Skip to content

පටුනට යන්න

ඔබත් රැවටිලාද?

ඔබත් රැවටිලාද?

ඔබත් රැවටිලාද?

ඔබ බොහෝ සේ විශ්වාස කළ කෙනෙක් ඔබට බොරුවක් කියා තිබෙනවා කියා දැනගන්නට ලැබුණොත් ඔබට මහත් වේදනාවක් දැනෙයි. ඔබට ලැජ්ජාවක්, කෝපයක් ඇති වෙයි. බොරුව නිසා මිතුදම් විනාශ වෙනවා. විවාහයන් දෙකඩ වෙනවා. මූල්‍යමය අතින් විශාල පාඩු විඳින්න සිදු වෙනවා.

දෙවි ගැන ඔබට උගන්වා තිබෙන්නේ අසත්‍ය තොරතුරු බව දැනගන්නට ලැබුණොත් ඔබට කෙසේ හැඟෙයිද? ඔබ දෙවිට ළැදි කෙනෙක් නම් ඔබට දැනෙන වේදනාව බොහෝ සෙයින් වැඩි විය හැකියි. එවැනි වේදනාවක් දැනුණු පුද්ගලයන් දෙදෙනෙක් මෙසේ පැවසුවා.

● “දෙවි ගැන බොරු කියලා මාව රවට්ටලා කියලා මට හිතුණා.”—ඩිඈන්

● “මට හරියට තරහ ගියා. මගේ බලාපොරොත්තු හා ඉලක්කවලින් දැන් කිසිම තේරුමක් නැහැ. මොකද මාව නොමඟ යවලා කියලා මට තේරුණා.”—ලුයිස්

සමහරවිට දෙවි ගැන ඔබට උගන්වා තිබෙන්නේ බොරු කියා සිතන්නවත් ඔබ කැමති වෙන එකක් නැහැ. ඔබ විශ්වාසය තැබූ සහ ඔබව නොමඟ යවයි කියා ඔබ කවදාවත් නොසිතන ඔබේ දෙමාපියන්, ආගමික නායකයන් හෝ ඔබේ කිට්ටු මිතුරන් වැනි අයගෙන් ඔබ දෙවි ගැන ඉගෙනගන්න ඇති. ඒ කෙසේවෙතත් යම් අදහසක් බොහෝදෙනා පිළිගන්න නිසා හෝ එය ප්‍රසිද්ධ නිසා හෝ එම අදහස සත්‍යයක් කියා පැවසිය හැකිද? ඇමරිකානු ජනාධිපතිවරයෙක් වූ ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් වරක් මෙසේ පැවසුවා. “බොරුවක් නිතරම ඇසුණා කියා එය ඇත්තක් වෙන්නේ නැහැ.”

දෙවි ගැන ඔබට උගන්වා තිබෙන්නේ බොරු දේවල්ද කියා ඔබ දැනගන්නේ කොහොමද? දෙවි ගැන සත්‍ය තොරතුරු සඳහන් බයිබලය අධ්‍යයනය කිරීමෙන් ඔබට එය දැනගත හැකියි.—යොහන් 17:17.

දෙවි ගැන උගන්වා තිබෙන අසත්‍ය ඉගැන්වීම් පහක් ඊළඟ ලිපිවල සඳහන් වෙනවා. ඒ ගැන බයිබලයේ සඳහන් සත්‍ය අදහස් තේරුම්ගැනීමෙන් ඔබට සහනයක් ලබාගත හැකියි.