැඳීම තව වැඩි කරගන්න

මේ වෙද්දී ඔයා යෙහෝවා ගැන ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා යෙහෝවා ගැන ඔයාගේ හිතේ ආදරයක් ඇති වුණා. ඒ ආදරේ නිසා ජීවිතේ යෙහෝවාට කැප කරලා බව්තීස්ම වෙන්න ඔයා පෙලඹෙන්න ඇති. ඔයා තාමත් එහෙම කරලා නැත්නම් ළඟදීම එහෙම කරන්න ආසාවෙන් ඉන්නවා ඇති. බව්තීස්ම වුණාට පස්සෙත් තවත් යෙහෝවාට ළං වෙන්න උත්සාහ කරන්න. මොකද සදාකාලයටම ඔයාට යෙහෝවා ගැන ඉගෙනගන්න දේවල් තියෙනවා. ඒත් ඒක කරන්නේ කොහොමද?

1. යෙහෝවා එක්ක තියෙන බැඳීම ඔයා දිගටම ශක්තිමත් කරගන්න ඕනෙ ඇයි?

යෙහෝවා එක්ක තියෙන යාළුකම දිගටම ශක්තිමත්ව තියාගන්න අපේ පැත්තෙන් අපි මහන්සි වෙන්න ඕනේ. අපි එහෙම කළේ නැත්නම් “ක්‍රමක්‍රමයෙන් සත්‍ය ඉගැන්වීම්වලින් ඉවත්ව” යන්න ඉඩ තියෙනවා. (හෙබ්‍රෙව් 2:1) දේශනා සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන එකෙන්, යෙහෝවාට තව වැඩියෙන් සේවය කරන්න පුළුවන් කොහොමද කියලා හිතලා ඒවා කරන එකෙන් යෙහෝවාට ළං වෙලා ඉන්න අපිට පුළුවන් වෙනවා. (ෆිලිප්පි 3:16 කියවන්න.) යෙහෝවාට සේවය කරන එක තමයි අපේ ජීවිතේ අපිට කරන්න පුළුවන් හොඳම දේ.—ගීතාවලිය 84:10.

2. ඔයා දිගටම කරන්න ඕනෙ තව මොන දේවල්ද?

මේ පාඩමත් එක්ක ඔයා මේ පොතෙන් කරපු සාකච්ඡාව ඉවර වෙනවා. ඒත් බයිබලයෙන් ඔයා ඉගෙනගත්ත දේවල් ජීවිතේට අදාළ කරගන්න එක නතර වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ අපි “අලුත් පෞද්ගලිකත්වය පැළඳගත යුතුයි” කියලා. (එෆීස 4:23, 24) ඔයා දිගටම බයිබලය අධ්‍යයනය කරද්දී, රැස්වීම්වලට සහභාගි වෙද්දී යෙහෝවා ගැන සහ ඔහුගේ ගතිගුණ ගැන කලින් දැනගෙන හිටපු නැති දේවල් ඉගෙනගනියි. යෙහෝවාගේ ගතිගුණ තව හොඳින් ආදර්ශයට ගන්න පුළුවන් පැති ගැන හිතන්න. දිගටම අවශ්‍ය වෙනස්කම් කරගෙන යෙහෝවාව සතුටු කරන්න.

3. දිගටම යෙහෝවා එක්ක හොඳ බැඳීමක් තියාගන්න ඔහු ඔයාට උදව් කරන්නේ කොහොමද?

බයිබලයේ කියනවා “ඔබ ලබාගන්නා ඒ පුහුණුව අවසන් කරන දෙවි, ඔබව ස්ථිර කර ශක්තිමත් කරනු ඇත” කියලා. (1 පේතෘස් 5:10) කොහොමද යෙහෝවා අපිව පුහුණු කරන්නේ? උදාහරණෙකට වැරදි දේවල් කරන්න එන පෙලඹීම්වලින් ඔහු අපිව ආරක්ෂා කරන්නේ නැහැ. ඒත් ඒවාට විරුද්ධව සටන් කරන්න ඕනෙ හැම දෙයක්ම ඔහු අපිට දෙනවා. (ගීතාවලිය 139:23, 24) ඔහුට විශ්වාසවන්තව සේවය කරන්න අපේ හිතේ ආසාවක් ඇති කරන්නත් එහෙම කරන්න අපිව පොලඹවන්නත් ඔහුට පුළුවන්. ඔහු ඒක කරන්න පොරොන්දු වෙනවා.—ෆිලිප්පි 2:13 කියවන්න.

තවත් හොයමු

යෙහෝවා එක්ක ඔයාට තියෙන බැඳීම තව ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද කියලත් එහෙම කරද්දී ඔහු ඔයාට ආශීර්වාද කරන්නේ කොහොමද කියලත් දැනගන්න.

4. ඔයාගේ හොඳම යාළුවත් එක්ක නිතරම කතා කරන්න. ඔහුට ඇහුම්කන් දෙන්න

යෙහෝවාගේ යාළුවෙක් වෙන්න යාච්ඤා කරන එක, බයිබලය කියවන එක ඔයාට උදව් වුණා. යෙහෝවාට තව ළං වෙන්න ඒ දේවල් ඔයාට උදව් වෙන්නේ කොහොමද?

