Skip to content

පටුනට යන්න

1. භූමිකම්පා

1. භූමිකම්පා

1. භූමිකම්පා

‘මහත් භූමිකම්පා ඇති වෙයි.’—ලූක් 21:11.

● හයිටිවල සිදු වූ භූමිකම්පාව ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍ය වාර්තාකරුවන්ට සුන්බුන් අතර සිර වී සිටි අවුරුදු එකහමාරක් පමණ වයසැති දැරියකගේ කෙඳිරිලි හඬ ඇසුණා. ඔවුන් ඇයව බේරාගත්තත් ඇගේ දෙමාපියන් භූමිකම්පාවෙන් මිය ගොස් තිබුණා.

දත්තවලින් හෙළි වන්නේ කුමක්ද? වර්ෂ 2010 ජනවාරි මාසයේ හයිටිවල සිදු වූ රික්ටර් මාපක 7.0ක භූමිකම්පාවෙන් 3,00,000කට පමණ ජීවිත අහිමි වූ අතර තවත් මිලියන 1.3කට උන් හිටි තැන් අහිමි වුණා. නමුත් එය දුර්ලභ සිදුවීමක් නොවෙයි. වර්ෂ 2009 අප්‍රියෙල් සිට 2010 අප්‍රියෙල් දක්වා කාලය තුළ ලොව පුරා ප්‍රබල භූමිකම්පා 18ක් පමණ සිදු වී තිබෙනවා.

පොදු මතය කුමක්ද? භූමිකම්පාවල වැඩි වීමක් සිදු වෙලා නැහැ. ඒත් තාක්ෂණය දියුණු නිසා ඉස්සර කාලේ හිටිය අයට වඩා දැන් ඉන්න අයට භූමිකම්පා ගැන අහන්න ලැබෙනවා.

එම මතය පිළිගත හැකිද? අවසාන කාලයේ කොතරම් භූමිකම්පා සංඛ්‍යාවක් සිදු වෙයිද කියා බයිබලයේ සඳහන් වී නැහැ. නමුත් “එක් තැනක් පාසා තවත් තැනක” “මහත් භූමිකම්පා” ඇති වෙයි කියා එහි සඳහන් වෙනවා. එය මේ අවසාන කාලයටම ආවේණික සුවිශේෂී ලක්ෂණයක්.—මාක් 13:8; ලූක් 21:11.

ඔබ සිතන්නේ කුමක්ද? බයිබලයේ සඳහන් වන ආකාරයට අද දින මහත් භූමිකම්පා සිදු වන බව අපට පෙනෙන්න තිබෙනවාද?

මහත් භූමිකම්පා සිදු වීම අප අවසාන කාලයේ ජීවත් වන බවට තිබෙන එක සාක්ෂියක් පමණයි. ඒ හා සමාන තවත් අනාවැකියක් ගැනත් සලකා බලන්න.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“අපි ඒවා හඳුන්වන්නේ ප්‍රබල භූමිකම්පා ලෙසයි. ඒත් සාමාන්‍යයෙන් අනිත් මිනිසුන්ට එය විනාශකාරී දෙයක්.”—භූ භෞතික විද්‍යාඥ කෙන් හඩ්නට්, එක්සත් ජනපදයේ භූගෝලීය සමීක්ෂණ ආයතනය.

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© William Daniels/​Panos Pictures