Skip to content

පටුනට යන්න

බිඳෙනසුලු නමුත් ඉතා අගනේය

බිඳෙනසුලු නමුත් ඉතා අගනේය

බිඳෙනසුලු නමුත් ඉතා අගනේය

‘ස්වාමිපුරුෂයෙනි, ඔබ දැනගැන්මට අනුව ඔබේ භාර්යාවන් සමඟ වාසය කරමින්, වඩා දුර්වල භාජනයකට මෙන් ඔවුන්ට ගෞරවය දෙන්න.’ මෙසේ පැවසුවේ පේතෘස් නම් බයිබල් ලේඛකයායි. (1 පේතෘස් 3:7) ස්ත්‍රියකව ‘වඩා දුර්වල භාජනයක්’ ලෙස විස්තර කර තිබීමෙන් අඟවන්නේ ඇයව පහත් කොට සලකා තිබෙන බවද? දේවානුභාවයෙන් එම වදන් ලියූ ලේඛකයා ඉන් අදහස් කළේ කුමක්ද කියා සලකා බලමු.

“ගෞරවය” සඳහා යොදා ඇති ග්‍රීක නාම පදයෙන් අදහස් කරන්නේ “අගනා, වටිනා, ඉමහත් සේ සැලකිල්ල ලැබිය යුතු” යන්නයි. මේ නිසා බිඳෙනසුලු නමුත් ඉතාමත් වටිනා භාජනයක් බොහොම සැලකිලිමත් ලෙස පාවිච්චි කරන්නාක් මෙන් ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෙක් තම භාර්යාව සමඟ මුදු මොළොක් අන්දමින් ක්‍රියා කළ යුතුයි. මෙහිදී කිසිම අන්දමකින්වත් ස්ත්‍රියව පහත් කොට සලකා නැහැ. උදාහරණයක් හැටියට මෙහි ඇති පින්තූරය දෙස බලන්න. මෙම මේස ලාම්පුව සාදා ඇත්තේ ඉක්මනින් බිඳෙනසුලු සියුම් වීදුරුවකින්. මෙය බිඳෙනසුලු නිසාම එහි වටිනාකම අඩුයි කියා ඔබ හිතනවාද? කොහෙත්ම නැහැ. වර්ෂ 1997 එක්තරා වෙන්දේසියකදී මේ වර්ගයේ මේස ලාම්පුවක් ඩොලර් මිලියන 2.8කට අලෙවි වුණා. එය සියුම් බිඳෙනසුලු ද්‍රව්‍යයකින් නිම වී ඇති නිසා එහි වටිනාකම වැඩි වූවා මිස අඩු වූයේ නැහැ.

මින් පෙනී යන්නේ වඩා දුර්වල භාජනයක් මෙන් සලකා ස්ත්‍රියකට ගෞරවය දක්වන්න කීමෙන් ඇයව සුළු කොට සලකා නැති බවයි. ඇය සමඟ “දැනගැන්මට අනුව” වාසය කරනවා යන්නෙන් අදහස් කරන්නේ ස්වාමිපුරුෂයා ඇගේ හැඟීම්, ආකල්ප හා ඇය කැමති අකමැති දේවල් මෙන්ම ඇයට කළ හැකි හා කළ නොහැකි දේවල් මොනවාද කියා තේරුම්ගෙන ඇය සමඟ ක්‍රියා කිරීමයි. භාර්යාව ගැන සැලකිලිමත් ස්වාමිපුරුෂයෙක් ඔහු සහ ඇය අතර තිබෙන පෞද්ගලිකත්වයේ වෙනස්කම් තේරුම්ගනිමින් ඇයට කරුණාවෙන් සලකනවා. ඔහු එසේ නොකළහොත් එය ‘ඔහුගේ යාච්ඤාවලට බාධාවක්’ විය හැකියි. (1 පේතෘස් 3:7) ස්වාමිපුරුෂයෙක් තම භාර්යාවගේ පෞද්ගලිකත්වය තේරුම්ගෙන ඇයට ගරු කිරීමට අසමත් වෙනවා නම් ඔහු සහ යෙහෝවා දෙවි අතර තිබෙන බැඳීම පලුදු වීමට එය හේතුවක් විය හැකියි. ඉතින් දෙවිගේ වචනයේ ස්ත්‍රීන්ව පහත් ලෙස සලකා නැති බවත් ඒ වෙනුවට ඔවුන්ව උසස් මෙන්ම ගෞරවනීය ලෙස සලකා තිබෙන බවත් මින් පැහැදිලියි නේද?

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Christie’s Images Limited 1997