Skip to content

පටුනට යන්න

අලුත් උපත එය කොතරම් වැදගත්ද?

අලුත් උපත එය කොතරම් වැදගත්ද?

අලුත් උපත එය කොතරම් වැදගත්ද?

යේසුස් නිකදේමස් සමඟ කළ සාකච්ඡාව පුරාම අලුත් උපතක් ලැබීම කොතරම් වැදගත්ද කියා කාවැද්දුවා. ඔහු එය පැහැදිලි කළේ කෙසේද?

අලුත් උපතක් ලැබීමේ වැදගත්කම යේසුස් පැවසුවේ මේ ආකාරයටයි. ‘යමෙක් අලුත් උපතක් ලබන්නේ නැත්නම්, ඔහුට දෙවිගේ රාජ්‍යය දැකගත නොහැකියි.’ (යොහන් 3:3) “නැත්නම්” හා “නොහැකියි” යන වචනවලින් අලුත් උපතක් ලැබීම කොතරම් වැදගත්ද කියා පැහැදිලි වෙනවා. මෙය තේරුම්ගැනීමට සාමාන්‍ය උදාහරණයක් ගැන සිතමු. “හිරු පායන්නේ නැත්නම් දිවා ආලෝකය දැකගත නොහැකියි.” එයින් පැහැදිලි වන්නේ දිවා ආලෝකය ලැබීමට හිරු පෑයීම අත්‍යවශ්‍ය බවයි. ඒ හා සමානව යේසුස් පැවසුවේ යමෙක් දෙවිගේ රාජ්‍යය දකින්න නම් ඔහු අලුත් උපතක් ලැබීම අත්‍යවශ්‍ය බවයි.

යමෙකුට මේ ගැන සුළු හෝ සැකයක් තිබෙනවා නම් එය ඉවත් කිරීමේ අරමුණින් යේසුස් මෙසේ පැවසුවා. “ඔබ සැමෝම නැවත උපදින්න ඕනෑය [අලුත් උපතක් ලැබිය යුතුයි].” (යොහන් 3:7) මෙහිදී යේසුස් පැහැදිලි කරන්නේ ‘දේවරාජ්‍යයට ඇතුල් වීමට’ අලුත් උපතක් ලැබීම අත්‍යවශ්‍ය බවයි.—යොහන් 3:5.

අලුත් ඉපදීමක් ලැබීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස යේසුස් සැලකූ නිසා අපි ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත යුතුයි. උදාහරණයකට තමන් අලුත් උපතක් ලබනවාද නැද්ද කියා එක් එක් ක්‍රිස්තියානියෙකුට තීරණය කළ හැකිද? මෙය ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“හිරු පායන්නේ නැත්නම් දිවා ආලෝකය දැකගත නොහැකියි”