හැමදාටම සතුටින් ජීවත් වෙන්න ඇත්තටම පුළුවන්ද?
ඔයා හිතන්නේ . . .
ඔව්ද?
නැහැද?
සමහරවිට කියලාද?
බයිබලයේ කියන්නේ මෙහෙමයි
“ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.
ඒකෙන් ඔයාට ලැබෙන ප්රයෝජන
අනාගතේදී ඔයාගේ පවුලේ අය, යාළුවෝ එක්ක සතුටින් ඉන්න පුළුවන්.—යෙරෙමියා 29:11.
ටික කාලෙකට විතරක් නෙමෙයි හැමදාටම ඔයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්.—ගීතාවලිය 22:26.
බයිබලයේ තියෙන පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන්ද?
ඔව්. එහෙම කියන්නේ ඇයි කියලා දැනගන්න සඟරාවේ තියෙන මේ පාඩම් තුන බලන්න.