Skip to content

පටුනට යන්න

වසරේ වැදගත්ම දිනයට ඔබ සූදානම්ද?

වසරේ වැදගත්ම දිනයට ඔබ සූදානම්ද?

වසරේ වැදගත්ම දිනයට ඔබ සූදානම්ද?

යේසුස් මිය යන්න පැය කිහිපයකට පෙර තම මරණය සිහි කළ යුතු ආකාරය ගැන ගෝලයන්ට කියා දුන්නා. එම අවස්ථාව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය” හෝ ‘ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය’ ලෙසයි. (1 කොරින්ති 11:20; නව අනුවාදය) එය පැවැත්වීම මොන තරම් වැදගත්ද කියා පෙන්වා දෙමින් යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ අණ කළා. ‘මාව සිහි කිරීමට මේ දේ කරන්න.’ (ලූක් 22:19) යේසුස් දුන් ඒ අණට කීකරු වීමට ඔබ කැමතිද? එසේනම් යේසුස්ගේ මරණය සිහි කිරීමට යෙදී ඇති දිනය වසරේ වැදගත්ම දිනය ලෙස සලකා ඒ අවස්ථාවට හවුල් වන්න.

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සැමරිය යුතු නිශ්චිත දිනය කුමක්ද? එම අවස්ථාවේ වැදගත්කම අවබෝධ කරගැනීමට කුමක් කළ හැකිද? එම ප්‍රශ්නවලට පිළිතුරු සොයා බැලීම ඉතා වැදගත්.

එය වසරකට කී වතාවක් සැමරිය යුතුද?

සාමාන්‍යයෙන් අපි වැදගත් සිදුවීම් සමරන්නේ වාර්ෂිකවයි. උදාහරණයකට වර්ෂ 2004 දෙසැම්බර් 26වෙනි දා සිදු වූ සුනාමි ව්‍යසනය අප කාගෙත් සිත් තුළ නොමැකී සටහන් වී තිබෙනවා. නමුත් ඒ සිදුවීම තදින්ම අපේ සිත්වලට දැනෙන්නේ සෑම වසරකම දෙසැම්බර් 26වෙනි දිනය උදා වන විටයි.

පුරාණයේදීත් යම් වැදගත් සිදුවීම් වාර්ෂිකව සිහි කරනු ලැබුවා. (එස්තර් 9:21, 27) උදාහරණයකට දෙවි ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවේ වහල්භාවයෙන් මුදවාගත් විට එම සිදුවීම වාර්ෂිකව සිහි කරන්න කියා දෙවි ඔවුන්ට අණ කළා. බයිබලයේ එම සිහි කිරීම හඳුන්වා තිබෙන්නේ පාස්කුව ලෙසයි. ඔවුන් සෑම වසරකම අදාළ දිනයේදී එය සැමරුවා.—නික්මයාම 12:24-27.

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ගෝලයන්ට හඳුන්වා දීමට කලින් යේසුස් ඔවුන් සමඟ පාස්කුව සැමරුවා. (ලූක් 22:7-20) ඊශ්‍රායෙල්වරුන් පාස්කුව වාර්ෂිකව සැමරුවා හා සමානව පාස්කුව වෙනුවට අලුතෙන් හඳුන්වා දුන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයත් පැවැත්විය යුත්තේ වාර්ෂිකවයි. නමුත් එය සැමරිය යුත්තේ කවදාද?

සැමරිය යුත්තේ කවදාද?

එම ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීම සඳහා කාරණා දෙකක් අවබෝධ කරගත යුතුයි. අතීතයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ දවස ආරම්භ වුණේ හිරු බැස යෑමත් සමඟයි. එම දවස අවසන් වුණේ ඊළඟ දිනයේ හිරු බැස ගිය විටයි. ඒ අනුව ඔවුන් දවසක් ලෙස සැලකුවේ එක් සන්ධ්‍යාවක සිට අනික් සන්ධ්‍යාව දක්වා ගත වූ කාලයයි. අප අවබෝධ කරගත යුතු පළමු කාරණය එයයි.—ලෙවී කතාව 23:32.

