Skip to content

පටුනට යන්න

“තව පොඩ්ඩක් බොමු”

“තව පොඩ්ඩක් බොමු”

“තව පොඩ්ඩක් බොමු”

ඇලන් මත්පැන් පානය කිරීමට පටන්ගන්නා විට ඔහුට වයස අවුරුදු 11යි. * ඔහු කුඩා කාලයේදී සිය මිතුරන් සමඟ කැලේට ගොස් චිත්‍රපටිවල තිබෙන චරිත රඟ දක්වමින් සෙල්ලම් කළා. ඔවුන් රඟ දැක්වූ චරිත මනඃකල්පිත ඒවා වුණත් ඇලන් සහ ඔහුගේ මිතුරන් මත්පැන් පාලනය කළේ ඇත්තටමයි.

ටෝනි දිනපතා මත්පැන් පානය කිරීමට පුරුදුව සිටියත් ඔහුට වයස අවුරුදු 40 වන විට ඔහු වැඩි වැඩියෙන් එසේ කළා. කාලයක් යන විට තමා දිනකට කොතරම් මත්පැන් ප්‍රමාණයක් පානය කළාද කියාවත් ඔහුට මතක නැති වුණා.

ඇලන් අන් අයගේ උපකාරය පිළිගත් නිසා ඔහුට මත්පැන් පානයෙන් මිදෙන්න හැකි වුණා. නමුත් ටෝනි එසේ නොකළ නිසා ඔහු අද ජීවතුන් අතර නැහැ. ඊට හේතුව බීමත්ව රිය පැදවීමෙන් සිදු වූ අනතුරකින් ඔහු මිය යෑමයි.

මත්පැන් පානය නිසා කරදරවලට මුහුණ දෙන්නේ ඒවා පානය කරන අය පමණක් නොවේ. * අන් අයත් ඒ නිසා පීඩා විඳිනවා. උදාහරණයකට රණ්ඩු දබර, පහර දීම් සහ ඝාතනය කිරීම් බොහෝවිට සිදු වන්නේ මත්පැන් අනිසි භාවිතය නිසයි. එපමණක්ද නොව මාර්ග අනතුරු සහ රැකියා ස්ථානවල සිදු වන අනතුරුවලටත් විශාල වශයෙන් හේතු වන්නේද මත්පැන් අනිසි භාවිතයයි. එමෙන්ම මත්පැන් අනිසි භාවිතයෙන් සිදු වන අනතුරු සහ ආපදා නිසා රටේ මුදල්ද නිරපරාදේ නාස්ති වී යනවා. ඒ වගේම දරුවන් සහ පවුලේ අයටත් මානසිකව දුක් විඳීමට සිදු වෙනවා.

එක්සත් ජනපදයේ සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනය මෙවැනි දෙයක් සඳහන් කළා. ‘සමහරු බේබද්දන් නොවුණත් ඔවුන් ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීමට පුරුදු වී තිබෙනවා. තවත් අය නිතිපතා මත්පැන් පානය නොකළත් මත්පැන් ගන්න අවස්ථාවලදී ප්‍රමාණය ඉක්මවා පානය කරනවා.’

ඔබත් මත්පැන් පානය කරනවා නම් ඔබේ සීමාව කුමක්ද? ඔබට එය හඳුනාගත හැක්කේ කෙසේද? (හිතෝපදේශ 23:29, 30) ඒ ගැන අපි ඊළඟ ලිපිවලින් සලකා බලමු.

[පාදසටහන්වල]

^ 2 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 5 ඡේ. බොහෝවිට මත්පැන් අධික ලෙස පානය කිරීමේ ගැටලුව තිබෙන්නේ පුරුෂයන්ට වුණත් මෙම ලිපි මාලාවේ තිබෙන තොරතුරු ස්ත්‍රීන්ටත් අදාළ කරගත හැකියි.