Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

සාතන්ව ස්වර්ගයෙන් පහතට හෙළනු ලැබුවේ කවදාද?—එළි. 12:1-9

බයිබලයේ එළිදරව් පොතේ එය සිදු වූ දිනය සඳහන් කර නැහැ. ඒ වුණත් එය සිදු වූ කාලය නිගමනය කිරීම සඳහා උපකාරවත් වන සිද්ධීන් මාලාවක් එහි සඳහන් කර තිබෙනවා. එහි පළමු සිදු වීම නම් ස්වර්ගයෙහි දේවරාජ්‍යයේ පිහිටුවීමයි. ඒ සමඟම “ස්වර්ගයේ යුද්ධයක් ඇති” වූ අතර සාතන්ව ස්වර්ගයෙන් පන්නා දැමුවා.

දේවරාජ්‍යය පිහිටුවීම හා “ජාතීන් සඳහා නියම කරන ලද කාලවල්” අවසන් වීම යන සිද්ධීන් දෙකම සිදු වුණේ 1914දී බව සනාථ කරන සාක්ෂි බයිබලයේ අඩංගුයි. * (ලූක් 21:24) නමුත් සාතන්ව පොළොවට හෙළුවේ දේවරාජ්‍ය පිහිටුවා කොපමණ කලකට පසුවද කියා දැන් අපි බලමු.

එය තේරුම්ගැනීමට එළිදරව් 12:4හි සඳහන් දේ බලන්න. “ස්ත්‍රිය දරුවා බිහි කළ විට ඇගේ දරුවාව කා දමන පිණිස, ඒ මකරා දරුවා බිහි කරන්න සිටි ස්ත්‍රිය ඉදිරියෙහි බලා සිටියේය.” ඉන් පැහැදිලි වන්නේ දේවරාජ්‍යය පිහිටෙවූ විගසින්ම එය විනාශ කර දැමීමට සාතන් බලා සිටි බවයි. නමුත් යෙහෝවා දෙවි ඊට මැදිහත් වූ නිසා සාතන්ගේ එම දුෂ්ට අරමුණ ඉටු කරගැනීමට ඔහුට නොහැකි වුණා. ඒ වුණත් ඔහු දිගටම ඒ උත්සාහයේ යෙදෙන නිසා දේවරාජ්‍යය පිහිටෙවූ විගසම “මිකායෙල් සහ ඔහුගේ දූතයෝ” ‘මකරා සහ උගේ දූතයන්ව’ ස්වර්ගයෙන් පන්නා දැමුවා. මේ සියල්ලෙන් අපට පැමිණිය හැකි පැහැදිලි නිගමනය වන්නේ 1914දී දේවරාජ්‍යය පිහිටෙවූ විගස සාතන්ව ස්වර්ගයෙන් පහතට හෙළූ බවයි.

ඊට තවත් උදාහරණයක් බලන්න. බයිබලයේ සඳහන් සාක්ෂිවලට අනුව, මිය ගොස් සිටි අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ස්වර්ගික ජීවිතයක් සඳහා නැවත නැඟිටුවීම ආරම්භ වුණේ දේවරාජ්‍යය පිහිටුවීමත් සමඟයි. * (එළි. 20:6) සාතන්ට විරුද්ධව යේසුස් කළ යුද්ධයට අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හවුල් වූ බවක් බයිබලයේ සඳහන් වන්නේ නැහැ. එයින්ද අපට පැහැදිලි වන්නේ සාතන්ව ස්වර්ගයෙන් පන්නා දැමුවේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටුවීම ආරම්භ වීමටත් පෙර බවයි.

මෙම කරුණුවලින් අපට පැහැදිලි වන්නේ සාතන්ව සහ භූතයන්ව ස්වර්ගයෙන් පන්නා දැමූවේ කවදාද කියා බයිබලයේ හෙළි කර නැති වූවත් මෙය සිදු වූයේ 1914දී යේසුස් රජ වූ විගස බවයි.

[පාදසටහන්වල]

^ 4 ඡේ. බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 215-218 දක්වා පිටු බලන්න.

^ 6 ඡේ. වර්ෂ 2007 ජනවාරි 1 මුරටැඹ කලාපයේ 27-28 දක්වා පිටුවල ඇති 9-13 ඡේද බලන්න.