අපි දැන් දෙවෙනි කාරණය සලකා බලමු. පුරාණයේ සිටි යුදෙව්වරුන් භාවිත කළේ අද අප භාවිත කරන දිනදර්ශනය නොවෙයි. අප භාවිත කරන දිනදර්ශනයේ මාර්තු සහ අප්‍රියෙල් යන මාස සමාන වුණේ ඔවුන්ගේ ආදාර් සහ නීසාන් යන මාසවලටයි. (එස්තර් 3:7) යුදෙව්වරුන්ගේ දිනදර්ශනයට අනුව මාසයක් ආරම්භ වෙන්නේ නව සඳ පෙනෙන දවසෙයි. ඔවුන් පාස්කුව පැවැත්වූවේ ඔවුන්ගේ දිනදර්ශනයේ පළමුවෙනි මාසය වන නීසාන් මාසයේ 14වෙනිදායි. (ලෙවී කතාව 23:5; ගණන් කතාව 28:16) රෝමවරුන් යේසුස්ව ඇණ ගැසුවෙත් නීසාන් 14වෙනිදායි. ඔහු මිය ගියේ ඊශ්‍රායෙල්වරුන් මුල්ම පාස්කුව පවත්වා වසර 1,545ක් ගත වූ පසුවයි. එසේනම් නීසාන් 14වෙනිදා මොන තරම් විශේෂ දවසක්ද!

අප අද දින භාවිත කරන දිනදර්ශනයට අනුව නීසාන් 14වෙනිදා යෙදෙන්නේ කවදාටද කියා තීරණය කරන්නේ කෙසේද? එය තේරුම්ගැනීම අපහසු කාර්යයක් නොවෙයි. වසන්ත සමයේ එක් දිනක දවාල පවතින කාලයත් රාත්‍රිය පවතින කාලයත් එක සමාන වෙනවා. එම දවසට පසු මුලින්ම නව සඳ පායන දවස නීසාන් මාසයේ 1වෙනිදායි. එතැන් සිට දින 14ක් ගණන් කළ විට එළඹෙන්නේ නීසාන් 14වෙනි දිනයයි. සාමාන්‍යයෙන් එය පූර්ණ චන්ද්‍රයා පායන දිනයක්. ඒ අනුව මෙම වසරේදී නීසාන් 14වෙනි දිනය ඇරඹෙන්නේ අප්‍රියෙල් 17වෙනි ඉරුදිනයේ හිරු බැස යෑමත් සමඟයි. *

එම දිනයේදී ලොව වටාම සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය සමරනවා. ඒ අවස්ථාවට ඔවුන් හා එක් වෙන්න කියා ඔවුන් ඔබටත් සාදරයෙන් ආරාධනා කරනවා. එය සන්ධ්‍යා භෝජනයක් නිසා ඔවුන් එය සමරන්නේ උදෑසන හෝ දහවල් කාලයේදී නොව හිරු බැස යෑමෙන් පසුවයි. (1 කොරින්ති 11:25) එය සමරනු ලබන ස්ථානය සහ වේලාව ගැන ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් දැනගන්න ඔබට හැකියි. මීට වසර 1,978කට කලින් නීසාන් 14වෙනි දිනයේදී යේසුස් හඳුන්වා දුන් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය ඔවුන් මේ වසරේදී අප්‍රියෙල් 17වෙනි ඉරුදින සමරනවා. යේසුස්ගේ මරණය සිහි කිරීමට උචිතම දිනය එයයි.

ඒ සඳහා සූදානම් විය හැක්කේ කෙසේද?

වාර්ෂිකව සමරනු ලබන ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනයට සූදානම් විය හැකි එක් ආකාරයක් වන්නේ යේසුස් අපි වෙනුවෙන් කර තිබෙන දේවල් ගැන කල්පනා කිරීමයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු * නමැති පොත යේසුස්ගේ ජීවිත පූජාව අගය කිරීම සඳහා මිලියන ගණනක් මිනිසුන්ට උපකාරවත් වී තිබෙනවා.—මතෙව් 20:28.

එම අවස්ථාවට සූදානම් විය හැකි තවත් ආකාරයක් වන්නේ යේසුස් පොළොව මත සිටි අවසාන දින කිහිපයේදී කළ දේවල් බයිබලයෙන් කියවා බැලීමයි. ඒ සඳහා ඔබට උපකාරවත් වන වගුවක් ඉදිරි පිටු දෙකේ තිබෙනවා. යුදෙව් දිනදර්ශනයට අනුව අවසාන දින කිහිපය තුළ යේසුස් කළ දේවල් අදාළ වන්නේ වර්තමාන දිනදර්ශනයේ කුමන දිනවලටද කියා එහි පෙන්නුම් කර තිබෙනවා.

එමෙන්ම අවසාන දින කිහිපය තුළ යේසුස් කළ කී දේවල් සුවිශේෂ පොත්වල සඳහන් වන ස්ථානද එහි පෙන්වා තිබෙනවා. ඒ තොරතුරු සවිස්තරාත්මකව සඳහන් වෙන්නේ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා * නමැති පොතේ කුමන පරිච්ඡේදවලද කියාත් එහි පෙන්නුම් කරනවා. එම වගුවේ සඳහන් තොරතුරු සලකා බැලීමෙන් වසරේ වැදගත්ම අවස්ථාවට හොඳින් සූදානම් වීමට ඔබට හැකියි.

