Skip to content

පටුනට යන්න

2වෙනි කොටසේ සාරාංශය

2වෙනි කොටසේ සාරාංශය

බයිබලයේ තියෙන දේවල් ඔයාට කියලා දෙන යාළුවා එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරන්න.

  1. දෙවියන් බොරු ආගම්වලට කරන්න යන්නේ මොනවාද?

    (13වෙනි පාඩම බලන්න.)

  2. නික්මයාම 20:4-6 කියවන්න.

    • නමස්කාර කරද්දී රූප පාවිච්චි කරන එක ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද?

      (14වෙනි පාඩම බලන්න.)

  3. යේසුස් කියන්නේ කවුද?

    (15වෙනි පාඩම බලන්න.)

  4. ඔයා වැඩියෙන්ම ආස යේසුස්ගේ මොන ගුණාංගවලටද?

    (17වෙනි පාඩම බලන්න.)

  5. යොහන් 13:34, 35 සහ ක්‍රියා 5:42 කියවන්න.

  6. සභාවේ නායකයා කවුද? ඔහු සභාවට මඟ පෙන්නන්නේ කොහොමද?

    (20වෙනි පාඩම බලන්න.)

  7. මතෙව් 24:14 කියවන්න.

    • මේ අනාවැකිය අද ඉටු වෙන්නේ කොහොමද?

    • ඔයා ශුභාරංචිය කියලා තියෙන්නේ කාටද?

  8. බව්තීස්ම වෙන්න ඉලක්කයක් තියාගන්න එක වැදගත්ද? ඔයා එහෙම කියන්නේ ඇයි?

    (23වෙනි පාඩම බලන්න.)

  9. සාතන්ගෙන් සහ භූතයන්ගෙන් ඔයාට ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද?

    (24වෙනි පාඩම බලන්න.)

  10. මිනිස්සු වෙනුවෙන් දෙවියන්ගේ අරමුණ මොකක්ද?

    (25වෙනි පාඩම බලන්න.)

  11. මිනිස්සු දුක් විඳින්නෙත් මැරෙන්නෙත් ඇයි?

    (26වෙනි පාඩම බලන්න.)

  12. යොහන් 3:16 කියවන්න.

    • අපිව පාපයෙන් සහ මරණයෙන් බේරගන්න යෙහෝවා කරලා තියෙන්නේ මොනවාද?

      (27වෙනි පාඩම බලන්න.)

  13. දේශනාකාරයා 9:5 කියවන්න.

    • මැරුණාට පස්සේ අපිට මොකද වෙන්නේ?

    • මැරුණු අය වෙනුවෙන් යේසුස් මොනවාද කරන්න යන්නේ?

  14. හොඳම ආණ්ඩුව දේවරාජ්‍යය කියන්නේ ඇයි?

  15. දේවරාජ්‍යය පාලනය කරන්න පටන්ගත්තේ කවදාද? ඔයා ඒක විශ්වාස කරන්නේ ඇයි?

    (32වෙනි පාඩම බලන්න.)