Skip to content

පටුනට යන්න

දෙවියන් ගැන සත්යය උගන්වන ආගම එකිනෙකාට ප්‍රේම කරන ආකාරය කියලා දෙනවා

දෙවියන් ගැන සත්යය උගන්වන ආගම එකිනෙකාට ප්‍රේම කරන ආකාරය කියලා දෙනවා

“ප්‍රේම නොකරන්නා දෙවියන් නාඳුනයි. මන්ද, දෙවියන් ප්‍රේමයය.” (1 යොහන් 4:8, නව අනුවාදය) එම පදයට අනුව සැබෑ ආගම අන් අයට ප්‍රේමණීයව සැලකීමට තම සාමාජිකයන්ට උගන්වනවා.

සමහර ආගම් මහලු, අසරණ මෙන්ම රෝගීව සිටින අයව බලා කියා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශංසනීය කාර්යයන් කර තිබෙනවා. එමෙන්ම ඇතැම් ක්‍රිස්තියානියැයි කියාගන්නා ආගම් බයිබලයේ සඳහන් මෙම උපදෙස් අදාළ කරගැනීමට තම සාමාජිකයන්ට උනන්දු කරනවා. “ලෞකික සම්පත් ඇති කෙනෙක්, තම සහෝදරයාගේ අගහිඟකම් දැක දැකත් ඔහුට අනුකම්පා නොකරත් නම් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද? මාගේ ප්‍රිය දරුවෙනි අපගේ ප්‍රේමය වචනයෙන්වත්, කතාවෙන්වත් නොව ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතුය.”—1 යොහන් 3:17, 18, න.අ.

නමුත් ජාතීන් දෙකක් අතර යුද්ධයක් ඇති වන අවස්ථාවක තත්වය කුමක්ද? එවැනි අවස්ථාවක “නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියා යේසුස් දුන් ප්‍රතිපත්තිය අදාළ කරගත හැකිද?—මතෙව් 22:39, න.අ.

යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “නුඹලා එකිනෙකාට ප්‍රේම කරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35, පැරණි අනුවාදය) පහත සඳහන් ප්‍රශ්න සලකා බලන විට ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘ඕනෑම තත්වයක් යටතේ එකිනෙකාට ප්‍රේම කරන්න කියා උගන්වන්නේ කුමන ආගමේද?’

විෂය: යුද්ධය.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

“නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤා කරන්න.”—මතෙව් 5:44, පැ.අ.

යේසුස්ව අත්අඩංගුවට ගැනීමට හේවායන් පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගෝලයෙක් වූ පේතෘස් කඩුව අතට ගත්තා. එවිට යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “ඔබේ කඩුව කොපුවේ දමන්න. කඩු ගන්නෝ කඩුවෙන්ම නසිති.”—මතෙව් 26:52, න.අ.

බයිබලයේ මෙවැනි දෙයක්ද සඳහන් වී තිබෙනවා. “දෙවිගේ දරුවෝද යක්ෂයාගේ දරුවෝද ප්‍රකාශව සිටිති, ධර්මිෂ්ඨකම් නොකරන කවරෙක්වත් තමාගේ සහෝදරයාට ප්‍රේම නොකරන්නෙක්වත් දෙවිගෙන් නොවෙයි. මක්නිසාද පටන්ගැන්මේ සිට නුඹලා ඇසූ පණිවිඩය නම්, අප විසින් එකිනෙකාට ප්‍රේම කළ යුතුය යන මේය. තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු.”—1 යොහන් 3:10-12, පැ.අ.

මේ ගැන සිතන්න:

යුද්ධවලට හවුල් නොවන්න කියා උගන්වන්නේ කුමන ආගමේද?