ගීතාවලිය 62:8 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවාට තව ළං වෙන්න නම් ඔයා යාච්ඤා කරන විදිහේ තව මොන වගේ වෙනස්කම් කරගන්න ඕනෙ කියලාද ඔයා හිතන්නේ?

ගීතාවලිය 1:2 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවාට තව ළං වෙන්න ඔයාගේ බයිබල් කියවීම තව අර්ථවත්ව කරන්න ඔයාට පුළුවන් කොහොමද?

තවත් ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට තනියම බයිබලය අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන් කොහොමද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  • දීපු යෝජනාවලින් ඔයා කරන්න හිතුවේ කොයි ඒවාද?

  • ඔයා අධ්‍යයනය කරන්න කැමති මොන දේවල් ගැනද?

5. හොඳින් සේවය කරන්න උදව් වෙන ඉලක්ක තියන්න

තව හොඳින් යෙහෝවාට සේවය කරන්න උදව් වෙන ඉලක්ක තියාගන්න එක ඔයාට උදව් වෙයි ඔහුට තව ළං වෙන්න. වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • යෙහෝවාට තව හොඳින් සේවය කරන්න ඉලක්ක තියාගත්ත එක කැමරන්ට උදව් වුණේ කොහොමද?

අපි හැමෝටම දේශනා කරන්න වෙන රටකට යන්න බැරි වෙයි. ඒත් අපිට කරන්න පුළුවන් දේවල් ගැන හිතලා බලන එක හොඳයි. හිතෝපදේශ 21:5 කියවලා මේ ගැන කතා කරන්න.

  • සභාවේදී තව ඔයාට මොනවාද කරන්න පුළුවන්?

  • දේශනා සේවේදී තව ඔයාට මොනවාද කරන්න පුළුවන්?

ඒ දේවල් කරන්න බයිබල් පදේ කියන දේ ඔයාට උදව් වෙන්නේ කොහොමද?

ඔයාට තියන්න පුළුවන් ඉලක්ක

  • හැම දෙයක් ගැනම යාච්ඤාවෙන් යෙහෝවාට කියන්න.

  • සම්පූර්ණ බයිබලයම කියවන්න.

  • සභාවේ ඉන්න හැමෝවම අඳුරගන්න.

  • බයිබල් පාඩමක් පටන්ගන්න.

  • සහායක පුරෝගාමියෙක් නැත්නම් ස්ථාවර පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න.

  • ඔයා සහෝදරයෙක් නම් සහායක සේවකයෙක් වෙන්න ඕනෙ සුදුසුකම් ලබාගන්න.

6. හැමදාටම සතුටින් ජීවත් වෙන්න

ගීතාවලිය 22:26 කියවලා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න.

  • දැනුත් සදහටමත් සතුටින් ජීවත් වෙන්න නම් ඔයා මොනවාද කරන්න ඕනේ?

ඉගෙනගත්ත දේ

යෙහෝවා එක්ක ඔයාට තියෙන බැඳීම තව තවත් ශක්තිමත් කරගන්න. තව හොඳින් සේවය කරන්න ඉලක්ක තියාගන්න. එතකොට සදහටමත් සතුටින් ජීවත් වෙන්න ඔයාට පුළුවන්.

ඔයා හිතන්නේ මොකක්ද?

  • යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන්න ඔහු ඔයාට උදව් කරයි කියලා ඔයාට ස්ථිර ඇයි?

  • යෙහෝවා එක්ක ඔයාට තියෙන බැඳීම තව වැඩි කරගන්න ඔයාට පුළුවන් කොහොමද?

  • තව හොඳින් සේවය කරන්න ඉලක්ක තියන එක යෙහෝවාට ළං වෙන්න ඔයාට උදව් වෙන්නේ කොහොමද?

ඉස්සරහට ඔයාට කරන්න දෙයක්

තව දැනගන්න

යෙහෝවාට වැඩියෙන් වටින්නේ අපි එක අවස්ථාවක ඔහු වෙනුවෙන් විශේෂ දෙයක් කරන එකද නැත්නම් ජීවිත කාලේ පුරාම විශ්වාසවන්තව ඉන්න එකද?

‘ආබ්‍රහම් වගේ දෙවිට විශ්වාසවන්තව ඉන්න’ (9:20)

යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන කෙනෙක්ගේ වුණත් සතුට නැති වෙන්න පුළුවන්. ඒ සතුට ආයේ ලබාගන්න පුළුවන් කොහොමද?

‘අධ්‍යයනය සහ ගැඹුරින් සිතා බැලීමෙන් සතුට යළි ලබාගන්න’ (5:25)

හොඳට හිතලා, අවබෝධයෙන් වැඩ කරන එක වැදගත් ඇයි? එහෙම කරන කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

“අප අවබෝධයෙන් කටයුතු කරන ක්‍රිස්තියානීන් වීමට ඉගෙනගනිමු” (2009 මැයි 15 ‘මුරටැඹ’)