[පාදසටහන්වල]

^ 11 ඡේ. ඊශ්‍රායෙල්වරුන් පාස්කුව සැමරුවේ නීසාන් මස 14වෙනිදා කියා අද දින සිටින යුදෙව් ජාතිකයන් පිළිගන්නේ නැහැ. ඔවුන් එය සමරන්නේ නීසාන් මස 15වෙනි දිනයෙයි. ඔවුන් එසේ කරන්නේ පාස්කුව සමරන ලෙසට බයිබලයේ දී තිබෙන ආඥාව නීසාන් මස 15වෙනි දිනයට අදාළයි කියා ඔවුන් සිතන නිසයි. (නික්මයාම 12:6) (වර්ෂ 1990 පෙබරවාරි 15 මුරටැඹ සඟරාවේ 14වෙනි පිටුව බලන්න, සිංහලෙන් නැත.) නමුත් බයිබලයේ සඳහන් ඒ ආඥාව නිවැරදිව තේරුම්ගත් යේසුස්, පාස්කුව සැමරුවේ නීසාන් මස 14වෙනිදායි. එම දිනය නිවැරදිව ගණනය කරන ආකාරය ගැන දැනගැනීමට වර්ෂ 1977 ජූනි 15 මුරටැඹ සඟරාවේ 383 සිට 384 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

^ 14 ඡේ. එම පොතේ 47 සිට 56 දක්වා පිටු සහ 206 සිට 208 දක්වා පිටු බලන්න. www.watchtower.org යන වෙබ් අඩවියෙන්ද ඔබට එම පොත කියවිය හැකියි.

^ 16 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යේසුස්ගේ මරණය සිහි කිරීම 2011 අප්‍රියෙල් 17වෙනි ඉරිදා

[23, 24වන පිටුවල වගුව⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

අවසන් සතිය

2011 අප්‍රියෙල් 12, අඟහරුවාදා

▪ සබත

යොහන් 11:55–12:1

gt 101 පරි. 2-4 ඡේද *

නීසාන් 9 (හිරු බැස යෑමෙන් පසුව ඇරඹෙයි)

ඊශ්‍රායෙල්වරුන්ට නව දවසක් උදා වුණේ හිරු බැස යෑමෙන් පසුව වූ අතර ඊළඟ දින හිරු බැස යෑමත් සමඟ එම දවස අවසන් වුණා

▪ ලාදුරු රෝගියෙක් වූ සීමොන්ගේ නිවසේ කෑම වේලක් ගනියි

▪ මරියා මිල අධික තෙලක් යේසුස්ට ආලේප කරයි

▪ යේසුස්ව සහ ලාසරුස්ව හමු වීමට යුදෙව්වන් පැමිණෙයි

මතෙව් 26:6-13

මාක් 14:3-9

යොහන් 12:2-11

gt 101 පරි. 5-9 ඡේද

2011 අප්‍රියෙල් 13, බදාදා

▪ ප්‍රීති ඝෝෂා හඬ මැද යේසුස් යෙරුසලමට ඇතුල් වෙයි

▪ දෙවිගේ මාලිගාවේදී උගන්වයි

මතෙව් 21:1-11, 14-17

මාක් 11:1-11

ලූක් 19:29-44

යොහන් 12:12-19

gt 102 පරි.

නීසාන් 10 (හිරු බැස යෑමෙන් පසුව ඇරඹෙයි)

▪ බෙතානියේ රාත්‍රිය ගත කරයි

2011 අප්‍රියෙල් 14, බ්‍රහස්පතින්දා

▪ හිමිදිරි උදෑසනින්ම යෙරුසලම බලා පිටත් වෙයි

▪ දේවමාලිගාවේ වෙළඳාම් කළ අයව එළවා දමයි

▪ යෙහෝවා දෙවිගේ හඬ ඇසෙයි

මතෙව් 21:12, 13, 18, 19

මාක් 11:12-19

ලූක් 19:45-48

යොහන් 12:20-50

gt 103 සහ 104 පරි.

