Skip to content

පටුනට යන්න

ඔබට මතකද?

ඔබට මතකද?

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

• වගකීමෙන් යුතුව වැඩ කිරීමට දරුවෙක් පුහුණු කිරීම සඳහා ඔබට කුමක් කළ හැකිද?

ඔබේ දරුවාට හොඳ ‘ආදර්ශයක්’ වන්න. (යොහ. 13:15) ඔබ දරුවාගෙන් බලාපොරොත්තු වන දේ ගැන සාධාරණ වන්න. ඔහු වයසින් වැඩෙන විට ඔහුගෙන් වැඩියෙන් බලාපොරොත්තු විය හැකියි. උදාහරණයකට ශාරීරික පිරිසිදුකම, වෙලාවට වැඩ කිරීම හා පාසැලේ වැඩකටයුතු හොඳින් කිරීම වැනි දේ ඔහුගෙන් බලාපොරොත්තු විය හැකියි. ඒ වගේම දරුවාට තම වගකීම් හොඳින් ඉටු කිරීමට නිශ්චිත මඟ පෙන්වීම් ලබා දෙන්න.—5/1, 19-20 පිටු.

• ආරොන් රන් වස්සා සෑදූ විට දෙවි ඔහුට දඬුවම් නොකළේ ඇයි?

රූප නමස්කාරය සම්බන්ධයෙන් දෙවි දී තිබූ නීතියට ඔහු අකීකරු වුණා. (නික්. 20:3-5) නමුත් ඒ අවස්ථාවේදී මෝසෙස්, ආරොන් වෙනුවෙන් දෙවිට කන්නලව් කළ නිසා ඉන් “ඉමහත් ප්‍රයෝජන” අත් වුණා. (යාකො. 5:16) ආරොන් දිගු කාලයක් පුරා දෙවිට විශ්වාසවන්තව සේවය කළ කෙනෙක්. නමුත් ඔහු ඒ ක්‍රියාව කළේ ජනයාගේ බලපෑම නිසා මිස සිය කැමැත්තෙන් නොවෙයි. ඉන්පසුව ඔහු ලෙවීගේ පුත්‍රයන් සමඟ දෙවිගේ පැත්ත ගෙන ක්‍රියා කිරීමෙන් එය පැහැදිලියි. (නික්. 32:25-29)—5/15, 21වන පිටුව.

• බයිබලයේ සඳහන් ආකාරයට රන්වලට ප්‍රසිද්ධ ඕෆීර් නගරය පිහිටා තිබුණේ කොහේද?

ඕෆීර් නගරයෙන් රන් ගෙන ඒමට සලමොන් රජ එෂියොන්-ගෙබෙර්හි නැව් සෑදූ බව වාර්තා වෙනවා. (1 රාජා. 9:26-28) එෂියොන්-ගෙබෙර් නම් ප්‍රදේශය පිහිටා තිබෙන්න ඇත්තේ අකාබා බොක්කේ ඉහළ කෙළවරේයි. සමහරවිට ඕෆීර් ප්‍රදේශය අප්‍රිකාවේ හෝ ඉන්දියාවේ පිහිටා තිබුණා විය හැකියි.—6/1, 15වන පිටුව.

• “ගිලියද් දේශයේ බෝල්සම් තෛලය” ලෙස සඳහන් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (යෙරෙ. 8:22)

සුවඳ මිශ්‍ර වූ තෙල් ගතියකින් සමන්විත මැලියම් ලබාගත හැකි ශාක සහ පැළෑටි හැඳින්වීමට බෝල්සම් යන වචනය භාවිත කළා. යොර්දාන් ගඟේ නැඟෙනහිර දෙසින් පිහිටා තිබුණු ගිලියද් දේශයෙන් මෙය ලබාගත හැකි වුණා. මෙය බෙහෙතක් ලෙස තුවාලවල ගැල්වීමටද යොදාගත්තා. ඊශ්‍රායෙල් ජාතිකයන් සිටියේ සංකේතමය වශයෙන් රෝගාතුර තත්වයකයි. ඒ නිසා ඔවුන්ට සුවයක් අවශ්‍ය වුණා. නමුත් ඔවුන් ඒ සුවය ලබාගැනීමට පියවර ගත්තේ නැහැ. (යෙරෙ. 8:9)—6/1, 21-22 පිටු.

