ගීතිකා අංක 152
ඔබට ප්‍රශංසාව ගෙනෙන ගෘහයක්
(1 රාජාවලිය 8:27; 1 ලේකම් 29:14)
1. මුළු විශ්වයම යෙහෝවා,
දුන්නත් වාසයට ඔබේ
ඔබ වන් කෙනෙකුට එය
කිසිදා නෑ සරිලන්නේ
එනමුත් ඔබේ කරුණාවෙන්
මේ ගෘහේ ඔබ දී තිබේ
සැම හා එක් වී පවුලක් ලෙසේ
පසසන්න ඔබේ නාමේ
(අතුරුපදය)
අපගේ හැම දේ
ලැබුණේ ඔබගෙන්මයි
ඔබට පුදන හැම දේ
දුන්නේ ඔබයි
(අනුපදය)
ඔබ හටම දෙව් යෙහෝවා,
අප ණයගැතී සදා
ගයමු අප එක හඬින්
ඔබේ නාමෙට ප්‍රශංසා
2. මේ ගෘහේ ඔබට පිදීමයි
දෙව්නි, ආශාව අපගේ
අන් දනන් අප හා එක් වී දැන්
යන්නට ඔබගේ මාර්ගේ
ඇරයුම් කරමු සැමටම
ඔබගේ පුත් අපට කී සේ
සත්‍යාලෝකය විහිදේවා
බලයෙන් ඔබේ මේ ගෘහේ!
(අතුරුපදය)
පුදමු අපගේ
කාලේ හා වටිනා දේ
පුදමු දිවිය හා
සිත් තුළෙහි ප්‍රේමේ
(අනුපදය)
ඔබ හටම දෙව් යෙහෝවා
අප ණයගැතී සදා
ගයමු අප එක හඬින්
ඔබේ නාමෙට ප්‍රශංසා