විෂය: දේශපාලනය.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

යේසුස් ආශ්චර්යවත් ක්‍රියාවන් කරනවා දුටු ජනයා ඔහුව දේශපාලන නායකයෙක් බවට පත් කිරීමට තැත් කළා. නමුත් යේසුස් එය ප්‍රතික්ෂේප කළා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුන් තමන් බලාත්කාරයෙන් අල්ලාගෙන, රජකමට පත් කරන්ට සැරසෙන බව ජේසූන් වහන්සේ දැන, නැවත තනිවම කන්දට ගිය සේක.”—යොහන් 6:15, න.අ.

යේසුස් කිසිවිටකත් ලෝකයේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. ඔහුව අත්අඩංගුවට ගෙන රාජද්‍රෝහියෙක් කියා චෝදනා කළ විට යේසුස් දුන් පිළිතුරෙන් එය මනාව පැහැදිලි වෙනවා. “මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධ වී නම්, යුදෙව්වරුන්ට මා භාර දෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන් කරනවා ඇත. නුමුත් දැන් මාගේ රාජ්‍යය මෙලොවින් නොවේයයි කීවේය.”—යොහන් 18:36, පැ.අ.

යේසුස් තම අනුගාමිකයන් ගැන දෙවිට යාච්ඤා කළ අවස්ථාවකදී මෙසේ පැවසුවා. “මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛර වුණෝය.”—යොහන් 17:14, පැ.අ.

මේ ගැන සිතන්න:

දේශපාලනඥයන්ගේ අප්‍රසාදයට ලක් වීමේ අවදානමක් තිබුණත් දේශපාලනයට සම්බන්ධ නොවන්න කියා උගන්වන්නේ කුමන ආගමේද?

විෂය: ජාතිය, ආගම හා සමාජ තත්වය අනුව මිනිසුන් වෙන් කිරීම.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

මුල් සියවසේ සිටි යුදෙව් නොවූ අය ක්‍රිස්තියානීන් බවට පත් වුණා. ඒ සම්බන්ධයෙන් යේසුස්ගේ ගෝලයෙකු වූ පේතෘස් මෙසේ පැවසුවා. “දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන බව දැන් මට සැබවින්ම පැහැදිලිය. සියලු ජාතීන් අතරේ උන් වහන්සේ කෙරෙහි භය ඇති, දැහැමි ක්‍රියා කරන තැනැත්තා උන් වහන්සේට ප්‍රියමනාපය.”—ක්‍රියා 10:34, 35, න.අ.

මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට බයිබල් ලේඛකයෙක් වූ යාකොබ් මෙවැනි උපදෙසක් දුන්නා. “මාගේ සහෝදරයෙනි, අපගේ තේජවන්ත ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල මනුෂ්‍යයන්ගේ තරාතිරම් සැලකීම ඇතුව නොදරල්ලා. රන් මුද්දක්ද අලංකාර වස්ත්‍රද පැළඳගෙන ඉන්න මනුෂ්‍යයෙකුත් කිලුටු ඇඳුම් ඇඳගෙන ඉන්න දිළින්දෙකුත් නුඹලාගේ සිනගෝගයට ආවොත්, නුඹලා අලංකාර වස්ත්‍ර පැළඳගෙන ඉන්න අය සලකා මෙහි හොඳ තැනක ඉඳගන්ටය කියාද, දිළින්දාට නුඹ ඔහේ සිටින්න, නොහොත් මාගේ පාපුටුව ළඟ ඉඳගනින්නැයි කියාද කියනවා නම්, නුඹලා භේද වූ අදහස් ඇත්තෝව, නපුරු සිතුවිලිවලින් යුක්ත විනිශ්චයකාරයෝ නොවන්නෝද?”—යාකොබ් 2:1-4, පැ.අ.

මේ ගැන සිතන්න:

දෙවි ඉදිරියේ සියලුම මිනිසුන් එක හා සමාන නිසා ජාතිය, ආගම හා සමාජ තත්වය අනුව මිනිසුන් වෙන් නොකරන්න කියා උගන්වන්නේ කුමන ආගමේද?

 

ධනය, බලය හා ජාතිය අනුව බෙදීම් ඇති කර නොගන්න කියා උගන්වන්නේ කුමන ආගමේද?