Skip to content

පටුනට යන්න

5. පොළොව විනාශ කිරීම

5. පොළොව විනාශ කිරීම

5. පොළොව විනාශ කිරීම

‘පොළොව විනාශ කර දමන අයව [දෙවි] විනාශ කර දමනවා.’—එළිදරව් 11:18.

● නයිජීරියාවේ එක් ගම්මානයක ජීවත් වන පිරී මහතා නයිජර් බොක්කේ සිදු වූ දැවැන්ත තෙල් කාන්දුව ගැන මෙසේ පැවසුවා. “මේ විනාශයෙන් අපේ මාළු මැරිලා යනවා. අපේ හමටත් හානි වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ගංගාවන් පවා විනාශ වෙලා යනවා. දැන් මට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ.”

දත්තවලින් හෙළි වන්නේ කුමක්ද? වාර්ෂිකව අපද්‍රව්‍ය ටොන් මිලියන 6.5ක් සාගරවලට මුදාහරින බව ඇතැම් ප්‍රවීණයන් පවසනවා. ඉන් සියයට 50ක්ම ප්ලාස්ටික්. ඒවා දිරාපත් වෙන්න වසර සිය ගණනක් ගත වෙනවා. පොළොව දූෂණය කරනවාට අමතරව පොළොවේ ස්වාභාවික සම්පත් අධික ලෙස භාවිතයට ගැනීමත් විශාල තර්ජනයක් වී තිබෙනවා. පර්යේෂණවලින් අනාවරණය වී තිබෙන්නේ මිනිසුන් වර්ෂයක් තුළ භාවිතයට ගන්නා ස්වාභාවික සම්පත් නැවත නිෂ්පාදනය කිරීමට පෘථිවියට වර්ෂ එකහමාරක් පමණ ගත වෙන බවයි. “පරිසර දූෂණය සහ ස්වාභාවික සම්පත් අධික ලෙස භාවිතයට ගැනීම දිගටම සිදු වුණොත් වර්ෂ 2035 වන විට මිනිසුන්ට තවත් පෘථිවියක් අවශ්‍ය වෙයි” කියා ඕස්ට්‍රේලියානු පුවත්පතක සඳහන් වුණා.—Sydney Morning Herald.

පොදු මතය කුමක්ද? මිනිසුන් බුද්ධිමත් නිසා පොළොවට සිදු කරන හානිය වළක්වන්න ඔවුන්ට හැකියාව තිබෙනවා.

එම මතය පිළිගත හැකිද? ඇතැම් පුද්ගලයන් හා සංවිධාන පොළොවට සිදු වන හානිය ගැන මිනිසුන්ට අනතුරු අඟවනවා. නමුත් මේ දක්වාම පොළොව මහා පරිමාණයෙන් විනාශයට පත් වෙනවා.

ඔබ සිතන්නේ කුමක්ද? පොළොවට සිදු වන හානිය වළක්වන්න දෙවි මැදිහත් විය යුතුද?

අපි මෙතෙක් සලකා බැලූ අනාවැකි පහට අමතරව අවසාන කාලයේදී ඉටු වීමට නියමිත ප්‍රීතිමත් අනාවැකියක් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. ඒ අනාවැකිය කුමක්ද?

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මට දැනෙන්නේ මම පාරාදීසයක ඉඳලා විෂ සහිත කැළි කසළ ගොඩකට ඇවිත් ඉන්නවා වගෙයි.”—එරින් ටැම්බර්, වර්ෂ 2010දී මෙක්සිකෝ බොක්කේ සිදු වූ තෙල් කාන්දුව පිළිබඳව අදහස් දැක්වූ එක්සත් ජනපදයේ වෙරළාශ්‍රිත පදිංචි කාන්තාවක්.

[8වන පිටුවේ කොටුව]

වග කිව යුත්තේ දෙවියන්ද?

වර්තමානයේ සිදු වන නරක දේවල් ගැන බයිබලයේ කලින්ම සඳහන් කර තිබූ නිසා අද සිදු වන දුෂ්ටකම්වලට වග කිව යුත්තේ දෙවියන්ද? දුක් වේදනා ඇති කරන්නේ දෙවියන්ද? එම ප්‍රශ්නවලට පිළිතුරු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 11වන පරිච්ඡේදයෙන් දැනගත හැකියි.

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

U.S. Coast Guard photo