Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

• දෙවි ඔබව පොහොසත් කරන්නේ කුමනාකාරයෙන්ද?

පුරාණයේදී ආබ්‍රහම් හා සලමොන් වගේ අයට දෙවි ආශීර්වාද කළ නිසා ඔවුන්ට බොහෝ ධන සම්පත් තිබුණා. නමුත් ඊටත් වඩා වැඩියෙන් ක්‍රිස්තියානීන්ට අවශ්‍ය කරන දෙවි කෙරෙහි විශ්වාසය, සාමය, තෘප්තිමත් ජීවිතයක් හා සන්තෝෂය වැනි දේවලින් පොහොසත් වීමටද දෙවි උපකාර කරනවා.—9/1, 3-7 පිටු.

• යේසුස් මුහුදේ ගිලෙන්න ගිය පේතෘස්ව බේරාගත් සිද්ධියෙන් අප ඉගෙනගන්නේ කුමක්ද? (මතෙ. 14:28-31)

අප සෙසු ක්‍රිස්තියානියෙකුගේ දුර්වලකමක් හෝ අඩුපාඩුවක් දකින විට එය නිවැරදි කරගෙන දෙවිට ළං වීමට ඔහුට උපකාර කරන්න අවශ්‍යයි.—9/15, 8වන පිටුව.

• අපගේ ගැලවීම සඳහා යෙහෝවා දෙවිට පරිත්‍යාග කිරීමට සිදු වුණේ මොනවාද?

තම පුත්‍රයා අපහාස හා හිරිහැර විඳිමින් මිය යනවා බලා සිටීමට යෙහෝවා දෙවිට සිදු වුණා. තම පුත්‍රයා අපරාධකරුවෙකු ලෙස මිය යනවා දකිද්දී දැනුණ වේදනාව දරාගැනීමටද යෙහෝවා දෙවිට සිදු වුණා. ආබ්‍රහම් කැමැත්තෙන්ම ඊසාක්ව පූජා කිරීමට ඉදිරිපත් වූ සිද්ධියෙන් ඒ ගැන බොහෝ දේ අපට ඉගෙනගත හැකියි.—9/15, 28-29 පිටු.

• වතිකානු කෝඩෙක්ස් අත්පිටපත මිල කළ නොහැකි දෙයක් කියා පවසන්න පුළුවන් ඇයි?

ග්‍රීක බසින් ලියා ඇති මෙම අත්පිටපත සකස් කර තිබෙන්නේ බයිබලය සම්පූර්ණයෙන් ලියා අවසන් වූ දා සිට වසර 300ක් ඇතුළතයි. ඊට හෙබ්‍රෙව් හා ග්‍රීක ලියවිලි සියල්ලම වගේ ඇතුළත්. මුල් භාෂාවේ ඇති අදහස් එලෙසම තිබෙනවාද කියා නිශ්චය කරගැනීමට විශාරදයන් මේ පිටපතද යොදාගන්නවා.—10/1, 18-20 පිටු.

හිතෝපදේශ 24:27හි පවසන ‘පවුල ගොඩනැඟීමට සැලසුම්’ කිරීමට අයත් වන්නේ කුමක්ද?

පවුලේ අයට දෙවි පිළිබඳ දැනුම ලබා දීමේදී මූලිකත්වය ගැනීම හා ඔවුන්ට එදිනෙදා අවශ්‍ය දේවල් ලබා දීම ඊට අයත්. විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයෙක් එම වගකීම් දැරීමට හොඳින් සූදානම් විය යුතුයි.—10/15, 12වන පිටුව.

• යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ රෙපරමාදු ආගමක් නොවන්නේ ඇයි?

රෝමානු කතෝලික සභාවේ තිබූ ඉගැන්වීම් වෙනස් කර එය නඟා සිටුවීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස 16වන සියවසේදී රෙපරමාදු ආගම ඇති වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාප්වරුන්ගේ පාලනය පිළිගන්නේ නැහැ. එමෙන්ම ඔවුන් සත්‍යය දැනගැනීමට බයිබලය මත රඳා සිටිනවා. ඒ වගේම ඔවුන් රෙපරමාදු ආගම්වල ඇති බයිබලයට පටහැනි ඉගැන්වීම් හා වත්පිළිවෙත්ද ප්‍රතික්ෂේප කරනවා.—11/1, 19වන පිටුව.

• බයිබලයේ ඇති දේ තේරුම්ගැනීමට නම් කෙනෙක් හෙබ්‍රෙව් හා ග්‍රීක භාෂාව ඉගෙනගත යුතුද?

නැහැ. එම භාෂා දෙක දැන සිටි පමණින්ම බයිබලයේ තිබෙන දේවල් තේරුම්ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම එම භාෂා දෙක දන්නා අයට පවා ශබ්දකෝෂ හා ව්‍යාකරණ පොත්වල පිහිට පතන්න සිදු වෙනවා. යෙහෝවා දෙවි ඔහුගේ පුත්‍රයාගේ වදන් පවා පරිවර්තනයක් ලෙස බයිබලයට ඇතුළත් කිරීමට ඉඩහැරියා. එමගින් පැහැදිලි වන්නේ කෙනෙකුට තමාගේ භාෂාවෙන් ඇති බයිබල් පරිවර්තනයක් යොදාගෙන දෙවි ගැන ඉගෙනගත හැකි බවයි.—11/1, 20-23 පිටු.

• හොඳ පුරුදු සම්බන්ධයෙන් යෙහෝවා දෙවි හා යේසුස් ක්‍රිස්තුස් අපට විශිෂ්ට ආදර්ශයක් වන්නේ ඇයි?

දෙවි මුළු විශ්වයේම පාලකයා වුණත් මිනිසුන්ට සලකන්නේ ඉතා කාරුණිකවයි. ඒ වගේම ආබ්‍රහම් හා මෝසෙස් වැනි සේවකයන්ට දෙවි ආයාචනාත්මක ස්වරයකින් කතා කළ අවස්ථාද තිබුණා. (උත්. 13:14) දෙවි මනුෂ්‍යයන් පවසන දේවලටද සවන් දෙනවා. (උත්. 18:23-32) යේසුස්ද එසේ කළා. ඒ වගේම තමා සමඟ සිටි අයට ඕනෑම අවස්ථාවක උපකාර කිරීමටද යේසුස් කැමැත්තෙන් සිටියා. ඔහු මිනිසුන්ගේ නමින් අමතා ඔවුන්ට කතා කළා.—11/15, 25වන පිටුව.

• සැබෑ ක්‍රිස්තියානීන් අලුත් අවුරුදු චාරිත්‍ර නොපවත්වන්නේ ඇයි?

ආසියානුවන් අලුත් අවුරුද්ද සැමරීම සලකන්නේ ඔවුන්ගේ වැදගත්ම උත්සවයක් ලෙසයි. ඔවුන් නව වසර වාසනාවන්ත එකක් කරගැනීමටත් මළවුන්ට ගෞරව කිරීමටත් එම උත්සවය යොදාගන්නවා. සැබෑ ක්‍රිස්තියානීන්ද තමන්ගේ දෙමාපියන්ට ප්‍රේම කරමින් ඔවුන්ට ගෞරව කරනවා. නමුත් ආරක්ෂාව ලබන්න මිය ගිය අයව සම්බන්ධ කරගෙන හෝ විවිධ දෙවිවරුන්ව සම්බන්ධ කරගෙන කරන චාරිත්‍ර වාරිත්‍ර අඩංගු උත්සවවලට ඔවුන් හවුල් වන්නේ නැහැ.—12/1, 20-23 පිටු.