මං ලෑස්තිද?
සභාවේ අයත් එක්ක දේශනා කරන්න මං ලෑස්තිද?
මේ දේවල් කරනවා නම් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වෙන්න ඔයාට පුළුවන් වෙයි
හැමදාම බයිබලය අධ්‍යයනය කරනවා නම්, යාච්ඤා කරනවා නම් සහ රැස්වීම්වලට සහභාගි වෙනවා නම්
ඉගෙනගන්න දේවල් ගැන ඔයාට විශ්වාසයක්, අගයක් තියෙනවා නම් සහ ඒ ගැන අනිත් අය එක්ක කතා කරන්න ආස නම්
ඔයා යෙහෝවාට ආදරෙයි නම් සහ ඔහුට ආදරේ කරන අයව ඔයාගේ කිට්ටු යාළුවන් කරගන්නවා නම්
දේශපාලනයට සහ බොරු ආගම්වලට සම්බන්ධ සංවිධානවල සාමාජිකත්වයෙන් ඔයා අයින් වෙලා නම්
යෙහෝවාගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙනවා නම් සහ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න කැමති නම්
සභාවේ අය එක්ක එකතු වෙලා දේශනා කරන්න ඔයා ලෑස්තියි කියලා හිතනවාද? ඔයාත් එක්ක බයිබල් පාඩම කරන කෙනාට ඒ ගැන කියන්න. එයා වැඩිමහල්ලන්ට ඒ ගැන දැනුම් දෙයි. එතකොට ඒකට සුදුසුකම් ලබාගන්න ඔයා කරන්න ඕනෙ දේවල් ගැන වැඩිමහල්ලන් ඔයාත් එක්ක කතා කරයි.
මම බව්තීස්ම වෙන්න ලෑස්තිද?
මේ දේවල් කරනවා නම් බව්තීස්ම වෙන්න ඔයාට පුළුවන් වෙයි
ඔයා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් නම්
පුළුවන් හැම වෙලාවකම ඔයා සේවේ හවුල් වෙනවා නම්
ඔයා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙලා පුළුවන් හැම විදිහකින්ම දාසයාට සහය දෙනවා නම්—මතෙව් 24:45-47.
ඔයා යාච්ඤා කරලා ඔයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරලා තියෙනවා නම් සහ ඔහුට සදහටම සේවය කරන්න ආසාවෙන් ඉන්නවා නම්
බව්තීස්ම වෙන්න ඔයා ලෑස්තියි කියලා හිතනවාද? ඔයාත් එක්ක බයිබල් පාඩම කරන කෙනාට ඒ ගැන කියන්න. එයා වැඩිමහල්ලන්ට ඒ ගැන දැනුම් දෙයි. එතකොට ඒකට සුදුසුකම් ලබාගන්න ඔයා කරන්න ඕනෙ දේවල් ගැන වැඩිමහල්ලන් ඔයාත් එක්ක කතා කරයි.