Skip to content

පටුනට යන්න

අලුත් හෙටක්!

අලුත් හෙටක්!

අලුත් හෙටක්!

‘තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.’ —ගීතාවලිය 37:10, 11.

හත සඳහන් අනාවැකිය ඉටු වෙනවා දකින්න ඔබ කැමතිද? එම අනාවැකිය ඉදිරියේදී ඉටු වෙනවා කියා විශ්වාස කිරීමට හොඳ හේතු තිබෙනවා.

අපි දැන් ජීවත් වන්නේ “අවසාන කාලයේ” කියා පෙන්නුම් කරන බයිබලයේ සඳහන් අනාවැකි පිළිබඳව මේ ලිපි මාලාවෙන් සලකා බැලුවා. (2 තිමෝති 3:1-5) දෙවි ඒ විස්තර බයිබලයට ඇතුළත් කර තිබෙන්නේ අපට අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ලබා දීමටයි. (රෝම 15:4) එම අනාවැකි ඉටු වීමෙන් පැහැදිලි වන්නේ මේ දුෂ්ට සමාජය විනාශ වන දවස වැඩි ඈතක නොවන බවයි.

ඒ විනාශයෙන් පසුව සිදු වන්නේ කුමක්ද? දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කිරීමට පටන්ගන්නවා. (මතෙව් 6:9) එදාට පොළොවේ තිබෙන්න යන තත්වය සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් තොරතුරු ස්වල්පයක් සලකා බලන්න.

කිසිවෙක් කුසගින්නේ සිටින්නේ නැහැ. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.

ලෙඩ රෝග නැහැ. “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.

පොළොව පාරාදීසයක් බවට පත් වෙනවා. “වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය කෙතේ මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.”—යෙසායා 35:1.

ඉහත සඳහන් වන්නේ අනාගතයේදී ඉටු වීමට නියමිත සතුටුදායක අනාවැකි අතරින් ස්වල්පයක් පමණයි. මිනිස් වර්ගයාට ප්‍රීතිමත් අනාගතයක් උදා වෙන බවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තදින්ම විශ්වාස කරන්නේ ඇයි කියා දැනගැනීමට ඔබ කැමතිද? එසේනම් ඔවුන්ව හමු වී ඒ පිළිබඳව දැනගන්න කියා අපි ඔබට උනන්දු කරන්න කැමතියි.