Skip to content

පටුනට යන්න


මේ බයිබල් පාඩම්වලින් ප්‍රයෝජන ගන්නේ කොහොමද

මේ බයිබල් පාඩම්වලින් ප්‍රයෝජන ගන්නේ කොහොමද

උදව් ලබාගන්න: මේ සඟරාව ඔයාට දුන්න කෙනාට කියන්න ඔයා බයිබලය ගැන ඉගෙනගන්න කැමතියි කියලා. එහෙම නැත්නම් ඒ ගැන කියලා jw.org අපේ වෙබ් අඩවිය හරහා ඉල්ලීමක් කරන්න.

පළවෙනි කොටස

හැම ඡේදයක්ම කියවන්න. ප්‍රශ්න (1) සහ තද කලු අකුරෙන් තියෙන ප්‍රධාන කරුණු පෙන්නන බයිබල් පදත් (2) කියවන්න. සමහර බයිබල් පද “කියවන්න” කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා.

මැද කොටස

“තවත් හොයමු” කියන මාතෘකාව එක්කම තියෙන ඡේදයේ (3) ඒ කොටසේ තියෙන දේ කෙටියෙන් පැහැදිලි කරනවා. උපමාතෘකාවලින් (4) සාකච්ඡා කරන කරුණ හඳුන්වලා දෙනවා. ඒවාවල තියෙන බයිබල් පද කියවන්න. ප්‍රශ්නවලට උත්තර දෙන්න. වීඩියෝ (5) බලන්න.

පින්තූර සහ ඒවා යටින් තියෙන අදහස බලන්න (6). “සමහරු මෙහෙම කියනවා” (7) කියන කොටසට උත්තර දෙන්නේ කොහොමද කියලා හිතන්න.

අන්තිම කොටස

“ඉගෙනගත්ත දේ” සහ “ඔයා හිතන්නේ මොකක්ද” (8) කියන කොටසෙන් පාඩම ඉවර වෙනවා. පාඩම ඉවර කරපු දවස ලකුණු කරන්න. “ඔයාට කරන්න දෙයක්” (9) කියන කොටසේ ඔයාට පුංචි ගෙදර වැඩක් දෙනවා. “තව දැනගන්න” (10) කියන කොටසේ ඔයාට කියවන්න සහ බලන්න තව තොරතුරු තියෙනවා.

බයිබල් පද බයිබලයෙන් හොයාගන්නේ කොහොමද?

බයිබල් පදයක මුලින්ම තියෙන්නේ පොතේ නම (1), ඊටපස්සේ පරිච්ඡේදය (2), ඊටපස්සේ තියෙන්නේ ඡේදවල අංක (3). උදාහරණෙකට යොහන් 17:3 කියන්නේ යොහන් පොතේ 17වෙනි පරිච්ඡේදයේ 3වෙනි ඡේදය.