Skip to content

පටුනට යන්න

බයිබලය අධ්‍යයනය කළ යුත්තේ ඇයි?

බයිබලය අධ්‍යයනය කළ යුත්තේ ඇයි?

බයිබලයෙන් පිළිතුරු සොයමු

බයිබලය අධ්‍යයනය කළ යුත්තේ ඇයි?

මෙම ලිපිය සකස් කර තිබෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමයටයි. ප්‍රශ්නවලට අදාළ පිළිතුරු බයිබලයෙන් සොයාගත හැකි ආකාරය මෙහි පෙන්වා දෙනවා. එම පිළිතුරු ගැන ඔබ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමැත්තෙන් සිටිනවා.

1. බයිබලය අධ්‍යයනය කළ යුත්තේ ඇයි?

යෙහෝවා දෙවි මුළු මිනිස් වර්ගයාටම ශුභාරංචියක් දී තිබෙනවා. එය සඳහන් වෙන්නේ බයිබලයේ පමණයි. එමෙන්ම බයිබලය ස්වර්ගයේ සිටින අපගේ ප්‍රේමණීය පියා වන යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන ලිපියක් හා සමානයි.—යෙරෙමියා 29:11 කියවන්න.

2. බයිබලයේ සඳහන් වන ශුභාරංචිය කුමක්ද?

කිසිම පාලකයෙකුට භීෂණය, අසාධාරණය, ලෙඩ දුක් සහ මරණය නැති කර දැමීමට හැකි වී නැහැ. ඒ වුණත් යෙහෝවා දෙවි ස්වර්ගයේ පිහිටුවා තිබෙන තම රාජ්‍යය මාර්ගයෙන් ඒ සියල්ලට නිමාවක් ගෙනෙනවා. ඇත්තෙන්ම එය ශුභාරංචියක් නොවේද!—දානියෙල් 2:44 කියවන්න.

3. බයිබලය අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

වැඩි කල් යෑමට පෙර දුෂ්ටකම් කරන අයව දෙවි තුරන් කර දමනවා. නමුත් එකිනෙකාට ප්‍රේම කරන්නත් තම ජීවිත සාර්ථක කරගැනීමටත් ධර්මිෂ්ඨ අයට දෙවි බයිබලය මාර්ගයෙන් උගන්වනවා. එමනිසා බයිබලය අධ්‍යයනය කිරීමෙන් ප්‍රශ්න ගැටලුවලට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය ගැනත් සැබෑ සන්තෝෂය අද්දැකීමට කළ යුත්තේ කුමක්ද කියාත් දෙවිව සතුටු වන ආකාරයෙන් ජීවත් විය හැක්කේ කෙසේද කියාත් ඔවුන් ඉගෙනගනිමින් සිටිනවා.—ශෙපනියා 2:3 කියවන්න.

4. බයිබලයේ කර්තෘ කවුද?

බයිබලය කුඩා පොත් 66කින් සමන්විතයි. එම පොත් ලිවීමට විවිධ පුද්ගලයන් 40දෙනෙක් හවුල් වී තිබෙනවා. බයිබලයේ මුල්ම පොත් පහ ලියනු ලැබුවේ මෝසෙස් විසිනුයි. ඒ මීට අවුරුදු 3,500කට පමණ ඉහතදීයි. බයිබලයේ අවසාන පොත ලියා තිබෙන්නේ යේසුස්ගේ ගෝලයෙක් වූ යොහන් විසිනුයි. ඔහු එය ලිව්වේ මීට අවුරුදු 1,900කට ඉහතදීයි. එම ලේඛකයන් 40දෙනාම බයිබලයට ඇතුළත් කළේ දෙවිගේ අදහස් මිස තම අදහස් නොවෙයි. එමනිසා බයිබලයේ කර්තෘ යෙහෝවා දෙවියි.—2 තිමෝති 3:16; 2 පේතෘස් 1:21 කියවන්න.

අනාගතයේ සිදු වීමට නියමිත දේවල් ඉතා නිවැරදිව බයිබලයේ වාර්තා වී තිබෙන නිසා බයිබලයේ කර්තෘ දෙවිම බව ඉතා පැහැදිලියි. (යෙසායා 46:9, 10) එහි දෙවිගේ ශ්‍රේෂ්ඨ ගතිගුණ පිළිබඳවත් සඳහන් වෙනවා. එමෙන්ම මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ඔවුන්ව යහමඟට ගැනීමට තරම් බයිබලයේ සඳහන් වදන් ප්‍රබලයි. ඉන් පැහැදිලි වන්නේ බයිබලය ලියැවී තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් බවයි.—යොෂුවා 23:14; 1 තෙසලෝනික 2:13 කියවන්න.

5. බයිබලයේ සඳහන් දේවල් තේරුම්ගැනීමට ඔබට කුමක් කළ හැකිද?

යේසුස්ගේ කාලයේ සිටි බොහෝදෙනෙක් ශුද්ධ ලියවිලි ගැන දැන සිටියත් ඒවා කියවා තේරුම්ගැනීම ඔවුන්ට එතරම් පහසු වුණේ නැහැ. එමනිසා යේසුස් නිතරම ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවල් ඔවුන්ට ‘පැහැදිලි කර දුන්නා.’ ඔබ දැන් කියවමින් සිටින “බයිබලයෙන් පිළිතුරු සොයමු” නමැති මේ ලිපියෙනුත් සිදු වෙන්නේ එයමයි.—ලූක් 24:27, 45 කියවන්න.

ජීවිතයේ අරමුණ කුමක්ද කියා දැනගැනීම සඳහා බයිබලය අධ්‍යයනය කිරීම ඉතා වැදගත් දෙයක්. නමුත් ඔබ බයිබලය අධ්‍යයනය කරනවාට සමහර අය අකමැති වෙන්න පුළුවන්. ඒ නිසාම බයිබලය අධ්‍යයනය කිරීම නතර කරන්න එපා. දිගටම බයිබලය අධ්‍යයනය කර දෙවි ගැන දැනුම ලබාගන්නවා නම් ඔබට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙනවා.—මතෙව් 5:10-12; යොහන් 17:3 කියවන්න.

වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 2වන පරිච්ඡේදය බලන්න.