Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

“යේසුස්ගේ දාසයෙකු බවට සාක්ෂි සපයන ලකුණු” තමාගේ ශරීරයේ දක්නට ලැබෙනවා කියා පැවසීමෙන් පාවුල් අදහස් කළේ කුමක්ද?—ගලාති 6:17.

අතීතයේදී සිරකරුවන්ව, සොරුන්ව සහ පලා යන වහලුන්ව හඳුනාගැනීමට ගිනියම් කළ යකඩයකින් ඔවුන්ගේ ශරීරවල යම් ලකුණක් දමනු ලැබුවා. එවැනි ලකුණක් ශරීරයේ තිබීම සලකනු ලැබුවේ නින්දාවක් ලෙසයි.

නමුත් සෑම ලකුණක්ම නින්දාවක් ලෙස සැලකුවේ නැහැ. උදාහරණයකට අතීතයේදී ඇතැම් අය තම ගෝත්‍රය හෝ ආගම කුමක්ද කියා පෙන්නුම් කිරීමටත් ශරීරයේ යම් ලකුණු කොටාගෙන තිබෙනවා. එක් ශබ්දකෝෂයක සඳහන් වන ආකාරයට “හාදද් සහ ආටාගාටිස් වැනි දෙවිවරුන් ඇදහූ සිරියානුවන් ඒ දෙවිවරුන්ට කැප වී සිටින බව පෙන්වීමට මැණික් කටුව ආශ්‍රිතව හෝ බෙල්ලේ ලකුණු කොටාගෙන තිබෙනවා.” එමෙන්ම “ඩයනයිසස් නම් දේවතාවියව ඇදහූ අයත් තම ශරීරවල ලකුණු කොටාගත්” බව එහි තවදුරටත් සඳහන් වෙනවා.—Theological Dictionary of the New Testament.

කොහොමවුණත් පාවුල් තම ශරීරයේ තිබුණු බවට පවසන ලකුණු මොනවාද? සමහර විචාරකයන් පවසන්නේ යේසුස්ගේ අනුගාමිකයෙකු ලෙස පහර කෑම්වලට ලක් වීමෙන් ඇති වූ කැළැල් ගැන පාවුල් පවසනවා කියායි. (2 කොරින්ති 11:23-27) එසේත් නැත්නම් යේසුස්ගේ අනුගාමිකයෙකු ලෙස තමා ජීවත් වූ ආකාරය ලකුණක් ලෙස ඔහු විස්තර කළා විය හැකියි.

අපරාධකරුවන්ට ආරක්ෂිත නුවරවල සැඟවී සිටීමට හැකි වුණාද?

අතීතයේදී බොහෝ අපරාධකරුවන් ආරක්ෂාව පතා දේවාලවලට ගොස් සැඟවී සිටීමට පුරුදු වී සිටියා. මධ්‍යකාලීන යුගයේ පවා අපරාධකරුවන් එසේ රැකවරණය පතා පල්ලි හෝ පූජකාරාමවලට ගොස් තිබෙනවා. කොහොමවුණත් පුරාණ ඊශ්‍රායෙලයේ තිබුණු ආරක්ෂිත නුවරවල අපරාධකරුවන්ට සැඟවී සිටීමට ඉඩක් ලැබුණේ නැහැ.

ආරක්ෂිත නුවරකට ගොස් තම ජීවිතය බේරාගැනීමට හැකියාව තිබුණේ අත්වැරදීමකින් කෙනෙකුගේ ජීවිතය අහිමි කළ කෙනෙකුට පමණයි. (ද්විතීය කතාව 19:4, 5) එවැනි කෙනෙක් හැකි ඉක්මනින් ආරක්ෂිත නුවරකට පලා යා යුතු වුණා. එසේ නොවුණා නම් මිය ගිය කෙනාගේ නෑදෑයෙක් ඔහුව මරා දමන්න ඉඩ තිබෙනවා. අත්වරද කළ පුද්ගලයා ආරක්ෂිත නුවරට පලා ගිය පසු සිදු වූ දේ එහි සිටින වැඩිමහල්ලන්ට කිව යුතුව තිබුණා. ඉන්පසුව ඔහු අතින් සිදු වූ වරද විභාග කරනු ලබන අතර එහිදී තමා නිර්දෝෂ බවට සාක්ෂි ඉදිරිපත් කිරීමටත් ඔහුට ඉඩ සැලසුණා. එමෙන්ම මිය ගිය කෙනා සහ ඔහු අතර යම් අමනාපයක් තිබුණාද කියාත් වැඩිමහල්ලන් සෝදිසි කර බැලුවා.—ගණන් කතාව 35:20-24; ද්විතීය කතාව 19:6, 7; යොෂුවා 20:4, 5.

අත්වරද කළ කෙනා නිර්දෝෂ බව ඔප්පු වුණා නම් ඔහුට ආරක්ෂිත නුවරේම ජීවත් වීමට අවසර ලැබුණා. ඒ ආරක්ෂිත නුවරවල් සිරකඳවුරු නොවෙයි. ඇත්තෙන්ම සමාජයට වැඩදායි පුද්ගලයන් ලෙස එහිදී යම් කාර්යයන් කරන්න ඔවුන්ට හැකි වුණා. ආරක්ෂිත නුවරවල සිටි අයට නැවත තම ගම්බිම් බලා යෑමට හැකි වුණේ උත්තම පූජකයා මිය ගිය පසුවයි.—ගණන් කතාව 35:6, 25-28.

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ආරක්ෂිත නුවරවල්

1 කෙදෙෂ්

2 ගෝලාන්

3 රාමොත්

4 ෂීකෙම්

5 බෙෂෙර්

6 හෙබ්‍රොන්

යොර්දාන් ගඟ