නීසාන් 11 (හිරු බැස යෑමෙන් පසුව ඇරඹෙයි)

2011 අප්‍රියෙල් 15, සිකුරාදා

▪ උපමා යොදාගෙන දේවමාලිගාවේදී උගන්වයි

▪ පරිසිවරුන්ව හෙළාදකියි

▪ වැන්දඹුව කළ පරිත්‍යාගය අගය කරයි

▪ යෙරුසලම විනාශ වන බව පවසයි

▪ මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයට අදාළ ලකුණ ගැන පවසයි

මතෙව් 21:19–25:46

මාක් 11:20–13:37

ලූක් 20:1–21:38

gt 105–112 පරි. 1 ඡේද

නීසාන් 12 (හිරු බැස යෑමෙන් පසුව ඇරඹෙයි)

2011 අප්‍රියෙල් 16, සෙනසුරාදා

▪ යේසුස් ගෝලයන් සමඟ බෙතානියේ සිටියි

▪ යේසුස්ව පාවා දීමට යූදස් සැලසුම් යොදයි

මතෙව් 26:1-5, 14-16

මාක් 14:1, 2, 10, 11

ලූක් 22:1-6

gt 112 පරි. 2-4 ඡේද

නීසාන් 13 (හිරු බැස යෑමෙන් පසුව ඇරඹෙයි)

2011 අප්‍රියෙල් 17, ඉරිදා

▪ පේතෘස් සහ යොහන් පාස්කුවට සූදානම් වෙයි

▪ සවස් යාමයේදී යේසුස් සහ ගෝලයන් දසදෙනා පාස්කුව පවත්වන ස්ථානයට පැමිණෙයි

මතෙව් 26: 17-19

මාක් 14:12-16

ලූක් 22:7-13

gt 112 පරි. 5 ඡේද 113 පරි. 1 ඡේද

නීසාන් 14 (හිරු බැස යෑමෙන් පසුව ඇරඹෙයි)

▪ පාස්කුව සමරයි

▪ ගෝලයන්ගේ පාද සෝදයි

▪ යූදස්ව පිටත් කර හරියි

▪ යේසුස් තම මරණය සිහි කිරීම හඳුන්වා දෙයි

මතෙව් 26:20-35

මාක් 14:17-31

ලූක් 22:14-38

යොහන් 13:1–17:26

gt 113 පරි. 2 ඡේද–116 පරි. අවසානය

මධ්‍යම රාත්‍රිය

2011 අප්‍රියෙල් 18, සඳුදා

▪ ගෙත්සෙමනය නම් ස්ථානයේදී යේසුස්ව පාවා දී අත්අඩංගුවට ගනියි

▪ ගෝලයන් පලා යයි

▪ නායක පූජකයෝ සහ මුළු මන්ත්‍රණ සභාවම යේසුස්ට විරුද්ධව සාක්ෂි සොයයි

▪ යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසයි

මතෙව් 26:36-75

මාක් 14:32-72

ලූක් 22:39-62

යොහන් 18:1-27

gt 117 පරි.–120 පරි. අවසානය

▪ මන්ත්‍රණ සභාව ඉදිරියේ යළි පෙනී සිටියි

▪ පිලාත් වෙතටත් හෙරොද් වෙතටත් පසුව යළි පිලාත් වෙතටත් ගෙන යයි

▪ කණුවක ඇණ ගසා මරා දැමීමට නියම කරයි

▪ පස්වරු තුනට පමණ මිය යයි

▪ යේසුස්ව තැන්පත් කරයි

මතෙව් 27:1-61

මාක් 15:1-47

ලූක් 22:63–23:56

යොහන් 18:28-19:42

gt 121 පරි.–127 පරි. 7 ඡේද

නීසාන් 15 (හිරු බැස යෑමෙන් පසුව ඇරඹෙයි)

▪ සබත

2011 අප්‍රියෙල් 19, අඟහරුවාදා

▪ සොහොන් ගෙය මුර කිරීමට පිලාත් අවසර දෙයි

මතෙව් 27:62-66

gt 127 පරි. 8-9 ඡේද

නීසාන් 16 (හිරු බැස යෑමෙන් පසුව ඇරඹෙයි)

මාක් 16:1

2011 අප්‍රියෙල් 20, බදාදා

▪ නැවත නැඟිටියි

▪ ගෝලයන්ව හමු වෙයි

මතෙව් 28:1-15

මාක් 16:2-8

ලූක් 24:1-49

යොහන් 20:1-25

gt 127 පරි. 10 ඡේද–129 පරි. 10 ඡේද

[පාදසටහන]

^ 29 ඡේ. මෙහි gt ලෙස යොමු දක්වා තිබෙන්නේ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොතටයි. පරි. යන කෙටි යෙදුමෙන් අදහස් වෙන්නේ පරිච්ඡේදය යන්නයි. පොළොව මත සිටි අවසාන දවස් කිහිපය තුළ යේසුස්ගේ ක්‍රියාකාරකම් ගැන බයිබලයේ සඳහන් තොරතුරු ඇතුළත් වගුවක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන “මුළු ශුද්ධ ලියවිල්ල” විශ්වාසවන්තය, ප්‍රයෝජනවත්ය යන පොතේ පාඩම් අංක 3වන කොටසේ 15 සහ 16 පිටුවල තිබෙනවා.