• සහකරු හෝ සහකාරිය ද්‍රෝහි වූ විට ක්‍රිස්තියානියෙකුට එය දරාගැනීමට උපකාරවත් වන්නේ කුමක්ද?

නිර්දෝෂ තැනැත්තා දිගටම බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වී තිබෙනවා නම් සිදු වූ දේට තමන් වග කිව යුතු බව ඔහු හෝ ඇය නොසිතිය යුතුයි. ඔබට සහනය අවශ්‍ය බව දන්නා යෙහෝවා දෙවි සෙසු නමස්කාරකයන් මාර්ගයෙන් සහනය සලසා දෙන බවට ස්ථිර වන්න.—6/15, 30-31 පිටු.

• බරපතළ අසනීපයකින් පෙළෙන කෙනෙකුට උපකාර කළ හැක්කේ කොහොමද?

හොඳින් සවන් දෙන්න. (දේශ. 3:1, 7) සංවේදී වන්න. (රෝම 12:15) දිරිමත් කරන්න. උපකාරශීලී වන්න. (කොලො. 4:6; 1 යොහ. 3:18) ළඟින් සිටින්න. (හිතෝ. 17:17)—7/1, 10-13 පිටු.

• දෙවිට ආරම්භයක් නොතිබුණු බව අප දන්නේ කොහොමද?

ඒ ගැන මෝසෙස් කළ යාච්ඤාවක සඳහන් වෙනවා. (ගීතා. 90:2) එහි සඳහන් ආකාරයට දෙවිව “සදාකාලික රජ්ජුරුවන්” කියා හැඳින්විය හැකියි. (1 තිමෝ. 1:17)—7/1, 28වන පිටුව.

• ඔබේ දරුවා තුළ කියවීමට ආශාවක් ඇති කිරීමට කුමක් කළ හැකිද?

නිවසේ ප්‍රේමණීය වතාවරණයක් තිබීම හා දෙමාපියන්ගේ ආදර්ශය ඒ සඳහා වැදගත්. පොත් පත් ලබා දෙන්න. ශබ්ද නඟා කියවන්න. කියවන දේ ගැන අදහස් දැක්වීමට දිරිගන්වන්න. එමෙන්ම ඒවා ගැන සාකච්ඡා කරන්න. ඔබට ඇසෙන සේ කියවීමටත් ඔබෙන් ප්‍රශ්න ඇසීමටත් දිරිගන්වන්න.—7/15, 26වන පිටුව.

• යේසුස් ඉක්මණින් ඔහුගේ මිත්‍රයා වන ලාසරස්ව සුව නොකළේ ඇයි?

යේසුස් ලාසරස්ගේ නිවසට යන විට ඔහු මිය ගොස් දවස් හතරක් ගත වී තිබුණා. යේසුස්ට එහිදී තම පියා ගැන කදිම සාක්ෂියක් දීමට හැකි වුණා. ඒ නිසා බොහෝදෙනෙක් යේසුස් කෙරෙහි විශ්වාසය තැබීමට පටන්ගත්තා. (යොහ. 11:45)—8/1, 14-15 පිටු.

• පූජනීය ස්ථාන මොනවාද?

බොහෝවිට යෙහෝවා දෙවි පිළිකුල් කළ එම පූජනීය ස්ථාන කඳු මුදුන්වල, ගස් යට හෝ නුවරවල පිහිටා තිබෙන්න ඇති. එමෙන්ම එම ස්ථානවල පූජාසන, නමස්කාරය සඳහා ඉදි කළ කුලුනු සහ කණු, සුවඳ දුම් පූජාසන ඇතුළු තවත් දේවල්ද තිබෙන්න ඇති. (ගණන්. 33:52)—8/1, 23වන පිටුව.