Skip to content

පටුනට යන්න

2 දෙවි මිනිසුන් ගැන සැලකිලිමත් නැහැ එය සත්‍යයක්ද?

2 දෙවි මිනිසුන් ගැන සැලකිලිමත් නැහැ එය සත්‍යයක්ද?

2 දෙවි මිනිසුන් ගැන සැලකිලිමත් නැහැ එය සත්‍යයක්ද?

සමහරවිට ඔබ මෙසේ අසා ඇති: “දෙවි ඇත්තටම මිනිසුන් ගැන සැලකිලිමත් නම් ඔවුන්ව දුක් වේදනාවලින් ගලවාගන්නවා. දෙවි පොදුවේ මිනිසුන් ගැන සැලකිලිමත් වුණත් ඔහු මං ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ.”

බයිබලයේ උගන්වන දේ: දුක් වේදනා ඇති කරන්නේ යෙහෝවා දෙවි නොවෙයි. (යාකොබ් 1:13) දෙවිට පොළොවේ පවතින දුක් වේදනා ඕනෑම මොහොතක ඉවත් කිරීමට හැකියාව තිබෙනවා. නමුත් මිනිස් වර්ගයාගේ ආරම්භයේදී ඇති වූ අතිවැදගත් ප්‍රශ්න විසඳීමට නියමිත කාලය එන තුරු ඔහු බලා සිටිනවා. එය විසඳූ විගස දෙවි තම පාලනය ප්‍රතික්ෂේප කරන අය විසින් සිදු කරන සියලුම හානි, නැති කර දමා සියලුම මිනිසුන්ට යහපත් කාලයක් උදා කර දෙනවා.—උත්පත්ති 3:1-6; යෙසායා 65:17. *

දෙවි පොදුවේ මිනිසුන් ගැන සැලකිල්ලක් දක්වන අතර පෞද්ගලිකව එක් එක් කෙනා ගැනත් සැලකිල්ලක් දක්වනවා. අප එතරම් සැලකිලිමත් නොවන කාරණා ගැන පවා දෙවි සැලකිලිමත් වෙනවා. ඒ බව මතෙව් 10:29-31හි සඳහන් මේ දෙයින් පැහැදිලියි. “ගේකුරුල්ලන් දෙදෙනෙකුව විකුණන්නේ ඉතා සුළු මුදලකටයි. උන්ගෙන් එකෙක් බිමට ආවත් ඒ බව පියාණන් දන්නවා. එසේනම් ඔබ ගැන කිව හැක්කේ කුමක්ද? ඔබේ පියාණන් ඔබේ සියලුම හිසකෙස් පවා ගණන් කර තිබෙනවා. ඔබ ගේකුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා වටින්නේ නැද්ද? එමනිසා කිසිම දෙයකට බිය නොවන්න.”

සත්‍යය දැනගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන: කිසිම සැලකිල්ලක් නැති සැරපරුෂ අය සමඟ ඇසුරු කරන්න අප කිසි කෙනෙක් කැමති නැහැ. ඒ හා සමානව දෙවි මිනිසුන් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නැහැ කියා විශ්වාස කරන අයත් දෙවිව දැන හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. තවත් අය, කරකියාගත නොහැකි අවස්ථාවලදී පමණක් දෙවිට යාච්ඤා කරනවා. නමුත් යෙහෝවා දෙවි ඔබ ගැන බොහෝ සේ සැලකිලිමත් බව දැනගන්නට ලැබීමෙන් ඔහු ගැන තවදුරටත් ඉගෙනගෙන ඔහු සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔබ පෙලඹෙයි.

සමහර අවස්ථාවලදී ඔබ දෙවිට යාච්ඤා කළත් දෙවි එම යාච්ඤාවලට ඇහුම්කන් දෙනවාද කියා ඔබ කල්පනා කර ඇති. ඒ වගේම ඔහු ඔබට පිළිතුරු දෙයිද කියාත් ඔබ සිතන්න ඇති. නමුත් දෙවි ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ නිසා අප ඕනෑම මොහොතක කරන යාච්ඤාවලට ඔහු සවන් දෙන බව බයිබලයේ සහතික කරනවා.—ගීතාවලිය 65:2.

දෙවි “ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න” කියා ඔහුම ආරාධනා කර තිබෙනවා. (1 පේතෘස් 5:7) ‘යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටින බවත් තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගන්නා’ බවත් බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 34:18) ඉන් පැහැදිලි වෙන්නේ අප දුකෙන් සිටින අවස්ථාවලදී පවා දෙවි අප ගැන සැලකිලිමත් වන බව නොවෙයිද!

[පාදසටහන]

^ 3 ඡේ. දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි කියා වැඩි විස්තර දැනගැනීමට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතේ 11වෙනි පරිච්ඡේදය බලන්න.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි අප ගැන සැලකිලිමත් නැත්නම් ඔහුට යාච්ඤා කරන්න කියා ඔහු අපට පවසයිද?