Skip to content

පටුනට යන්න

අර්ථවත් ජීවිතයක් සොයා

අර්ථවත් ජීවිතයක් සොයා

අර්ථවත් ජීවිතයක් සොයා

ලොව පුරා සෑම මිනිසෙකුම අර්ථවත් ජීවිතයක් භුක්ති විඳීමට දැඩි වෙහෙසක් දරනවා කියා පැවසුවොත් නිවැරදියි. ඒ සඳහා ඔවුන් නොයෙකුත් ක්‍රම අත්හදා බලනවා. ඇතැම් අය මේ ලෝකයේ දක්නට ලැබෙන බොහෝ ආගම්වලින් හා දර්ශනවලින් පිහිට පතනවා. මේ සම්බන්ධයෙන් ඔබ දරන මතය කුමක්ද? සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් ගත කළ හැකි ආකාරය ගැන යේසුස් පවා පැවසුවා. සුප්‍රසිද්ධ දේශනයකදී යේසුස් ප්‍රධාන වශයෙන් අවධාරණය කළේ ඒ සඳහා කෙනෙක් සැබෑ දෙවිට ළං වී ඔහුගේ මඟ පෙන්වීමට එකඟව ජීවත් විය යුතු බවයි. (මතෙව් 5වන පරිච්ඡේදය) ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද? එසේ කිරීමෙන් අර්ථවත් ජීවිතයක් ගත කළ හැකි බව ඔබ පිළිගන්නවාද?

ඇතැම් ප්‍රසිද්ධ ආගම්වල කරන දේවල් කිහිපයක් සලකා බලමු. උදාහරණයක් ලෙස ඇතැම් ක්‍රිස්තියානි භක්තිකයන් කියා සිටින්නේ තමන් “ගැලවීම” ලබන්න අවශ්‍ය බවයි. ඒ සඳහා ඔවුන් එකට රැස් වී දෙවියන්ගේ බලය ලබාගැනීමට මහත් උද්‍යෝගයකින් යාච්ඤා කරනවා. එය ලැබෙන බව හැඟෙන විට ඔවුන් සිතන්නේ තමන් ‘ගැලවී’ ඇති බවයි. මෙය ඔවුන්ට මහත් සහනයක් බව ඔවුන් කියනවා. අනික් අතට කතෝලිකයන් හැම සතියකම ඉරිදා පූජාවට නොවරදවාම සහභාගි වෙනවා. එමගින් ඔවුන් දෙවියන්ගේ පිහිට බලාපොරොත්තු වෙනවා. එසේ කිරීමෙන් ඔවුන් සිතන්නේ තමන්ට දෙවියන්ගේ අනුමැතිය ලැබෙන බවයි. බෞද්ධයන් මේ ජීවිතයේ කම්කටොලුවලින් සහනයක් ලබාගැනීමට උත්සාහ කරන්නේ තමන්ගේ සිත දියුණු කිරීමෙනුයි. ඒ සඳහා ඔවුන් විවිධ භාවනා ක්‍රම අත්හදා බලනවා. ඔවුන්ගේ විශ්වාසය නම් සිත දියුණු කරගත් කෙනෙක් සාර්ථකව ජීවිතයට මුහුණ දෙන බවයි. හින්දු භක්තිකයන්ගේ පරමාර්ථය වන්නේ නිමක් නැතිව මෙලොවට යළි යළි ඉපදීමේ චක්‍රයෙන් මිදීමයි. ඒ සඳහා ඔවුන් තමන්වම හිංසාවලට ලක් කරගන්නවා. මේ දේවල් සලකා බලන විට මතු වන ප්‍රශ්නය නම් ඒවා අර්ථවත් ජීවිතයකට මඟ පාදනවාද යන්නයි.

ඇත්තෙන්ම මේ ලෝකයේ ආගම්වල අනුගමනය කරන දේවල්වලින් බොහෝදෙනෙක් සෑහීමට පත් වී නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ අර්ථවත් ජීවිතයක් ගත කිරීම සඳහා කෙනෙකුට යම් ආගමකට දහමකට අයිති වෙන්න අවශ්‍ය නැති බවයි. තවත් අය කියන්නේ දෙවියන්ගේ පිහිට ලබනවාට වඩා තමාම සාමයෙන් හා තෘප්තියෙන් සිටින්න උත්සාහ කළ යුතු බවයි. එක ලේඛකයෙක් පැවසුවේ මෙසේයි: ‘අර්ථවත් ජීවිතයක් සොයාගත හැක්කේ තමා විසින්මයි. තමා කවුද කියා අවබෝධ කරගත්තොත් කෙනෙකුට ස්වභාවධර්මය සමඟ හා අවට සිටින මිනිසුන් සමඟ සමඟියෙන් කල් ගෙවිය හැකියි. එවැනි සාමයක් හා තෘප්තියක් ලබාගන්න යම්කිසි ආගමක් හෝ දහමක් හෝ දෙවි කෙනෙක් හෝ අවශ්‍ය නැහැ.’

එසේනම් ඉහත සඳහන් තොරතුරුවලින් එක දෙයක් පැහැදිලියි. එය නම් සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් සොයා මිනිසුන් අත්හදා බලන දේවල්වල අඩුවක් නැති බවයි. ප්‍රතිඵලයක් ලෙස මේ විෂය පිළිබඳව පොත් පත් දහස් ගණනක් පළ වී තිබෙනවා. බොහෝ පාඨකයන් එම පොත් කියවා අධ්‍යයනය කිරීමෙන් සෑහීමට පත් වන්නේ නැහැ. නමුත් මෙම විෂය ගැන විශ්වාසවන්ත මඟ පෙන්වීම් ලබා දෙන එක් සුවිශේෂ පොතක් ගැන සඳහන් කළ යුතුයි. ඒ පොත දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා ඇති පොතක්. එය නම් ශුද්ධ බයිබලයයි. (2 තිමෝති 3:16) දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියා ඇති බවට සාක්ෂි බොහොමයක් එහි අන්තර්ගතයි. එසේනම් සැබවින් අර්ථවත් ජීවිතයක් අත් කරගන්නා ආකාරය ගැන එහි සඳහන් මඟ පෙන්වීම් සලකා බැලීම වටිනවා. අපි එම මඟ පෙන්වීම් සහ ඒවා අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන දැන් සලකා බලමු.

[2වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]

COVER: Background: © Mark Hamblin/​age fotostock