Skip to content

පටුනට යන්න

1 දෙවි අභිරහසක් එය සත්‍යයක්ද?

1 දෙවි අභිරහසක් එය සත්‍යයක්ද?

1 දෙවි අභිරහසක් එය සත්‍යයක්ද?

සමහරවිට ඔබ මෙසේ අසා ඇති: “දෙවි ක්‍රියා කරන ආකාරය කොහෙත්ම තේරුම්ගන්න බැහැ.”

“පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ අභිරහස් ත්‍රිත්වයක්.”

බයිබලයේ උගන්වන දේ: ‘එකම සැබෑ දෙවිව දැන හඳුනා ගන්නා’ අයට ආශීර්වාද ලැබෙන බව යේසුස් පැවසුවා. (යොහන් 17:3) නමුත් දෙවි අභිරහසක් නම් ඔහුව දැන හඳුනා ගන්නේ කොහොමද? දෙවි ඔහු ගැන තොරතුරු සඟවා තබනවා වෙනුවට ඔහුව දැන හඳුනා ගන්න කියා අපට ආරාධනා කරනවා.—යෙරෙමියා 31:34.

කෙසේවෙතත් දෙවි සම්බන්ධ සෑම තොරතුරක්ම අපට අවබෝධ කරගන්න බැහැ. ඊට හේතුව දෙවිගේ සිතුවිලි සහ ක්‍රියා අපගේ සිතුවිලි සහ ක්‍රියාවලට වඩා බොහෝ සේ උසස් වීමයි.—දේශනාකාරයා 3:11; යෙසායා 55:8, 9.

සත්‍යය දැනගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන: දෙවි අභිරහස් පුද්ගලයෙක් නම් ඔහුව දැන හඳුනා ගැනීමට උත්සාහ කිරීම නිෂ්ඵලයි. නමුත් දෙවි එවැනි කෙනෙක් නොවෙයි. ඔහුව දැන හඳුනා ගෙන ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔහු අපට අවස්ථාව දී තිබෙනවා. දෙවි තමාට කීකරුව සිටි තැනැත්තෙක් වන ආබ්‍රහම්ව “මාගේ මිතුරා” කියා හැඳින්නුවා. ‘යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇති අයට ඔහුට සමීප විය හැකියි’ කියා දාවිත් රජද පැවසුවා.—යෙසායා 41:8; ගීතාවලිය 25:14.

දෙවි සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්න බැහැ කියා ඔබත් සිතනවාද? සමහරවිට එසේ සිතනවා වෙන්න පුළුවන්. නමුත් ක්‍රියා 17:27හි ‘දෙවි අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවෙයි’ කියා සඳහන් වී තිබෙනවා. දෙවිව දැන හඳුනා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද කියා බයිබලයේ සඳහන් වෙනවා. *

දෙවිගේ නම යෙහෝවා බව බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 42:8) දෙවි මිනිසුන් සමඟ ක්‍රියා කර ඇති ආකාරය බයිබලයේ සඳහන් වී තිබෙන නිසා ඔහු මොන වගේ කෙනෙක්ද කියා අපට අවබෝධ කරගත හැකියි. වැදගත්ම දේ වන්නේ දෙවි තමා සතු ගතිලක්ෂණ එහි සඳහන් කර තිබීමයි. ඔහු ‘දයාන්විත, කරුණාවන්ත, කෝප වීමට ඉක්මන් නොවන, ඉමහත් ප්‍රේමයක් පෙන්වන සහ සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන’ කෙනෙක් බව එහි සඳහන් වෙනවා. (නික්මයාම 34:6) අප ක්‍රියා කරන ආකාරයෙන් දෙවිව සතුටට හෝ දුකට පත් කළ හැකියි. උදාහරණයකට, පුරාණයේ සිටි ඊශ්‍රායෙල්වරුන් දෙවිට අකීකරු වූ විට දෙවිගේ ‘සිත රිදුණා.’ ඒ වගේම ඔවුන් දෙවිට කීකරු වූ විට ඔහු ‘සතුටු වුණා.’—ගීතාවලිය 78:40; හිතෝපදේශ 27:11.

[පාදසටහන]

^ 7 ඡේ. දෙවි ගැන බයිබලයේ සඳහන් වී තිබෙන්නේ කුමක්ද කියා දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ පළමුවන පරිච්ඡේදය බලන්න.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි අභිරහස් ත්‍රිත්වයක් නම් ඔහුව දැන හඳුනා ගන්නේ කොහොමද?

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

The Trinity c.1500, Flemish School, (16th century)/​H. Shickman Gallery, New York, USA/​The Bridgeman Art Library International