Skip to content

පටුනට යන්න

ඇය ජීවිතයේ අරමුණක් සොයා ගත්තාය

ඇය ජීවිතයේ අරමුණක් සොයා ගත්තාය

රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව

ඇය ජීවිතයේ අරමුණක් සොයා ගත්තාය

යේසුස් වහන්සේ සිය බැටළුවන් ගැන දන්නා බව උන් වහන්සේ පවසන සේක. (යොහන් 10:14) යම් පුද්ගලයෙකුට හොඳ හෘදයක් මෙන් ම සාමය හා ධර්මිෂ්ඨකම සඳහා ප්‍රේමයක් ඇත්තේ නම්, ඒ තැනැත්තා යේසුස් වහන්සේගේ අනුගාමිකයන් වෙතට අදිනු ලබනවා ඇත. එවන් පුද්ගලයෙක් ජීවිතයට අරමුණක් සොයා ගනු ඇත්තේ බෙල්ජියමේ එක් කාන්තාවකට සිදු වූ ලෙසිනි, ඇයගේ කථාව මෙයයි:

“යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් මගේ දොරට තට්ටු කළ විට, මම මහත් කළකිරීමට පත් ව සිටි අතර මගේ ජීවිතය කෙළවර කිරීමට කල්පනා කරමින් සිටියා. මෙම රෝගාතුර ලෝකයේ ගැටලුවලට ඇති විසඳුම ගැන එම සාක්ෂිකරුවා පැවසූ දෙයට මම කැමති වුණත්, දෙවියන් වහන්සේ ඊට සම්බන්ධ වී සිටින බවට වූ අදහසට මම කැමති වුණේ නැහැ. පල්ලියේ දුටු කුහකකම මා පිළිකුල් කළ නිසා, ඊට අවුරුදු අටකට පෙර සිට ම මා පල්ලියට යාම නවතා තිබුණා. සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් නම්, කෙසේ හෝ, ඔවුන් පැවසූ දෙයෙහි ඇති සත්‍යය මා පිළිගත් අතර දෙවියන් වහන්සේ නොමැති ව ජීවත්වීම දුෂ්කර බව වටහා ගන්නට යෙදුණා.

“කනගාටුදායක ලෙස, බැහැදැකීම් කීපයකට පසු, සාක්ෂිකරුවන් සමඟ තිබූ සම්බන්ධතාවය නැවතුණා. මට අසරණ භාවයක් දැනුණා. මම දවසකට දුම්වැටි පැකට් දෙකක් පානය කළ අතර මත් ද්‍රව්‍යවලට පවා හැරුණා. මිය ගිය මගේ සීයා සමඟ කථා කිරීමට කැමැත්තෙන්, මම ආත්ම බන්ධනය හා සම්බන්ධ වූවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රාත්‍රියේ තනි ව මා යක්ෂ ප්‍රහාරයන් අත්දුටු විට මම කොතරම් බය වුණා ද! මෙය මාස ගණනාවකට තිබුණා. සෑම සන්ධ්‍යාවක ම මා තනි ව සිටීම ගැන කල්පනා කරන විට මම භය වුණා.

“එවිට, දිනක් මා සාමාන්‍යයෙන් ගමන් කරන මාර්ගයේ නොගොස් වෙනස් මාර්ගයක ගමන් කළ අතර මා විශාල ගොඩනැගිලි භූමියකට පැමිණියා. මා ව පුදුමයට පත් කරවමින් විශාල සෙනඟක් මට එහි දකින්නට පුළුවන් වුණා. තවත් සමීප වන විට, ඒ රාජ්‍යය ශාලාවක් ගොඩනැගීමෙහි ලා යෙදී සිටි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බව මම දුටුවා. සාක්ෂිකරුවන් මගේ නිවසට පැමිණි ආකාරය මට මතක් වූ අතර මුළු ලෝකයට ම මේ අය ජීවත් වන ආකාරයට ජීවත් වන්නට පුළුවන් නම් කොතරම් සිත් ඇදගන්නා දෙයක් වෙනවා දැයි මම කල්පනා කළා.

“සාක්ෂිකරුවන් මගේ නිවසට නැවතත් එනවා නම් කොතරම් හොඳ දැයි කල්පනා කළ මා, එනිසා එම ශාලාව තැනීමේ වැඩ කරමින් සිටි සමහරෙකුට කථා කළා. මම දෙවියන් වහන්සේට යාච්ඤා කළ අතර ඉන් දින දහයකට පසු මුලින් ම මා ව හඳුනාගත් මනුෂ්‍යයා මගේ දොරකඩ සිටගෙන සිටියා. අපි දිගට ම බයිබල් පාඩම පවත්වමු යයි ඔහු යොජනා කළ අතර මම සතුටින් එකඟ වුණා. රාජ්‍යය ශාලාවේ රැස්වීම්වලට එන්නැයි ඔහු ඒ වේලාවේ ම මට ආරාධනා කළා. මම එය පිළිගත්තා. මම කිසි කලෙක එවන් දර්ශනයක් දැක නැහැ! මම මෙතරම් දීර්ඝ කලකට එකිනෙකාට ප්‍රේම කරන හා සන්තෝෂයෙන් සිටින ජනකායක් සොයා ඇත්තෙමි. අන්තිමට ඔවුන් මේ ඉන්නේ!

“ඊට පස්සේ මම සියලු ම රැස්වීම්වලට ගියා. සති තුනකට විතර පස්සේ, මම දුම්පානය කිරීමේ නරක පුරුද්ද අත්හැරියා. මම ජ්‍යෝතිඃ ශාස්ත්‍රය පිළිබඳ මගේ පොත් හා යක්ෂ සංගීතය අඩංගු තැටි විසිකර දැමූ අතර යක්ෂයන්ට මා කෙරෙහි තිබූ ග්‍රහණය අඩු වන බව මට හැඟුණා. මම මගේ ජීවිතය යෙහෝවඃ වහන්සේගේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟ ව සකසා ගත් අතර, ඉන් මාස තුනකට පසු මම ශුභාරංචිය දේශනා කරන්නට පටන් ගත්තා. මාස හයකට පස්සේ මම බව්තීස්මය ලැබුවා. මගේ බව්තීස්මයෙන් දින දෙකකට පස්සේ, මම උපකාරික පුරෝගාමි සේවය පටන් ගත්තා.

“යෙහෝවඃ වහන්සේ මට කර තිබෙන සියලු ම යහපත් දේවල් සඳහා මම උන් වහන්සේට ස්තුති කරනවා. අන්තිමේ දී මගේ ජීවිතයට අරමුණක් තිබෙනවා. එසේ ය, යෙහෝවඃ වහන්සේගේ නාමය, මා සරණ හා ආරක්ෂාව ලැබූ බලකොටුවක්. (හිතෝපදේශ 18:10) ගීතිකාකරු ගීතාවලිය 84:10 ලියූ විට ඔහුට දැනුණ හැඟීම ම මටත් සැබවින් ම දැනේ: ‘ඔබගේ මණ්ඩපවල එක දවසක් [වෙනත් තැනක ගත කරන NW] දවස් දහසකට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි.’ ”

මෙම මොළොක් හෘදයක් ඇති කාන්තාව ජීවිතයේ අරමුණක් සොයා ගෙන සිටින්නී ය. හොඳ හෘදයකින් යෙහෝවඃ වහන්සේ ව සොයන ඕනෑ ම කෙනෙකුටත් එයාකාරයෙන් ම අරමුණක් සොයා ගත හැකි ය.